කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ කිම් උයි- ග්යොම් ඉතිම් මෙයා සාමාන්‍යයෙන් නිහඩ ඉගෙන ගන්න එක ගැන විතරක් අවධානය යොමු කරන තරුණයෙක්. මෙයා හිටපු පාසලෙන් ඉවත් වෙලා අලුත් පාසලකට එන්නේ දහසක් බලාපොරොත්තු තියාගෙන පාඩුවේ ඉගෙන ගන්න එක විතරක් කරන්න හිතේ තියාගෙන ඒ උනාට ඉස්කෝලේ ඉන්න තදයෝ ටික මෙයාට එහෙම ඉන්නනම් දෙන්නේ නෑ පුදුම තරම් වද හිංසා දෙනවා මෙයාට. ඉතින් එක දවසක් මෙයාගේ ඉවසීමේ සීමාව පනිනවා ඉතින් එදා මුළු ඉස්කෝලෙම දැනගන්නවා මේ සාමාන්‍ය නිහඩ තරුණයා මොනතරම් බලසම්පන්න කෙනෙක්ද කියලා ඉතින් එදා මෙයාට වදයක් වෙච්ච චන්ඩියෙක්ට දුවන්න දෙනවා. ඒවගේම මෙයාගේ වැඩවලට උදව් කරන්න සහෝදරයෙක් වගේ ඉන්න යාලුවෙකුත් මෙයාට හම්බවෙනවා. ඒ තමයි කන්ග් යුන් ගී. ඉතින් හැමදේකදීම මෙයා කිම් උයි ග්යොම්ට උදව් කරනවා සහෝදරයෙක් වගේ. ඒවගේම ළමයි කිම් උයි ග්යොම්ට වැඩියෙන්ම තරහා යන්නේ එයාගේ එකම සහෝදරයගෙන් ලැබුණු කැසට් ප්ලේයර් එක කව්රුහරි ඇල්ලුවොත් තමයි ඉතින් ඒක අල්ලනවනම් ජීවිතේ ගැන ආසාව අතඇරලා තමයි ඒක අල්ලන්න වෙන්නේ.

මේකත් ඔයාලා ගොඩක් දෙනෙක් නරඹලා තියෙන weak hero class කතාමාලාවට නොදැවිණි කතාමාලාවක් කියලා කියන්න පුලුවන්.ඕගොල්ලොන්ට මේ කතාමාලාවේ එක එක වර්ගයේ චන්ඩි ටිකක් බලාගන්න පුලුවන් ඉතින් ඔයාලම නරඹලා බලන්නකෝ මේ දෙන්නා මේ චන්ඩි එක්ක හැප්පෙන්නේ කොහොමද කියලා.

Comments

January 9, 2026

Tnq ❤️
Idol I denna puluwanda