ඔලිව් කිට්ටරිජ් කියන්නෙ 2014 දි HBO විසින් නිකුත් කරපු කොටස් හතරක Miniseries එකක්. එලිසබෙත් ස්ට්‍රවුට් ගේ නව කතාව පාදක කරගෙන නිර්මාණය කරපු මේ කතාව Prime Time Emmy Nominations 27 කින් 8ක්ම දිනාගන්න සමත්වෙල තියෙනව. ඒ කතාවෙ පළවෙනි කථාංගයේ උපසිරැසි තමයි මේ තියෙන්නෙ.

Episode Rating (IMDB): 8.1

Olive Kitteridge කියන්නේ ගොඩක් හෙමින් ගලාගෙන යන කතාවක්. ඇමරිකාවේ Maine ප්‍රාන්තයේ වෙරළ ළඟ කුඩා නගරයක් පසුබිම් කරගෙන, කතාව Olive Kitteridge කියන විශ්‍රාමික පාසල් ගුරුවරියක්ගෙ ජීවිතය වටා තමයි මේ කතාව ගොඩනැගිල තියෙන්නෙ. මේ කතාවේ හරය වෙන්නෙ විවාහ ජීවිතය, ජීවිතයේ තනිවීම, වයස්ගත වීම, පසුතැවීම වගේ අපි හැමෝටම කවදහරි යථාර්තයක් වෙන ඛේදවාචක මේ චරිතයෙ ඇසෙන් කීම.

හොඳම නළුවා/නිළිය Oscar සම්මාන තුනක් දිනාගත් නළුවන් ඉතිහාසයටම ඉන්නේ හත් දෙනෙක් විතරයි. මේ කතාවේ Olive ගේ චරිතය රඟපාන Frances McDormand කියන්නෙ ඒ අයගෙන් කෙනෙක්. පරීපූර්ණ නැති ඒ උනත් ඉතා මානුෂීය චරිතයක් වෙච්ච Olive ගේ චරිතය ඇය ඉතාඅ දක්ෂ විදියට මේ කතාවේ රඟ දක්වනවා. Olive ගේ සැමියාගේ චරිතය රඟපාන Richard Jenkins ඇතුළු සම්පූර්ණ කණ්ඩායමම ඉතාමත් විශිෂ්ට රංගනයක් ඉදිරිපත් කරනවා.

පිටින් බලද්දී Olive Kitteridge සරල කතාවක් වගේ පෙනුනත්, ඒක ගොඩනගද්දි ඒකට ලබා දීපු කලාත්මක වටිනාකම විශිෂ්ටයි. ඒ ලොකු කුතුහලය උපදවන twists වත්, සීට් එක ගැට්ටට ගේන actions sequences වත් කිසි දෙයක් නිසා නෙවෙයි. ජීවිතය එය ඇත්තටම පවතින ආකාරයෙන් පෙන්වන නිසායි මේ කතාව මිනිස්සුන්ගෙ ලොකු ප්‍රසාදයට ලක් වෙල තියෙන්නෙ.

මේ කතාව ඕගොල්ලන් බලල රස විඳීවි කියල මම බලාපොරොත්තු වෙනව.

සිංහල උපසිරැසි ගැන්වීම Baiscope.lk උපසිරැසි අංශයේ රුචින් හිමාෂ විසින්.

Comments