Cast
Go Full Cast Pageනවතම මලයාලම් කතා මාලාව අද ගෙන එනවා. මේක වෙනස්ම මාතාවක්. අපිට උනත් බොහොම ගැලපෙන කාලීන ඒ වගේම හිතුවම ලොනු ඩැහැගැන්වෙන මාතෘකාවක් තමයි අර ගෙන එන්නෙ. පෙත්තක් බොන්න කලින් දෙපාරක් හිතන්න. ඒක තමයි කියන්න වෙන්නෙ. තුන් වෙනි ලෝකෙ රටවල ක්‍රියාත්මක වෙන ඖෂධ මාෆියාව ගැන අපි සේරටම අත් දැකීම් තිබෙනවා. රටේ බහුජාතික ඖෂධ සමාගම් වලට එරෙහිව ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් හදන්න ගිය මහාචාර්‍ය සේනක බිබිලේට අත් උන ඉරණමේ ඉඳල මෑතක ඇල්වතුරෙන් රෝගීන් මරන්න දායක උනා යයි කියන ඉහළම පෙලේ රජයේ නිලධාරීන් හා දේශපාලකයින් ගැනත් කතා යනවා. එතකොට ඖෂධ නිශ්පාදන සමාගම් දහස් ගණනක් තිබෙන ඉන්දියාව වගේ රටක තත්වෙ කොහොමද? එකම සංයුතියේ විවිධ මිල ගණන්, ප්‍රමිතියෙන් තොර ඖෂධ,වැරදි නිර්දේශයන්, අතුරු ආබාධ නොසැලකීම හා සැඟවීම වැන් ඉ විවිධ සිද්ධීන් එහෙ වාර්තා වෙනවා. නිශ්පාදකයි වගේම ඔවුන්ගේ ප්‍රතිලාභ පිටුපස යන වෛද්‍යවරුන්ගේ සුසංයෝගය මෙයට වගකිව යුතු වුවත් ඉතා නිර්භීත වෛද්‍ය වරුන් සහ වෙනත් මිනිසුන් මේ මාෆියාවට එරෙහිව කරන ලද සංග්‍රාම ඇසුරින් මේ කතාව නිපදවා තියෙනවා. ඉතිං මේක අනිවාර්‍යයෙන්ම බලන්න. ඉතා කෙටි කොටස් අටක කතා මාලාවක් වන මේක හිංදි, දෙමළ, කන්නඩ, තෙළිඟු වලිනුත් හඬ කවා තිබෙනවා. ඔබට මම යෝජනා කරන්නේ මලයාලි හඬ පටය සමග නිරන්තරයෙන් ඇසෙන නැරේශන් එක බාධාවක් නම් වෙනත් භාෂාවක හඬ පටයෙන් මෙය නරඹන්න කියලා.
ඉතිං කතාව ගැන කියන්නම්. දෑවැන්ත ඖෂධ නිශ්පාදන හා බෙදා හැරීමේ සමාගමක අළෙවි නියෝජිතයෙක් නැත්තම් මෙඩිකල් සේල්ස් රෙප් කෙනෙක් ලෙස රැකියාවකට යන තරුණයෙක් ගැන තමයි දිග හැරෙන්නෙ. තම්න්ට සමාගමෙන් ලැබෙන අලෙවි ඉලක්ක සාර්ථක කර ගනිමින් සිය රැකියාවේ දියුණුව කරා යාමට උත්සාහ කරන ඔහු වසර දශකයක පමණ කාල පරාසයක් තුල මුහුණ දෙන අත් දැකීම් තමයි කතාවට පාදජ වෙන්නෙ.
නිවින් පෝලි, ශෘති රාමචන්ද්‍රන්, බිනු පාපු, ශෘති ජයන්, වීණා නන්ද කුමාර් සහ රන්ජිත් කපූර් මෙහි රඟපානවා. පී ආර් අරුන්ගෙ අධ්‍යක්ශණයක්.
ඉතිං කතාව බලල ඉන්න.
















