නිවුන් සහෝදරයෝ. මොවුන් දෙදෙනා හැදී වැඩෙන්නේ හංසුන් කියන ළමා නිවාසයකය. නමුත් වයස අවුරුදු අට වන විට මොවුන් දෙදෙනාට වෙන් වෙන්න සිද්ධ වෙනවා. ඒ ඔක් චන්කියු ව එක් සෝල් නගරයේ පවුලක් විසින් අරන් හදාගන්න නිසා. මොවුන් දෙදෙනා වෙන් වූවත් සහෝරද බැදීම ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යනවා. ඉතින් ඔක් චන්මි බුසාන් නගරයේ උසස් පාසලක අවසන් වසරේ (උපාධිය ලබා ගන්න වසර) ඉගෙනුම ලබන අතර ඔක් චන්කියු, සෝල් නගරයේ උසස් පාසලක අවසන් වසරේ ඉගෙනුම ලබනවා.

දවසක් ඔක් චන්මි වෙඩි තැබීමේ නැත්නම් ශූටින් තරගයකට සහභාගි වෙන අතරවාරයේ ඇය තමන්ගේ නිවුන් සහෝදරයා සමඟ කතා බහක නිරත වෙනවා. නමුත් ඒ අවස්ථාවේදී ඇමතුම නොසිතූ විදිහට විසන්ධි වෙනවා. එතනින් පසු දින තුනක් නිවුන් සහෝදරයාගේ දුරකතනය විසන්ධි වී තිබීම නිසා ඔක් චන්මි ඔහු ඉගෙන ගන්නා පාසලට යනවා. ඒ අතරවාරයේ ඇය දැනගන්නවා තම නිවුන් සහෝදරයා වන ඔක් චන්කියු නැත්නම් පාක් වොන්සොක් සිය දිවි නසාගෙන ඇති බව…!!

ඉතින් කතාව බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා….

 

සිංහල උපසිරැසි ගැන්වීම Cineru .lk උපසිරැසි අංශයේ දැහැමි ධර්මමාලි විසින්.

Comments

November 10, 2025

Thank you ♥️
Dear x dennako

November 24, 2025

hierarchy 2024 korean tv series eka oni