Ninja Kamui (2024) TV Season 01 EP01-13 | Complete
Year:2024
TV Series Episode Info :
Season 01 (Complate) ✅
Episode 01-13 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
මේකේ නම සදහන් වෙන්නේ Ninja Kamui කියලා. මේ වෙන කොට 9.0 ක IMDB අගයක් මේ කතා මාලාවට ලැබිලා තියෙනවා. ක්‍රියාදාම, අපරාධ ගණයට තමා මේ කතාමාලාව මූලිකවම අයිති වෙන්නේ. මේ සීසන් එක එපි 12කින් සමන්විතයි. දැනටමත් එපි දෙකක් නිකුත් වෙලා තියෙනවා. අනිත් එපි ටික සතියකට එක ගානේ නිකුත් වේව්. මේ තරම් ලොකු IMDB අගයක් මේකට ලැබිලා තියෙන හේතුව ඔයාලට දෙවෙනි එපිය බලනකොට තේරුම් ගන්න පුලුවන්. මේකේ ඇනිමේශන් ස්ටයිල් එක බැලුවම, ඒක හොද තත්වයේ තියෙනවා. ඒ වගේම මේ කතාමාලාවේ තියෙන සටන් ජවනිකා ඉතාමත් හොද මට්ටමේ තියෙනවා. මේකේ සටනක් කියන්නේ ආයේ ලේ විමානයක් තමා. මේකෙ තියෙන සටන් වල කුරිරු බව සහ ලේ හැලීම නිසා මම මේක අවුරුදු 18 ට අඩු අයට නැරබීමෙන් වලකින්න කියලා ඉල්ලීමක් කරනවා. මොකද මේවා ඔයාලා ටීවි එකේ බලන විහිලු, හුරතල් කාටුන් වලට වඩා හාත්පසින්ම වෙනස්.
එහෙනම් අපි කතාමාලව පැත්තට හැරෙමු. මේ කතා මාලාව ගලාගෙන යන්නේ ජෝ හිගන් කියන නින්ජාවරයා සහ ඔහුගේ නින්ජා ක්ලෑන් එක වටා. නින්ජා වල කියලා වෙනසක් නෑ තමන්ගේ ක්ලෑන් එක අතෑරලා යන අයව ක්ලෑන් එකට ද්‍රෝහී වූවන් හැටියට හංවඩු ගහන්න මේ ක්ලෑන් සාමාජිකයින් පුරුදු වෙලා ඉන්නවා. ඒ විතරක් නම් මදෑ, ඒ විදිහට ක්ලෑන් එක ද්‍රෝහී උන අයව ඉතාම කුරිරු අන්දමින් ඝාතනය කරන්නත් මෙයාලා පුරුදු වෙලා ඉන්නවා. අපේ කතානායකයා වන ජෝ හිගන් කියන නින්ජාවරයා තමන්ගේ ක්ලෑන් එක අතෑරලා දාලා ගිහින් තමන්ගේම කියලා පවුලක් හදාගන්න උත්සහ කරනවා. මේ සිද්දියෙන් පස්සේ තමා ජෝ හිගන් ගේ ජීවිතේ උඩු යටිකුරු වෙන්න පටං ගන්නේ. ඒ වගේම හිගන් ගේ ක්‍රියාකලාපය වෙනුවෙන් එයාගේ ක්ලෑන් එක එයාව මරන්න ලැහැස්ති වෙනවා. ඔතනින් තමා කතාව පටං ගන්නේ.
එහෙනම් මේ සුපිරි කතාව ඔයාලට බලන්න ආරාධනා කරන ගමං මම සමුගන්නවා,
- 1
Episode 1 Feb. 11, 2024 - 2
Episode 2 Feb. 18, 2024 - 3
Episode 3 Feb. 25, 2024 - 4
Episode 4 Mar. 03, 2024 - 5
Episode 5 Mar. 10, 2024 - 6
Episode 6 Mar. 17, 2024 - 7
Episode 7 Mar. 24, 2024 - 8
Episode 8 Mar. 31, 2024 - 9
Episode 9 Apr. 07, 2024 - 10
Episode 10 Apr. 14, 2024 - 11
Episode 11 Apr. 21, 2024 - 12
Episode 12 Apr. 28, 2024 - 13
Episode 13 May. 05, 2024



