The Judge from Hell (2024) TV Series | Season 01 | Complete
Year:2024
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-14 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast Page
The Judge from Hell ඔන්න ඔය ඩ්‍රාමා එක ගැන තමයි මම කිව්වේ. Romance, Crime, Drama, Fantasy කියන වර්ගීකරණයන්ට අයිති මේ ඩ්‍රාමා එක Park Jin Pyo විසින් අධ්‍යක්ෂණය කර තිබෙනවා වගේම Cho I Su තිර පිටපත් රචනයෙන් දායක වෙලා තියෙනවා. සිකුරාදා, සෙනසුරාදා දින වලදි විකාශය වෙන මේ ඩ්‍රාමා එකේ එක එපිසෝඩ් එකක් පුරා පැයකට වැඩි වෙලාවක් ධාවනය වෙනවා වගේම ඊට සම්පූර්ණ කතාංග 14ක් ඇතුලත්. සැප්තැම්බර් 21 වෙනිදා සිට විකාශය ඇරඹි මේ කතාමාලාව වයස 15ට වැඩි සැමට නැරඹිය හැකි කතාමාලාවක් කියලා තමා නිවේදනය කරන්නෙ.
ප්‍රධාන චරිත ගැන කිව්වොත් Park Shin Hye තමයි කං බිත්-නා කියන චරිතයෙන් අපි අතරට එන්නෙ.. කෙළිලොල් අවිහිංසක පෙම්වතියගේ චරිතවලින් අපි අතරට ආව Shin Hyeගෙ වෙනස්ම පැතිකඩක් අපිට මේ ඩ්‍රාමා එකෙන් බලගන්න පුලුවන්. ඒ වගේම එයා කොච්චර දක්ෂ කෙනෙක්ද කියලත්.. Shin Hyeගෙ ෆෑන් කෙනෙක් නම් අනිවාර්යෙන්ම බලන්න. ඊට අමතරව Kim Jae Young හන් දා-ඔන් කියන චරිතය නිරූපනය කරනවා. ප්‍රධාන චරිත රඟපා තිබුණත් වැඩිය අපේ ඇහට මෙයාව හුරු නෑනෙ. ඒත් මේ ඩ්‍රාමා එක බැලුවට පස්සෙ මෙයාව අපිට අමතක වෙන එකක් නෑ. Shin Hye නිරූපණය කරන කං බිත්-නා කියන චරිතය මිනීමරුවන්ගෙ අපායෙන් ආව යක්ෂණියක් වන අතර හන් දා-ඔන් චරිතයෙන් අප හමුවට එන Jae Young අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිළධාරියෙකුගේ චරිතය නිරූපනය කරනවා
එහෙනම් යමු කතාව පැත්තට..
කං බිත්-නා කියන්නෙ විනිසුරුවරියක්. මෙයාට කෙනෙක් පිහියකින් ඇනලා ඝාතනය කරනවා. ඊටපස්සෙ මෙයා වැරදීමකින් මිනීමරුවන්ගේ අපායට යනවා. මිනීමරුවන්ගේ අපායට ගිහින් නඩු විභාගයට මූණ දෙන්නෙ පව් කලත් පසුතැවෙන්නෙ නැති කණගාටුවෙන්නෙ නැති දරුණුම අපරාධකාරයො.. ඒ අපරාධකාරයො හංවඩු ගහලා ගෙහෙන්නා ගාවට යවනවා. මේ රාජකාරිය භාර වෙලා තියෙන්නෙ යුසටිටිආ කියන කාන්තාවට. එතකොට එයාගෙ සහයකයා තමා වාලක් තියන්නෙ. ඒත් පාඑල් කියන අපායෙ ප්‍රධානියා කියනවා බිත්-නා යන්න නියමිත වෙලා හිටියෙ බොරු අපායට කියලා. හොයලා බලන්නෙ නැතිව බිත්-නාට දුන්න දඩුවම නිසා පාඒල් යුසටිටිආට රාජකාරියක් නියම කරනවා.
“යුසටිටිආ.. මනුස්ස ලෝකෙට යන්න, මිනීමැරුමක් කරලත් පසුතැවිලි වෙන්නෙ නැති කණගාටු වෙන්නෙ නැති අපරාධකාරයො දහ දෙනෙක්ට දඬුවම් කරන්න, එයාලගෙ ජීවිත ගන්න, අපායට එවන්න, අවුරුද්දක් ඇතුලත”
ඇයි කං බිත්-නා වැරදීමකින් මිනීමරුවන්ගෙ අපායට ආවේ?
කං බිත්-නාව මරන්න හේතුව මොකක්ද?
කං බිත්-නාව අපරාධකාරයෙක් කියලා හංවඩු ගැහුවෙ ඇයි? එයාට වුනේ අසාධාරණයක් නෙවේද?
යුසටිටිආ කොහොමද බිත්-නාගෙ ශරීරයට ආවේ?
යුසටිටිආට අවුරුද්දක් ඇතුලත මෙහෙයුම සම්පූර්ණ කරන්න පුලුවන් වෙයිද?
එතකොට වාලක් කෝ?
හන් දා-ඔන් කියන්නෙ මොන වගේ පොලිස් නිළධාරියෙක්ද?
එහෙනම් ඔන්න සතුට විනෝදය කුතුහලය කැටිකරගත්ත මේ කතාව රසවිඳින්න ඔයාලට භාරයි..
- 1
Episode 1 Sep. 21, 2024 - 2
Episode 2 Sep. 21, 2024 - 3
Episode 3 Sep. 27, 2024 - 4
Episode 4 Sep. 28, 2024 - 5
Episode 5 Oct. 04, 2024 - 6
Episode 6 Oct. 05, 2024 - 7
Episode 7 Oct. 11, 2024 - 8
Episode 8 Oct. 12, 2024 - 9
Episode 9 Oct. 18, 2024 - 10
Episode 10 Oct. 19, 2024 - 11
Episode 11 Oct. 25, 2024 - 12
Episode 12 Oct. 26, 2024 - 13
Episode 13 Nov. 01, 2024 - 14
Episode 14 [S01 Last Episode] Nov. 02, 2024














