ඔයාට Stephen King ගේ “IT” ෆිල්ම් දෙක මතකද? ඒවටත් වඩාත් බය හිතෙන කොටසක් තමයි මේ “Welcome to Derry” කියන අලුත් TV series එක. මේක HBO Max එකේ ඔක්තෝබර් 26, 2025 දින විකාශය වෙන්න පටන් ගත්තා.

 

මේකේ පෙන්වන්නේ 1962 වසරේ Derry නගරේ වෙච්ච ඛේදනීය කතාව. Pennywise කියන බය හිතෙන clown එක පළමු වතාවට නගරයට එන හැටි සහ එයාගේ origin story එක මේකෙන් දැකගන්න පුළුවන්. IT චිත්‍රපට වල කතාවට වඩා මීට අවුරුදු කීපයකට කලින් මේ කතාව වෙනවා.

Andy Muschietti (IT ෆිල්ම් දෙක direct කළ අය) සහ ඔහුගේ සහෝදරිය Barbara Muschietti executive producers ලෙස මේ series එක production කරනවා. ඔවුන් කියන්නේ මේ series එකේ Derry නගරේ අඳුරු රහස් හෙලි කරන බව සහ Pennywise ගේ සම්පූර්ණ කතාව පෙන්වනවා කියලා .

“Welcome to Derry” කියන මේ series එක psychological horror සහ mystery drama එකට එකතු වෙලා තියෙන බය සහ suspense වලින් පිරුණු එකක්. Episode 8ක් තියෙනවා, සතිපතා එකක් බලන්න පුළුවන්. අවසාන episode එක දෙසැම්බර් 14 දින විකාශ වෙනවා.

Reviews වලට අනුව Rotten Tomatoes එකේ 76% positive ratings තියෙනවා. Horror fans ලා කියන්නේ මේක IT චිත්‍රපට වලට වඩා තවත් dark කියලා.

තවත් seasons 3ක් එන්න සැලසුම් කරලා තියෙනවා.වගේම ඒවා තව පස්සට යනවා – 1935 සහ 1908 යන කාල වලට. මේ හරහා Pennywise කෙනෙක් වුණේ කොහොමද, Derry නගරය කොහොමද මේ වගේ බයානක තැනක් වුණේ කියන සම්පූර්ණ කතාව පෙන්වන්න හදනවා.
අවසාන වශයෙන්……..

Pennywise ගේ origin story එක ගැන දැනගන්න කැමති අයට, Stephen King ගේ කතා වලට කැමති අයට, හෝ හොඳ horror series එකක් බලන්න කැමති ඕනෑම කෙනෙකුට මේක miss කරන්න බෑ!

සංක්ෂිප්තව කිව්වොත් — මේක IT ලෝකේ අලුත් ගැම්මක්, නමුත් බයත් හුඟක් වැඩියි!

Comments

November 4, 2025

thanks bro

November 4, 2025

November 11, 2025

Supiri

December 5, 2025

Thank you❤️❤️❤️

December 9, 2025

Tnx Brother..

December 11, 2025

Episode 4 අන්තිම ටිකේ Sub නැහැනෙ.!හොදම ටික🥹🥲

December 18, 2025

Episode 8 දෙන්නකො ඉක්මනටම plz

December 21, 2025

Thank you soo much.. 8th Episode ekath enakl balan innawa 💫

December 21, 2025

ko epi 8

December 21, 2025

Episode 8t oniiii

December 21, 2025

IT film eka website eke nane

January 28, 2026

🌳❤️