ඔයාල සොනික් පළමු සහ දෙවැනි සිනමාපට ද්විත්වය බලන්න ඇති නේද? එහෙනම් ඔයාලට මේ ෆිල්ම්වල තියෙන ආතල් එක අමතක වෙන්න විධියක් නැහැ. ලොකු කුඩා කාටත් පොදුවේ ජොලියේ බලන්න පුළුවන් ෆිල්ම් දෙකක් තමයි මේ ෆිල්ම් දෙක.

Knuckles [ Sinhala Subtitles
ඉතිං මේ සොනික් යුනිවර්ස් එකේ තෙවැනි සිනමාපටය 2024 වසරේ දෙසැම්බර් මාසයේ නිකුත් වෙන්න නියමිත වෙලා තියෙන අතරේ පැරමවුන්ට් + ඔස්සේ නකල්ස් කියල මිනි සිරිස් එකක් නිකුත් කරන්න තීරණය කරනවා. ඉතිං ඒ අනුව ඉතිහාසයේ පළමු වතාවට සොනික්ගේ නම නැතුව දෙවැනි සිනමාපටයේ ප්‍රතිවීර චරිතයක් සිදුකල නකල්ස්ගේ නමින් සිරිස් එකක් එනවා.

Knuckles Sinhala Subtitles
සුපුරුදු පරිදි මේ චරිතය සඳහා Idris Elba එකතු වෙනවා. මේ සිරිස් එක වෙනුවෙන් imdb වෙබ් අඩවියේ 6.8ක අගයකුත්, RT වෙබ් අඩවියේ ටෝමැටෝ මීටරය 65%ක් සහ ඕඩියන්ස් ස්කෝර් එක වශයෙන් 77%කුත් ලබාගන්න සමත් වෙනවා මේක.

ඉතිං කතාව ගැන පොඩ්ඩක් මුල පිරුවොත් මේ වෙනකොට නකල්ස් ඉන්නේ සොනික් එක්කමයි. ඒත් මේ වෙනකොට පෘථිවියට කිසිම උවදුරක් නැහැ. ඒත් නකල්ස්ගේ චරිතය මතක අයට මතක ඇතිනේ එයාගේ චරිත ස්භාවය කොහොමද කියල? නකල්ස් කියන්නේ එක විධියකට ඉන්න බැරි රණ ශුරයෙක් කියල හිතාගෙන ඉන්න කෙනෙක්. ඉතිං කතාව පටන් ගන්නේ නකල්ස් පෘථිවියේ ජිවිතයට හුරු වෙන්න දරණ උත්සාහයන්ගෙන්. ඒ විතරක් නෙමෙයි. පලවෙනි එපියේදීම අපිට බලාගන්න ලැබෙනවා අලුත් සතුරන් කවුරුන්ද කියලත්.

Comments

May 14, 2024

ithuru epi tikath ikmanata danna

June 2, 2024

ithiri ep 5,6 th ikmanata dannakoow

June 10, 2024

Episode 5,6i danne nadda

October 14, 2024

Where are the 5 and 6 episodes