Saas Bahu Achaar Pvt. Ltd. (2022) TV Series | Season 01 | Complete
IMDb: 5.7
Year:2022
TV Series Episode Info :
Copy Season 01 (Complete) ✅
Episode 01-06 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast Page
Panchayat නිර්මාණය කරපු TVF කියලා තමා කතාව පටන් ගන්න වෙන්නේ. මොකද TVF එහෙමත් නැත්තම් The Viral Fever නාලිකාව විසින් බිහිකරපු විශිෂ්ට නිර්මාණ බොහොමයක් තිබුණත් Panchayat තරම් වෙනත් කතාවක් ලංකාවේ අපේ බහුතරයක් අතරට ගියේ නැහැ. ඒ නිසාමයි TVF ගැන කතා කරන්න Panchayat ඈදා ගන්න වෙන්නේ. ඊට අමතරව අපේ බහුතරයක් ආස කරපු Flames, ImMature වගේ නිර්මාණත් මේ TVFලගේ වැඩම තමා කියලා කියන්ටෝන.
හරි, මේ කතාව මෙතනට ඇදලා ගන්න වුවමනා වුණේ, අද අරන් ඇවිල්ලා තියෙන්නෙත් TVF වැඩක් නිසා. කතාවේ නම නම් දකින්න ඇතිනේ උඩ තියෙනවා. තේරෙන සිංහලෙන්ම කියනවා නම් “නැන්දම්මා-ලේලි අච්චාරු පුද්ගලික සමාගම” තමා මේකේ නම. TVF නිර්මාණයක් වුණාට නිකුත් කළේ Zee5 ඔස්සේ, 2022 වසරෙදි. IMDb අගය 8.2ක් වගේ දැවැන්ත අගයක් අරන් තිබ්බට TVF වැඩවලට නම් ඒක අමුතු අගයක් නෙමේ කියන්න ඕන. කොටස් 6කින් යුක්ත මේ කතාවට රංගනයෙන් Amruta Subhash, Anjana Sukhani, Anandeshwar Dwivedi, Yamini Das, Anup Soni වගේ අය එකතු වෙනවා.
කතාව ගැන ටිකක් කිව්වොත්, සුමන් කියන්නේ අම්මා කෙනෙක්. සැමියා සහ දරුවෝ දෙන්නා සහ සැමියගේ මව එක්ක සතුටින් සාමාන්‍ය විදිහට ජීවිතය ගෙවපු කෙනෙක්. හැබැයි හිටි හැටියේ සුමන්ගේ මුළු ලෝකයම කඩා වැටෙනවා එකම එක සිද්ධියකින්. ඒ නිසා සුමන්ට මුළු ලෝකෙන්ම හුදෙකලා වෙන්න වෙනවා. ඒ හුදෙකලා ලෝකේ තමන්ට තියෙන ලොකුම සම්පත වෙනුවෙන් සුමන්ට හුදෙකලාවම ලොකු සටනක් කරන්න වෙනවා. ඒ සටන කරගන්න, ඒ සටන දිනාගන්න සුමන්ට පුළුවන් වෙයිද? ඒ ප්‍රශ්නවලට පිළිතුරු මේ කොටස් 6 පුරාවටම විහිදෙනවා.
ඉතින් උපසිරැසි අරන් එන්නම හිතුනේ මේක බොක්කටම වැදුණු කතාවක් නිසා. ඇත්තටම හොඳ කතාවක්. ආවේණික පුංචි පුංචි දුර්වලකම්, Melodramatic සීන් තිබ්බට සමස්තයක් විදිහට හොඳ කතාවක් විදිහට පුද්ගලිකව මට කියතහැකි. සරල කතාවස්තුව, සංවේදී තැන්, Nilotpal Boraගේ කන පිනවන සංගීතය එක්ක බහුතරයකට විඳින්න පුළුවන් කතාමාලාවක් වෙයි කියලා හිතනවා.
Share
You May Also Like
Comments













