ඔන්න කාලෙකට පස්සේ Action සහ Drama වලට කැමති අයට සුපිරිම ආරංචියක්! අපි කවුරුත් පිස්සුවෙන් වගේ බලපු පරණ Spartacus TV Series එක මතකයිනේ? අන්න ඒ ලෝකෙටම අපිව ආයේ අරගෙන යන අලුත්ම කතා මාලාව තමයි “Spartacus: House of Ashur”.

මේ කතාව යන්නේ අපි කලින් දැකපු විදිහට නෙවෙයි. මේක “What If” (මෙසේ වුනා නම් මොකද වෙන්නේ?) කියන තේමාවෙන් යන කතාවක්.

මතකද Ashur ව? අර කපටි, නයා වගේ වැඩ කරන Ashur චරිතය? කලින් කතාවේ අන්තිමට Mount Vesuvius වලදි එයා මැරුණා කියලනේ අපි හිතුවේ. හැබැයි මේ අලුත් කතාව පටන් ගන්නේ “Ashur එදා මැරුණේ නෑ… මිනිහා බේරුණා” කියන තැනින්.එතනින් එහාට රෝම අධිරාජ්‍යයට උදව් කරපු නිසා, Ashur ට ලොකු තෑග්ගක් ලැබෙනවා. දැන් Ashur තමයි ලොකුම ලොක්කා. හිතන්නකෝ අර වගේ කපටි මොළයක් තියෙන එකෙක් අතට බලය ගියාම, එතන වෙන දේවල් ගැන? පාවාදීම්, ලේ සෙලවීම් සහ Ashur ගේ ගේම්ස් තමයි මේක පුරාම දුවන්නේ.

ඊලග එපියෙන් හමුවෙමු මේ කතාව 18+ ඒ නිසා ගෙදර අයත් එක්ක බලලා දත් ටික ගලවා ගන්න එපා

Comments

December 12, 2025

මේකෙ Peaky Blinders tv Series එක අයින් වෙලා නේ? ගිය සතියෙත් තිබ්බා… අද බලද්දි නෑ…

December 12, 2025

Spartacus මුල් TV series එකත් දාන්න… ඒක දැන් අමතකයි ගොඩක් ඒවා..

December 12, 2025

පුලුවන් නම් Vikings, Last Ship, Taboo, Mad men, Suits ඔය TV series ටිකත් දාන්න… ඒවා නැති එක ඇත්තටම ලොකු අඩුවක්…