CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට
Marvel’s Daredevil (2015) TV Series | Season 01-03 | Complete

Marvel’s Daredevil (2015) TV Series | Season 01-03 | Complete

Apr. 10, 2015
Your rating: 0
7.8 4 votes

TV Series Info

 

Season 01

අපේ කොමික් ලෝලීන් නම් ඉතින් ඩෙයාඩෙවිල් ගැන නොදන්නා විදිහක් නෑනේ.  ඩෙයාඩෙවිල් කියන්නේ මාවල් කොමික්වල ඉතාමත් ප්‍රබල චරිතයක්. මේ ඩේඩෙවිල් චරිතය මුල් වරට එලියට එන්නේ වර්ෂ 1964 අප්‍රේල් මාසයේ.  ඩේඩෙවිල්ව නිර්මාණය වෙන්නේ ස්ටෑන් ලී සහ බිල් එවරට් කියන කොමික් චරිත නිර්මාණකරුවන් අතිනුයි. ස්ටෑන් ලී ව නම් කට්ටිය නොදන්න විදිහක් නෑනේ. ඉතින් මේ ඩෙයාඩෙවිල්ගේ ඇත්ත නම තමා මැතිව් මයිකල් මර්ඩොක්, එහෙමත් නැත්නම් මැට් මර්ඩොක්.  මෙතැනදී මැට් මර්ඩොක් කියන්නේ ඒක අන්වර්ථ නාමයක් විතරයි. මෙයාට අන්වර්ථ නාම තව කීපයක්ම තියෙනවා. මැට් පොඩි කාලෙදිම එයාගේ අම්මා එයාව දාලා යනවා. ඉතින් ඊට පස්සේ තාත්තා තමයි හෙල්ස් කිචන්වල ඉඳන් මෙයාව බලාගන්නේ. හැබැයි තාත්තා කවදාවත් කියන්නේ නෑ අම්මා එයාව දාලා ගියා කියලා. එයා කියන්නේ අම්මා මැරුණා කියලයි. තාත්තා නමින් ජොනතන් “බැට්ලින් ජැක්” මර්ඩොක් හෙවත් ජැක් මර්ඩොක්. බොක්සිං ක්‍රීඩකයෙක්. තාත්තාට ඕන වුනේ මේ මැට්ව ඔහුට වඩා සාර්ථක පුද්ගලයෙක් කරන්න. ඉතින් ජැක් උත්සාහා කරේ මේ මැට්ව නිතරම වාගේ ඉගෙනුම පැත්තට යොමු කරන්නයි. ජැක් බලාපොරොත්තු වුනේ එයාගේ පුතා කවදා හරි දවසක් එයා වගේ නූගත් පුද්ගලයෙක් නොවී වෛද්‍යවරයෙක් හෝ නීතිඥයෙක් වෙයි කියලයි. ඉතින් මේ නිසා ඒ අහළ පහළ ඉන්න ළමයි මැට්ට විහිලුවටත් එක්ක ඩෙයාඩෙවිල් කියන්න ගත්තා. ඉතින් මේ දුක නැතිකරගන්නත් එක්ක මැට් කලේ හොරෙන්ම ගිහිල්ලා තාත්තාගේ ජිම් එකට වෙලා පුහුණුවීම වල නිරත වෙච්ච එකයි. ඉතින් දවසක් මේ මැට් දැක්කා වේගෙන් එන ට්‍රක් එක දිහාවට වයසක මනුස්සයෙක් ඇවිදගෙන එනවා. ඉතින් මෙයා මේ වයසක මනුස්සයාව බේරගන්න උත්සාහා කරනවා. එතනදී මේ ට්‍රක් එකේ තිබිච්ච විකිරණශීලී රසායනික ද්‍රව්‍යයක් මෙයාගේ ඇස් වලට ඉහෙනවා. ඒ නිසා මැට්ගේ පෙනීම සදහටම නැතිවෙලා යනවා.

හැබැයි 2003 ආපු ඩෙයාඩෙවිල් ෆිල්ම් එකේ නම්( මේ සිනමාපටයේදී ඩෙයාඩෙවිල් විදිහට රඟපාන්නේ 2016 වසරේ එන්න තියෙන BvS සිනමාපටයේ බැට් මෑන් විදිහට රංගනයෙන් දායක වෙන බෙන් ඇෆ්ලෙක්ට් කියන රංගදරයායි.) මේ අනතුර වෙන්නේ වෙනස් විදිහකට කියලා බලපු අය දන්නවා ඇතිනේ. ඒ මැට් ගේ තාත්තා වැඩකරන තැනට මැට් ගෙ විභාග ප්‍රතිපල පෙන්නන්න ගියාම එයා මාසගානක ඉඳලා එතන වැඩ නෑ කියන එක දැනගෙන දුකින් ගෙදර එන අතර මගදිනේ. එතැනදී එයා දකිනවා තාත්තා මනුස්සයෙක් එක්ක රණ්ඩු වෙනවා. එයාගේ තාත්තා එහෙම කෙනෙක් නෙව් නිසා එයාට ඒක දරාගන්න බැරුව එතනින් දුවලා යන අතර තුරේදී තමා මේ අනතුර වෙන්නේ. ඉතින් මේ අනතුර නිසා මැට් ගෙ පෙනීම සම්පූර්ණයෙන්ම නැතිවෙලා යනවා කියලා මම කිවුවනේ. නමුත් මැට්ට රෝහලේදී ආයෙත් සිහිය එනකොට මැට්ට තේරෙනවා එයාගේ ශ්‍රවන හැකියාව, ස්පර්ෂයෙන් යමක් හඳුනාගැනීමේ හැකියාව සාමාන්‍ය මිනිසෙකුගේ මට්ටමට වඩා ඉතාමත්ම ඉහල මට්ටමකට වර්ධනය වෙලා කියලා. මේ ස්පර්ශන හැකියාවෙන් තමා ඉස්සරහට මැට් තමාගේ කියවීම් කටයුතු කරගන්නේ. ඇස් පෙන්නේ නැති නිසා. මීට අමතරව ඔහුට රේඩාර් සන්නිවේදන හැකියාවක්ද මේ අනතුරෙන් මූණට විසිවෙච්ච රසායනික ද්‍රව්‍යය නිසා ලැබිලා තියෙනවා. ඒ කියන්නේ මෙයාගේ කනට ඇහෙන ශබ්ධ ආධාරයෙන් මෙයාට පුළුවන් එයා අවට තියෙන වස්තූන්ගේ රූප හා හැඩය මනසින් මවාගන්න. ඉතින් මෙයා ඉස්සරහට නීතීඥයෙක් විදිහට වැඩ කරද්දි මිනිස්සු ඇත්ත කියනවද කියලා බලන්නත් මේ රේඩාර් හැකියාව පාවිච්චි කරනවා. බොරු කියනකොට හදවතේ හාට් බීට් එක වෙනස් වෙනවනේ. අන්න ඒ වෙනස් වෙන රේට් එක බලන්න තමා  මෙයා මේ බලය පාවිච්චි කරන්නේ…

ඉතින් මාස කීපයකට පස්සේ මෙයාට ස්ටික් කියන නින්ජා ගුරුවරයාගෙන් එයාගේ හැකියාවන් පාලනය කරගන්න පුහුණුවක් ලැබෙනවා. මේ අතරතුරේ ෆ්ලෙක්ස් කියන තරඟ අනුග්‍රාහකයා විසින් පොඩි ආරවුලක් නිසා මැට් ගෙ තාත්තව වෙඩි තියලා මරනවා. පස්සේ මැට් මේ ෆ්ලෙක්ස්ව හොයාගෙන යනවා. පස්සේ මේ මැට් තාත්තගේ පලිය ගන්න කරන ක්‍රියාවන් ගැන එයාම බයට පත්වෙලා ආපහු මාස්ටර් ස්ටික්ව හොයාගෙන යනවා. නමුත් මාස්ටර් ස්ටික් මැට් මේ කරපුදේවල් නිසා එයාව ආපහු බාරගන්නේ නෑ. ඊට පස්සේ මැට් දිගටම එයාගේ අධයාපන කටයුතු කරගෙන ගිහිල්ලා කොලොම්බියා නීති විද්‍යාලයට ඇතුලත් වෙනවා. එතැනදී තමයි මෙයා ඉලෙක්ට්‍රා නැචියොස් එක්ක ප්‍රේම සම්බන්ධයක් ඇති කරගන්නේ. මං මෙතනදී ඉලෙක්ට්‍රා ගැන නොකියා ඉන්නම්. මාවල් අය නම් ඉලෙක්ට්‍රා කවුද කියලා දන්නවා ඇතිනේ. පස්සේ දවසක එයා ගැන කියන්නම්. ඉතින් පස්සේ මෙයා මෙයාගේ නීති උපාධිය අරගෙන නීතීඥයෙක් විදිහට රැකියාවට එලබෙනවා. ඉති මෙයා ආයෙමත් එයා හැදී වැඩිච්ච කිචන්ස් හෙල්වලට එනවා. ඊට පස්සේ තමා මෙයා ඩෙයාඩෙවිල් නමින් වැඩ පටන් ගන්නේ. මුලින්ම මෙයාගේ ඇඳුම කහ පාටයි කලුපාටයි මිශ්‍ර වෙච්ච ඇඳුමක්. ඒක හදාගන්නේ එයාගේ තාත්තා බොක්සිං වලට පාවිච්චි කරපු ඇඳුම් පාවිච්චි කරලා. පස්සේ තමා ඉතින් අඳුරු රතුපාට ඇඳුමට බහින්නේ. ඉතින් දැනට මේ ඇති කියලා හිතනවා. :v :v කියනවා නම් තවත් තියේ… :3 ඕක තමයි ඉතින් සරලවම ඩෙයාඩෙවිල් කොමික් චරිතයේ බිහිවීම. මෙයා ඉතින් ශීල්ඩ් ( S.H.I.E.L.D.) එකත් එක්කත් වැඩ කරලා තියෙනවා.  😉 චරිතය ගැන මම කියපුවාගේ  අඩුපාඩු තියේ නම් පෙන්නලා දෙන්න කියලත් ඉල්ලනවා… 😀 හරි එහෙනම් අපි හැරෙමුකො දැන් මේ ඩෙයාඩෙවිල් ටීවී සීරියස් එක දිහාවට. අද කතාවේ නම Into The Ring (ඉන් ටු ද රින්).

කතාවේ ප්‍රධාන චරිතය වෙන මැට් මර්ඩොක් (Matt Murdock), නැත්නම් ඩයාඩෙවිල් (Daredevil) විදිහට චාලි කොක්ස් (Charlie Cox) ද, මැට්ගේ ලේකම් වෙන කැරන් පේජ් (Karen Page) විදිහට ඩෙබොරා ඈන් වොල් (Deborah Ann Woll)ද, මැට්ගේ ළඟම යාළුවා වෙන ෆොගී නෙල්සන් (Foggy Nelson) විදිහට එල්ඩන් හෙන්සන් (Elden Henson )ද, විල්සන් ෆික් එහෙමත් නැත්නම් කින්පින් ( Wilson Fisk / Kingpin) විදිහට වින්සන්ට් ඩිනොෆ්රියෝ (Vincent D’Onofrio) ද, ක්ලෙයා ටෙම්ප්ල් (Claire Temple) විදිහට රොසාරියෝ ඩෝසන් (Rosario Dawson) ද අපිට මේ කතා මාලාව හරහා දැකගන්න පුළුවන්.

 

Season 02

අතිශය විචාරක පැසසුමට වගේම ප්‍රේක්ෂක පැසසුමට ලක්වුණා ඩෙයාඩෙවිල් කතා මාලාවේ දෙවැනි කතා සමය අරගෙන එන්නයි මේ සුදානම. පසුගිය කතා සමය අවසාන වුනේ අසාධාරණය දැක දැක ඉන්න බැරි වුන හෙල්ස් කිචන් හි අන්ධ නීතිඥයා නගරයම තමන්ගේ යටතට ගන්න උත්සාහ කල විල්සන් ෆිස්ක් පරාජය කිරීමෙන්. අවසාන කොටසේ ඔහු ලබාගත් ඩෙයාඩෙවිල් ඇඳුම එහෙම මේ කතා සමයේ හොඳ හැටි දැකගන්න ලැබේවි.

මේ කතා සමය විශේෂ වෙන්නේ මෙවර ඩෙයාඩෙවිල් කතා මාලාවට තවත් චරිත එක්කාසු වීම නිසාවෙන්, ඒ අතරින් ප්‍රධානම පුද්ගලයා තමයි ෆ්‍රෑන්ක් (Jon Bernthal). හැමෝම දන්නා හැටියට කියනවා නම් පනිෂර්, කොමික් පොත් අනුව නම් ඔහු හිටපු හමුදා නිලධාරියෙක් නිව්යෝක් සෙන්ට්‍රල් පාක් හි සිදුවන මාෆියා වෙඩි තැබීමකට මදි වෙන ඔහුගේ බිරිද හා දුවනියගේ මරණයන් එකක් ෆ්‍රෑන්ක් තනිවම මාෆියාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරනවා. අපි හැමෝම දන්නා වීරයා වගේ නෙමෙයි ඔහු භාවිතා කරන්නේ ස්වයංක්‍රීය ගිනි අවි, බෝම්බ වගේ මාරාන්තික උපකරණ මේ නිසාවෙන් තමයි ලොකු ලොකු හැලහැප්පීම් මේ කතා සමය එකක් අපිට බලාගන්න හැකි වෙන්නේ, මේ මම දැන් කිව උප්පත්ති කතාව කොහොම වෙනස් කරලද කියලා නම් මමත් තවම දන්නේ නැහැ කතාව ඇතුලේ. ඒ වගේම අනික් එන ප්‍රධාන චරිතයක් තමයි ඉලෙක්ට්‍රා. ඇය ගැන නම් මම දැන් කියන්න යන්නේ නැහැ ඒ කොටස ආවහම ඒ උපසිරැසකරුවා ඇය ගැන කියා දේවි. හැබැයි මම මෙහෙම කියන්නම් “මතක ද අර විශ්ව විද්‍යාල කාලයේ පිස්සුවෙන් වගේ ආදරය කල ග්‍රීක් කෙල්ලේ?” ඕක මතක පිරිසට පොඩි අවබෝධයක් ලැබෙයි. මුල් කතා සමයේ ෆෝගී ඔහොම කියනවා ඉතින්.

අද කතාව ආරම්භ වෙන්නේ රැස්වීමකින් ඒ වෙන කවුරුවත් නෙමෙයි අයර්ලන්ත මාෆියාව මෙයාලගේ අරමුණ වෙන්නේ විල්සන් පරාජයෙන් පුරප්පාඩු වුන පාතාල ලෝකයේ රජ පුටුව තමුන් සතු කරගන්න. හැබැයි ඉතින් මේ වැඩේට හරස් වෙනවා දන්නා කෙනෙක්… මර්ඩොක් හා නෙල්සන් බංකොලොත් වෙලා ඒ ගැනත් දැකගන්න ලැබෙයි, ඒ වගේමයි පේජ් නෝනා බොහොම අගර දගර පානවා අපේ Dට. නමුත් අවසානයේ අපි දකිනවා සුපිරි සටනක් අපේ වීරයා හා ඔහුගේ ප්‍රතිවාදියා අතර… මොකද වෙන්නේ කියලා බලන්නකෝ එහෙනම්..

 

Season 03

අපි හැමෝම වගේ බලාගෙන හිටපු තවත්සු කතා මාලාවක් ඔන්න ඊයේ නිකුත් උනා. මාවල් කොමික් තුලින් නෙට්ෆ්ලික්ස් ආයතනය හරහා නිකුත් වූ පළමු කතා මාලාව තමයි ඩෙයාඩෙවිල් කියන්නේ. සාර්ථකව කතා මාලා දෙකක් පහුකරගෙන ඇවිත් අපි මේ එකතු වෙන්නේ තවත් සටන් ජවනිකා වලින් පිරිපුන් ත්‍රාසය කැටිකරගත් අන්ධ වීරයාගේ ජිවිතයේ තවත් කාල  පරිච්ඡේදයක් සමඟ එකතු වෙන්නයි. කතාමාලාව නිකුත් වෙන්න පෙරාතුව ඔයාල හැමෝටම දකින්න ලැබුනා මේ කතා සමයට අදාළ පූර්ව ප්‍රචාරක පටය. ඉතින් අපි දැන් දන්නවා මේ වතාවේ සතුරා එහෙම කවුද කියලත් කින්ග්පින් නැවත ඩෙයාඩෙවිල් හමුවෙන්න නියමිතයි. ඒ වගේම මේ කතාමාලාව අවසානයේ ඩෙයාඩෙවිල් කොමික් වල දකින්න ලැබෙන විදිහට තවත් දක්ෂ ප්‍රතිවාදියෙක් ඩෙයාඩෙවිල් හා සටන් කරන්න නියමිතයි. ඉතින් ඒ හැම දෙයක්ම නිරාකරණය කරගන්න ඔයාලට ඔන්න උණු උණුවෙම කොටස් 13ක් දැනටමත් නිකුත් වෙලා අවසන්. අද පටන් දවස් කීපයක්  ඇතුලත මේ කොටස් 13 ම සිංහල උපසිරසි සහිතව බලන්න ඩෙයාඩෙවිල් රසිකයෝ සියලු දෙනාටම ඔන්න එහෙනම් ආරාධනා කරනවා.

Marvel’s Daredevil (2015) TV Series | Season 01-03 | Complete
Marvel’s Daredevil (2015) TV Series | Season 01-03 | Complete
Marvel’s Daredevil (2015) TV Series | Season 01-03 | Complete
Marvel’s Daredevil (2015) TV Series | Season 01-03 | Complete
Marvel’s Daredevil (2015) TV Series | Season 01-03 | Complete
Marvel’s Daredevil (2015) TV Series | Season 01-03 | Complete
Marvel’s Daredevil (2015) TV Series | Season 01-03 | Complete
Marvel’s Daredevil (2015) TV Series | Season 01-03 | Complete
Marvel’s Daredevil (2015) TV Series | Season 01-03 | Complete
Marvel’s Daredevil (2015) TV Series | Season 01-03 | Complete
Episode Info Season 01 (Complete) ✅
Episode 01-13 ✅

Season 02 (Complete) ✅
Episode 01-13 ✅

Season 03 (Complete) ✅
Episode 01-13 ✅

Season 01-03 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
TMDb Rating 8.164 4,745 votes
First air date Apr. 10, 2015
Last air date Oct. 19, 2018
Seasons S01-S03 Complete
Average Duration tt3322312 minutes
Subtitles By
Country
Language

Seasons and episodes

Creator

Cast

Charlie Cox isMatt Murdock / Daredevil
Matt Murdock / Daredevil
Elden Henson isFoggy Nelson
Foggy Nelson
Vincent D'Onofrio isWilson Fisk / Kingpin
Wilson Fisk / Kingpin
Jay Ali isRahul 'Ray' Nadeem
Rahul 'Ray' Nadeem
Wilson Bethel isBenjamin 'Dex' Poindexter
Benjamin 'Dex' Poindexter

Video trailer

Similar titles

Ultimate Weapon Alice (2022) TV S01 Complete
Tomorrow (2022) TV | Season 01 | Complete | With Sinhala subtitles
The Sweet Blood (2021)TV S01 Complete
The Peripheral (2022) TV S01 Complete
My Lovely Liar (2023)  TV S01 Complete
Vincenzo (2021) Complete Season 01 With Sinhala Sub
Stranger Things (TV Series 2016-2022) TV Series | Season 01 -04  Complete
Death’s Game (2023) TV Season 01 Complete
Moon Lovers Scarlet Heart Ryeo TV Series (2016) Sinhala Subtitles
See (2019) Complete Season 01 & 02 & 03 Complete With Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Chestnut Man (2021) Complete TV Series Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Terra Nova (2011) TV Series | Season 01 Complete

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published