Pettaikaali (2022) TV Series | Season 01 | Complete
Year:2022
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-08 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast PagePettaikaali පේට්ටයිකාලි හා..හා වෙතින් විකාශනය වන නවතම වෙබ් සිරීස් එකක්. මේක ඉදිරිපත්කරන්නේ අපි කවුරුත් දන්න කියන වෙට්ට්‍රිමාරන් විසින්. අධ්‍යක්ෂණය හා කතාව වෙට්ට්‍රිමාරන්ගේ දීර්ඝකාලීන සහයක ලෙස කටයුතුකල Raj Kumar විසින්. ඒ වගේම වෙට්ට්‍රිගේ ප්‍රියතම කැමරාකරු Velraj විසින් කැමරාව මෙහේයවල තියෙන්නේ. මේක තනිකරම වෙට්ට්‍රිමාරන්ගේ වැඩක් කියලයි කියන්න වෙන්නේ. රංගනයෙන් Kalaiyarasan , Sheela Rajkumar එක්ක ප්‍රධාන චරිතයක් හොබවනවා Kishore Kumar G විලන් ලෙස ප්‍රබල චරිතයක් මෙහෙවන්නේ Vela Ramamoorthy සංගීතය Santhosh Narayanan. ඉතින් පේනව නේ නියම කට්ටියක් එකතුවෙලා තියෙන වෙබ් සීරීස් එකක් මේක. දැනට එපි 3ක් ඇවිත් තියෙනවා තව එකක් එන්න තියෙනවා. තාමත් කියල නෑ මේකේ සම්පූර්ණ එපි ගාන. හැම එපියක්ම අවසානයේදී ඊඉලග එපිය එන දිනය පෙන්වා දෙනවා. එපි ගනන වැඩි වෙනකොට සමහර විට මේ ක්‍රෙඩිට් ටිකත් වෙනස් වෙන්න පුලුවන්.
මේ සීරීස් එක ගැන කියනවනම්,
ඉන්දියාවේ විශේෂයෙන් තමිල්නාඩුවේ ගොන්පොර නැත්නම් අපි හොදට දන්නා වචනය ජල්ලිකට්ටු ක්‍රිඩාව හරිම ප්‍රසිද්ධයි. ඉතින් වෙට්ට්‍රිමාරන්ගේ පලවෙනි වෙබ් සීරීස් එක වගේම මේක ජල්ලිකට්ටුව ගැන කතා කරන පාල්වෙනි වෙබ් සීරීස් එකක් කියලයි කියන්නේ. ඒකත් සජීවි ජල්ලිකට්ටු සඳර්ශනයකදීම මේ චරිත ඇතුලත් කර රෑගතකිරීමක් කර ඇති බවයි කියවෙන්නේ. ඒක මේ සීරීස් එක බලන කොට තේරෙයි ඒකේ තියෙන ජීවි බව… විශේෂයෙන් කතාව හා ඒ හා සමානව මේ නිර්මාණය කැමරාවට ගෙන ඒම ඉතා සාර්ථක විදියට අධ්‍යක්ෂ විසින් නිම කරල තියෙනවා. ඒ වගේම සංස්කරණයත් R. Sudharsan විසින් ඉතා ඉහල තත්වයකින් නිම කරල තියෙන්නේ. ව්ට්ට්‍රිමාරන් එක් සාකච්චාවකදී කියල තියෙනවා Vaadivaasal එකට පෙරහුරුවක් විදියට මේ වෙබ් සීරීස් එක ඉදිරිපත්කිරීමට එක්වුනා කියල. සූර්යගේ Vaadivaasal චිත්‍රපටයත් මේ වගේ ජල්ලිකට්ටු සම්බන්ධයක් තියෙනවා කියල කියවෙන්නේ. දමිළ සිනමාවට එහා ගිය වෙබ් සීරීස් වල වෙනසක් ඇතිකල දමිළ වෙබ් සීරීස් එකක් මේක කියලනම් කියන්න පුලුවන්..
කතාව ගැන බලමු.
මම ඉස්සෙල්ලා කිව්වා වගේම ගොන්පොර නොහෝත් ජල්ලිකට්ටු ක්‍රිඩාව සම්බන්ධකරගෙන කතාව ගියත් ඒ තුලට ආඅරය වෛරය, මාන්නය ඇතුලත් කරල තියෙනවා. පේට්ටකාලි අතීතයේදී ඉඩම් හිමියන් යටතේ ගොවිතැන් කර පසුව ඔවුන්ගෙන් වෙන්වී වෙනමම ජීවිකාව පටන් ගත් ජන කොට්ඨාෂයක්. ඔවුන්ගේ ජීවිතවලට ගවයන් එක්වන අතර එයින් ඔවුන්ගේ ජීවිකාව මෙන්ම ජීවන විලාසයද වෙනසක් වෙනවා. මේ අතරට එන පාන්ඩි ( කලයරසන්) ජල්ලිකට්ටු ක්‍රිඩාවේ අති දක්ෂයෙක්. එයින් තමිල්නාඩුවේම හොදම ගවයන් මෙල්ලකරන්නා කියන නාමය ලබාගන්න සිහීන මවන්නෙක්. ඉතින් අපි බලමු ඔහුගේ සිහීනයන්ට ඇතිවන බාදා…
සම්පූර්ණ කතාව කොහෝම වෙයිද දන්නේ නෑ. දැ
කොටසින් කොටසට කතාව කියන්න යන්නේ නෑ. බලන ඔයාලටම තේරෙයි ඇයි කියල… දිගටම බලන්න ගමු….
- 1
Thoongum Yerimalayin Peruvedippu Oct. 21, 2022 - 2
Valvinayum Vanjapperum Pagaiyum Oct. 28, 2022 - 3
Vanmamenum Kodungoor Aayutham Nov. 04, 2022 - 4
Kaaliyin Avadharippu Nov. 11, 2022 - 5
Kadhalin Vazhi Neduga Nov. 18, 2022 - 6
Anbirkum Undo Adaikunthal Nov. 25, 2022 - 7
Sadhuranga Kaaigalin Sarivu Dec. 02, 2022 - 8
Sei Alladhu [S01 Last Episode] Dec. 09, 2022















