Star Wars: Tales of the Empire (2024) TV Series | S01 Complete
Year:2024
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-06 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
ඔන්න මෙදාපාර අලුත්ම ෆ්‍රැන්චයිස් එහෙකට උපසිරැසි ගන්වන්න ඕන කියලා හිතුනා. අලුත් කිව්ව්ට අලුත් වෙන්නෙ මට විතරයි, ෆ්‍රැන්චයිස් එක නෙවෙයි. ඉතිං කාලෙක ඉඳන් ස්ටාර්වෝස් යුනියට අදාලව උපසිරැසි ගන්වන්න සෑහෙන ආසාවෙන් හිටියෙ. එහෙම වෙලාවක තමා මේ සීරිස් එකට උපසිරැසි ගන්වන්න හිතුවෙ. Tales කියන මේ සීරිස් එකෙ මේ වෙද්දි පලමු වැන්නක් නිකුත් වී අවසන්. ඒ වගේම ඒකට උපසිරැසි අපි ගෙනාවා ඔයාලට මතක ඇති. ඉතින් මේ යුනිය මට අලුත් වුනාට ස්ටාර්වෝස් රසික ඔබට නං අලුත් නොවන්නක් බව නොඅනුමානයි. ඒ කොහොමවුනත් මේ සීරිස් එකට අදාලව වගේම ස්ටාර්වෝස් ෆ්‍රැන්ස්චයිස් එක ගැන මූලික සවිස්තරාත්මක විස්තරයක් ඔයාලට ඉහළින් බලාගන්න පුළුවන්. මට මේ සීරිස් එක උපසිරැසි ගන්වන්න අවස්ථාව ලබාදුන්, උපසිරැසි අධීක්ෂණය කෙරූ වගේම ඉහළ සඳහන් වන සවිස්තරාත්මක ලිපිය ලියූ අපේ තිසර නියෝ සහෝදරයාව ආදරෙන් මතක් කරනවා.
එහෙනම් දැන් අපි කතාව පැත්තට හැරෙමු. කතාව ස්පොයිල් වෙනවට අකමැති අය ඉතුරු ටික නොකියවා ඉන්න කියලත් මතක් කරනවා.
අද කතාව ගැන කෙටියෙන්…,
” විචර්ස්ලා කාණ්ඩයක් වන නයිට්සිස්ටස්ලා වංශයට ඩ්‍රොයිඩ්ලා විසින් පහර දීමක් සිද්ධ වෙනවා. එහිදි මුළු වංශයම ඝාතනයට ලක් වෙද්දි එයින් නයිට්සිස්ටලාගෙ සෙලේනා කියන කෙනාගෙ දියණිය වන මෝගන් පමණක් දිවිගලවා ගන්නවා. එහිදි ඇයට උපකාර කරන්නෙ සාමකාමී දිවිපෙවතක් ගත කරන කඳුකර වංශය විසින්. තම වංශයට අත් වූ ඉරණම සහ තම මව තමන්ගේ දෑස්පිට ඝාතනයට ලක්වූ දුටු නිසා මෝගන් සිටින්නෙ මහත් කෝපයෙන්. එයට වාඩුව ගැනීමට ඇය විටින් විටද නොයෙකුත් උත්සහයන් දරනවා. කඳුකර වංශයේ නායිකාව විසින් මෝගන් හට කීප වතාවක් අවවාද කළත් එය තඹ දොයිතුවකට මායිම් නොකරන මෝගන් ඩ්‍රොයිඩ්ලාගේ අවදානයට නතුවන්නෙ මුළු කඳුකර වංශයද අනතුරේ හෙලමින්. මෝගන්ගෙ මුරණ්ඩුකම නිසා ඇයව එතනින් ප්‍රතික්ෂේප වුවද කාලයත් සමඟ තරුණ මෝගන් වැඩිවියට පත්වන්නෙද පිටට නොපෙන්වන යම් දිනක අනිවාරෙන්ම පළිගන්නා සුළු වෛරීය චේතනාව ඇතිවයි. “
මෙතනින් එහාට මෝගන් මොකක් කරයිද? මෝගන් තම මව ඝාතනයෙ පළිගැනීම අරගන්නෙ නැතිවෙයිද? නැත්තම් ඇයට වෙනත් සැලැස්මක් තියෙනවද?
මේවට උත්තර කතාව බලලම දැනගමු..















