Secret Level (2024) TV Season 01 Complete
Year:2024
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-15 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Secret Level කියන්නේ ඇමසන් ප්‍රයිම් වීඩියෝ වෙනුවෙන් ටිම් මිලර් මහත්මයා විසින් නිර්මාණය කරපු ඒකාංගික කතා මාලාවක්. මිලර් මහත්මයගේ Blur Studio සහ Amazon MGM Studios ඒකාබද්ධව තමයි මේක නිෂ්පාදනය වෙන්නේ. ඩේව් විල්සන් මහත්මයා මේ කතාමාලාවේ විධායක නිෂ්පාදක සහ අධීක්ෂණ අධ්‍යක්ෂ විදියට කටයුතු කරනවා. විවිධ වීඩියෝ ක්‍රීඩාවල ඇතුලත් වෙන කථා පහළොවක් තමයි මේ කතාමාලාවට පාදක වෙන්නේ. ඒ වගේම මෙහි කොටස්වල හඬ කැවීම්වලට Arnold Schwarzenegger, Patrick Schwarzenegger, Keanu Reeves, Kevin Hart, Laura Bailey, Heaven Hart, Gabriel Luna, Ariana Greenblatt, Adewale Akinnuoye-Agbaje, Michael Beach, Emily Swallow වගේම Claudia Doumit දායක වෙලා තියෙනවා. Amazon විසින් 2024 අගෝස්තු මාසයේදී Gamescom වලදි තමයි සීක්‍රට් ලෙවල් කතාමාලාව ගැන ප්‍රථම වරට අනාවරණය කරන්නේ. මේකේ පළවෙනි කථාංග අට 2024 දෙසැම්බර් 10 දිනත්, ඉතුරු කථාංග හත 2024 දෙසැම්බර් 17 වන දිනත් ලොව පුරා නිකුත් කරන්න කටයුතු කරලා තිබෙනවා.
මේ වෙද්දි මිශ්‍ර විචාරක පැසසුම් ලැබිලා තියෙන මේ නිර්මාණයට IMDb 7.4ක අගයකුත්, 68%ක රොටන් ටොමෑටො අගයක් සහ 79%ක ගූගල් මනාපත් ලැබිලා තියෙනවා. Anthology, Science fiction, Fantasy, Action, Horror, Black comedy සහ Psychological drama යන කාණ්ඩයන්ට වර්ගීකරණය කරලා තියෙන මේ නිර්මාණයේ එක කොටසක් මිනිත්තු 8-20 අතර වෙනවා. ඒ වගේම මේ වෙනකොටත් සීක්‍රට් ලෙවල් දෙවන කතාමාලාවක වැඩ කටයුතු ආරම්භ වන බව නිෂ්පාදකවරු සහතික කරලා තියෙන බවත් මතක් කරන්න ඕන. මේ කතාමාලාවේ එක් එක් කොටස් සඳහා ලොව පුරා ජනප්‍රිය වූ විවිධ වීඩීයෝ ගේම්ස් 15ක කතා පාදක කරගෙන තියෙනවා.
- 1
Dungeons & Dragons: The Queen's Cradle Dec. 10, 2024 - 2
Sifu: It Takes a Life Dec. 10, 2024 - 3
New World: The Once and Future King Dec. 10, 2024 - 4
Unreal Tournament: Xan Dec. 10, 2024 - 5
Warhammer 40,000: And They Shall Know No Fear Dec. 10, 2024 - 6
PAC-MAN: Circle Dec. 10, 2024 - 7
Crossfire: Good Conflict Dec. 10, 2024 - 8
Armored Core: Asset Management Dec. 10, 2024 - 9
The Outer Worlds: The Company We Keep Dec. 17, 2024 - 10
Mega Man: Start Dec. 17, 2024 - 11
Exodus: Odyssey Dec. 17, 2024 - 12
Spelunky: Tally Dec. 17, 2024 - 13
Concord: Tale of the Implacable Dec. 17, 2024 - 14
Honor of Kings: The Way of All Things Dec. 17, 2024 - 15
Playtime: Fulfillment [S01 Last Episode] Dec. 17, 2024












