Mr. Plankton (2024) TV Series | Season 01 | Complete
Year:2024
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-10 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast Page
Mr. Plankton කියන්නේ 2024 එළිදැක්වුන රොමැන්ටික් වගේම කොමඩි කොටස් වලින් පිරිණු දකුණු කොරියානු කතාවක්. Mr.plankton එකේ ප්‍රධාන චරිතේ තමා
chae seung-hyeok එයාට හැමෝම කියන්නෙ hae-jo කියලා එයා කිසිම සැලැස්මක් නැතුව එක එක ජාතියෙ මිනිස්සු දෙන කොන්ත්‍රාත් කරන කෙනෙක්, ඒ් සමහර දේවල් එයා කරන්නෙ ගොඩක් ලොකු ජීවිත අවදානමකුත් එක්ක. අවාසනාවන්ත විදියට මාරාන්තික ලෙඩක් hae-jo ට හැදෙන නිසා එයාට ජීවත් වෙන්න තියන කාලෙ අඩු වෙනවා. ඒ නිසා දැනටමත් වංශවත් පවුලක කෙනෙක් බදින්න ඉන්න එයාගෙ හිටපු පෙමිවතිය වෙන jae-mi එක්ක ජිවිතයේ ඉතිරි කාලය ගෙවන්න එයා උත්සහ කරනවා.
chae-seung-hyeok සහ එයාගෙ හිටපු පෙමිවතිය jae- mi පොඩි කාලෙදිම එයාලගෙ දෙමාපියෝ නැති වෙන නිසා එයාලට ජිවත් වෙන්න වෙන්නෙ කරදර ගොඩක් එක්ක .
එයාලට කරදර වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නම් නැ.
කරදර වලින් අඩුවක් නැති ඒ දෙන්නට කවද හරි සතුටක් ලැබෙයිද ?
chae-seung-hyeok ට තමන්ගේ දෙමාපියන් ගැන ජීවිතයේ ආවසාන භාගයේදිවත් දැනගන්නට පුළුවන් වෙයිද ?
මේකෙ ඉන්න නළු නිළියො ගැන කියුවොත් මේකෙ ප්‍රධාන චරිත ජේ හෝ ට Woo Do-hwan රඟ දක්වන අතර එයාගෙ හිටපු පෙමිවතිය වන jae-mi විදියට Lee Yoo-mi කටයුතු කරනවා.අනිත් ප්‍රධාන නළු නිළියන්ගේ වගේම සහය නළු නිළියන්ගේ දක්ෂ රංගනයෙන් කතාව විහිලු වලින් වගේම කුතුහලයෙනුත් පිරිලා තියනවා.
















