CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට
SPY x FAMILY (2022) TV Series

SPY x FAMILY (2022) TV Series

Apr. 09, 2022
Your rating: 0
6 1 vote

TV Series Info

 

ඔන්න එහෙනම් මේ 2025 Summer Season එකේදී හුඟ දෙනෙක් බලාපොරොත්තු වුනු Action, Comedy, Childcare, Shounen ඇනිමෙ එකක් වෙන Spy x Family හි Season 3 අරගෙන එනවා. සුපුරුදු විදිහට Wit Studio සහ Cloverwork Studio එක්ව, මෙහි Manga එක ඇසුරෙන් නිර්මාණය කරපු මේ Spy x Family ඇනිමෙ කතා මාලාව මිනිත්තු 23 ක් පුරා දිවෙන මුළු කොටස් 13 ක් මේ Season 3 ට ඇතුළත් බව සඳහන්. ඒ වගේම Spitz කණ්ඩායම perform කරන “Hi wo Mamoru” ගීතය Opening Theme එක විදිහටත් Lilas Ikuta විසින් perform කරන “Actor” ගීතය Ending Theme එක විදිහට මේ Season 3 එකට ඇතුලත් වෙනවා.

සතිපතා නිකුත් වෙන මේ කතාව නරඹන්න පටන් ගන්න කලින්, ඔයා තාමත් Spy x Family බලපු නැති කෙනෙක් නම් Season 1, Season 2 සහ Spy x Family Code White කියන චිත්‍රපටයත් නරඹලා මේ Season 3 බලන්න පටන් ගන්න එක අනිවාර්යයෙන්ම කළ යුතු වෙනවා. ඒ සියල්ලේ සිංහල උපසිරැසිත් ඔයාට Cineru වෙබ් අඩවියෙන්ම ගන්න පුලුවන්.

ඒ වගේම මේ Spy x Family 2025 වසරේ Crunchyroll Anime Awards හි “Must Protect at All Costs Character” යටතේ Winner වන්නට සමත් උනා. ඒ වගේම 2024 වසරේ සහ 2023 වසරේත් නොයෙකුත් කැටගරි ගණනාවක් යටතේ winner වන්නට සහ Nominee ලබන්නට මේ Spy x Family සමත් උනා.

එක්තරා රටවල් දෙකක් එකිනෙකට එදිරිව සීතල යුද්ධයක ඉන්න පසුබිමක, එහි සාමය පිහිටුවීමේ අරමුණින් යම් සංවිධානයකට අයත් ටුවිලයිට් නම් දක්ෂ ඔත්තුකරුවෙක් රහස් කුලී ඝාතකයෙක් තමන්ගේ බිරිඳ විදිහටත් අරගෙන අනුන්ගේ හිත් කියවීමේ හැකියාව තියෙන පුංචි ගැහැණු ළමයෙක්ව හදාවඩාගෙන තමන්ගෙ මෙහෙයුම වෙනුවෙන් බොරු පවුලක් නිර්මාණය කරගන්නවා. හැබැයි මේ තුන්දෙනාගෙම සැබෑ අනන්‍යතාවය හිත් කියවන ගැහැනු ළමයාට ඇරෙන්න අනිත් හැමෝටම රහසක්. මෙයාලගෙ අරමුණු මේ පවුල ගෙනියන අතරේම මෙයාලා ඉටු කරගන්නවා. මෙන්න මේක තමයි මේ Spy x Family හි කතාව උනේ.

ඒ වගේම සමහර වෙලාවට එකම කොටසක කතා තේමා දෙකක් හෝ තුනක් අරන් එන එක මේ කතාවේ හැටියක්. අන්න ඒක මේ Season 3 ආරම්භක කොටසේත් අපිට දකින්න පුලුවන්. ඒ කියන්නෙ මේ පවුලේ දේවල්ම විතරක් නෙමෙයි, මේ කතා මෙහෙයුමට සම්බන්ධ තවත් අයගෙ කතාවනුත් මේකට අයිතියි.

ඉතින් තවත් වැඩි විස්තරයක් නම් මම කියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. මම මුලින් කිව්ව වගේ තාම මීට කලින් ආපු Season 1,2, Code White බලලම මේ Season 3 පටන් ගන්න. හුඟක් ඉක්මනින් නම් සිංහල උපසිරැසි අරන් එන්න බැරි වේවි. කොහොම හරි ongoing ම ඔක්කොම කොටස් වල උපසිරැසි අරන් එන්නම්. සුපුරුදු විදිහටම මේක ත්‍රාසය, විනෝදය එකට අරන් එන කතාවක් වේවි. එහෙනම් නරඹන්න පටන් ගන්න මේ Spy x Family Season 3.

SPY x FAMILY (2022) TV Series
SPY x FAMILY (2022) TV Series
SPY x FAMILY (2022) TV Series
SPY x FAMILY (2022) TV Series
SPY x FAMILY (2022) TV Series
SPY x FAMILY (2022) TV Series
SPY x FAMILY (2022) TV Series
SPY x FAMILY (2022) TV Series
SPY x FAMILY (2022) TV Series
SPY x FAMILY (2022) TV Series
Episode Info Season 01 (Complete) ✅
Episode 01-25 ✅

Season 02 (Complete) ✅
Episode 01-12 ✅

Season 03 (Incomplete) ❌
Episode 01-02 ✅
Episode 03-13 ❌

ඉතිරි Episode සඳහා උපසිරැසි නිකුත් වූ පසු ලබාදේ
TMDb Rating 8.539 2,102 votes
First air date Apr. 09, 2022
Last air date Oct. 18, 2025
Episodes S03 EP02
Average Duration tt13706018 minutes
Subtitles By
Country
Language

Seasons and episodes

Creator

Creator

Cast

Takuya Eguchi isLoid Forger (voice)
Loid Forger (voice)
Atsumi Tanezaki isAnya Forger (voice)
Anya Forger (voice)
Saori Hayami isYor Forger (voice)
Yor Forger (voice)
Kenichirou Matsuda isBond Forger (voice)
Bond Forger (voice)

Video trailer

Similar titles

Hospital Playlist (TV Series 2020-2021) S01 & S02 Complete
A Shop for Killers (2024) TV S01 Complete
ONE PIECE (2023) TV Series | S01 Complete
Crash Landing on You (2019) TV Series | Season 01 Complete
Lazarus (2025) TV Series | S01 | Complete
King the Land (2023) S01 EP01-16 Complete
Gyeongseong Creature TV S01 & S02 Complete
The Uncanny Counter (2023) TV S01 & S02 Complete
The Continental: From the World of John Wick (2023) S01 Complete  |  18+
Weak Hero Class 1 (2022) TV Series S01 & S02 | Complete
Fallout (2024) TV S01 Complete | EP 01-08
Outer Banks (2020) TV Series S01 -S04 Complete

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published