Moon Lovers Scarlet Heart Ryeo TV Series (2016) Sinhala Subtitles
Year:2016
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-20 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast PageOnline Watch ✅
Direct Download ✅
Telegram Download ✅
?Quality
? HDTV 480p | 720p
?Season 01 (Complete)✅
Episode 01- 20 ✅
?උපසිරැසි ස්ථිරවම එක්කර ඇත
මේ කතාව 2011 වසරේ චීනයේ විකාශය වුණ bu bu jing xin එහෙම නැත්නම් Scarlet heart කියන ටෙලි කතාවේ අනුවාදයක් කියලා කියන්ඩ පුලුවන්. ඒ චීන ටෙලි කතාව නිර්මාණය වුණේ ඒ Tong Hua කියන ලේඛිකාවගේ එම නමම තියෙන නවකතාවක් ආශ්රයෙන්. චීන ටෙලි කතාව බොහොම දීර්ඝ එකක්. ඒ කතාවත් මේ අනුවාදයත් අතර ගොඩක් වෙනස් කම් තියෙනවා. කොහොම නමුත් ඒක රසවින්දනයට බාදාවක් නම් වෙන්නෙ නැහැ.
ගෝර්යෝ රාජධානි සමය පසුබිම් කරගෙන තමයි කොරියානු කතාව නිර්මාණය වෙලා තියෙන්නෙ. වර්තමානයේ ජීවත් වෙන ගෝ හාජින්කියන රූපලාවන්‍ය ක්ෂේත්රයේ රැකියාවක නියුතු තරුණියක් හදිසියේ ගෝර්යෝ රාජධානි සමයට ගමන් කිරීම මතයි කතාව ඇරඹෙන්නෙ. ඇය අතීතයට යනවාමයි කියන්ඩත් බැහැ. නමුත් හදිසි අනතුරක් නිසා ඇය දියේ ගිලෙනවා නැවත නැගිටින්නෙ ගෝර්යෝ රාජධානි සමයේ ජීවත් වුණ හේ සූකියන තරුණිය විදිහට. ඒ කාලය ගෝර්යෝ රාජධානියේ ආරම්භක කාලසීමාව. තේජෝ රජතුමා තමයි එතකොට ඒ කාලයේ රජවෙලා ඉන්නෙ. රාජ්‍යයේ නිර්මාතෘ කියලා කිව්වොත් හරි. ඉතින් ඒ රජතුමාට දරුවො ගොඩාක් ඉන්නවා. කුමාරවරුයි, කුමාරියොයි මහ ගොඩක් ඉන්නවා.
හේසූ කියන්නෙ 8 වැනි කුමාරයාගෙ බිරිඳගෙ ඥාති සොයුරියක්. ඇය හේ වංශයේ කෙනෙක්. ඉතින් 8 වැනි කුමාරයගෙ ගෙදර තමයි හේසූඉන්නෙ. කුමාරයගෙ බිරිඳ අසනීපෙන්. ඇයට කියන්නෙ ම්යන්ග්හී කියලා. වෙලාවකට හේ මැතිනිය කියලත් අමතනවා. 8 වැනි කුමාරයගෙ මෑණියන් රජුගෙ උප බිසවක්. හ්වැන්ග්බෝ උප බිසව. 8 වැනි කුමාරයාට සහෝදරියක් ඉන්නවා යොන්හ්වා කියලා.
එහෙම නම් මම කතාවෙ කියැවෙන කුමාරවරු ටික ගැන සරළව පැහැදිලි කරන්නම්.
8 වැනි කුමරු- වැන්ග් වූක්
13 වැනි කුමරු- වැන්ග් වූක්/ Beak Ah
3 වැනි කුමරු -වැන්ග් යෝ
4 වැනි කුමරු- වැන්ග් සෝ
14වැනි කුමරු -වැන්ග් ජන්ග්
10 වැනි කුමරු- වැන්ග් ඉයුන්
9 වැනි කුමරු -වැන්ග් වොන්
මේ අයගෙන් 3 වැනි, 4 වැනි සහ 10 වෙනි කුමාරවරු අගබිසවගෙ දරුවො. ඇයව කතාවෙදි තමයි යූ බිසව කියලා හඳුන්වන්නෙ. ඇය හදන්නෙ කොහොම හරි වැන්ග් යෝ කුමරුව කිරුළ හිමි කුමරු බවට පත් කරගන්න. 3 වෙනි කුමාරයත් බොහොම දරුණු ඒ වෙනුවෙන් ඕනෙම දෙයක් කරන විදිහෙ කෙනෙක්. 4 වැනි කුමාරයා වැන්ග් සෝ අගබිසවට ඔහු ගැන කිසිම ප්‍රසාදයක් නැහැ වගේම ඔහු අවාසනාව ගෙන එන කෙනෙක් විදිහටයි ඇය හඳුන්වන්නෙ.
ඒ වගේම මේ 4 වැනි කුමාරයා රජුගෙ වෙනත් බිසවකට හදා වඩාගන්න බාර දීලයි තියෙන්නෙ. මොකද යම් හේතුවක් නිසා ඒ බිසවගෙ දරුවා මිය ගිහින්, ඉතින් ඒ වෙනුවෙන් ඇයට වැන්ග් සෝ කුමරුව හදාවඩා ගන්න බාර දෙනවා. මේ උප බිසව කන්ග් කියන උසස් වංශයකට අයත් බලවත් කෙනෙක්. නමුත් ඇය වැන්ග්සෝට කොහෙත්ම කැමති වෙන්නෙ නැහැ. ඇය ඔහුව වෘකයින් සිටින තැන් වලට දමා එන්න අණ කරනවා, පහර දෙනවා. ඉතින් මේ කුමාරයා හැදෙන්නෙ හිරකාරයෙක් වගේ. ඉතින් ඔහුට ජීවිතේ බේරගන්න වෘකයින් මරන්ඩ වෙනවා. ඒ නිසාම ඔහුට නමක් පටබැඳෙනවා“සිඟාල සුනඛයා” කියලා. ඒ වගේ ඔහු කුරිරු ලෙස මිනිසුන් මරන්නෙක් විදිහටයි ප්‍රචාරය වෙන්නෙ. ඒ නිසා හැම කෙනෙක්ම ඔහුට බයයි. නමුත් ඇත්තටම ඔහුගෙ මුහුණෙ තියෙන කැළල නිසා කිසි දවසක ඔහුට රජ වෙන්න බැහැ. ඉතින් එහෙම කුමාරයෙක් වැඩක් නැති නිසයි අර වගේ උමතු උපබිසවකට ඔහුව ලබා දෙන්න අගබිසව තීරණය කරන්නෙ.
කොහොම හරි වසර ගණනාවකට පසු ඔහු මැදුරට එනවා නැකත් චාරිත්‍ර දවසේ කටයුතු කරන්න. ඒක සැනකෙලි පැවැත්වෙන දවසක් එදාටරජු ඉදිරියේ හැම කුමාරයෙක්ම විශේෂිත රංගනයක යෙදෙනවා. ඒ නරක ආත්ම පළවා හරින්න. ඉතින් 4 වැනි කුමාරයත් පළවෙනි වතාවට එයට සහභාගිවෙන්න තීරණය කරලා ඉන්නෙ. ඔන්න ඔය දවසෙම තමයි ගෝ හාජින්, හේ සූ විදිහට ගෝර්යෝ රාජ්යයට පිවිසෙන්නෙ.
- 1
Traveling Back to Goryeo Aug. 29, 2016 - 2
So's Real Face Aug. 29, 2016 - 3
The One Behind Aug. 30, 2016 - 4
Staying in Songak Sep. 05, 2016 - 5
The First Time I Met You Sep. 06, 2016 - 6
Hae Su Cut Her Wrist Sep. 12, 2016 - 7
A Court Lady in Damiwon Sep. 13, 2016 - 8
The Ritual Ceremony Sep. 19, 2016 - 9
He is King Gwangjong Sep. 20, 2016 - 10
The Proposal Sep. 26, 2016 - 11
Begging for Forgiveness Sep. 27, 2016 - 12
Assassinate the King Oct. 03, 2016 - 13
The Rebellion Oct. 04, 2016 - 14
Opening Up Oct. 10, 2016 - 15
Looking for Eun and His Wife Oct. 11, 2016 - 16
A Test Oct. 18, 2016 - 17
Goryeo's 3rd King Oct. 24, 2016 - 18
The Empress Oct. 25, 2016 - 19
Leaving the Palace Oct. 31, 2016 - 20
The Letters Nov. 01, 2016







