the price of confession (2025) වර්ෂයේ නිකුත් වුණ මේ  කොරියානු කතා මාලාව අභිරහස් ත්‍රාසජනක කොටස් වලින් පිරුණු කතා මාලාවක් ඉතින්

කතාව පැත්තට ගියොත් එක රැයකින් සාමකාමී ජීවිතයක් බිඳ වැටෙන සරල කාන්තාවකගේ සිත් ඇදගන්නාසුළු කතාවක් තමා මේ,කතාව මූලික වෙන්නේ කලා ගුරුවරියක් වගේම හොද බිරිදක් වුණ අහ් යූන්-සූ හදිසියේම තමන්ගෙම හස්බන්ඩ් ඝාතනය  කාරාට ප්‍රධාන සැකකරු වෙනවා. එයාගේ නිර්දෝෂි බව ඔප්පු කරන්න බැරි වෙන නිසා ඇති වෙන ගැටලුකාරී තත්වය වගේම ඒවගෙන් ඇයට වෙන අහිමි වීම් දරාගන්න විදිහ වාසනාවට හෝ අවාසනාවට හිර කූඩුවේදී, යූන්-සූට හිරේදි අහම්බෙන් හම්බෙන අභිරහස් වෙනස් පුද්ගලයෙක් වෙන මෝ ඉයුන් මුණ ගැසීමත් එක්ක ඇගේ ජීවිතේට ආයේ එළිය ලැබෙනවද ?

නැත්තම් තත්වේ තවත් නරක අතට හැරෙනවද ?

ඒ ගැන තහවුරු කරගන්න සදාචාරය වගේම සත්‍ය ගවේෂණය කරන, අවසානය දක්වා නරඹන්නන් කුතුහලෙන් තියන බලන්න වටින මේ අලුත් කතාව  නරඹන්න කියලා මම ආරාධනා කරනවා

ඒවගේම මේ කතාවේ Goblin,exhuma වගේ තව ගොඩක් ප්‍රේක්ෂක අවදානය දිනාගත් කතාවල රගපාපු කිම් ගෝ-ඉයුන් නිළිය වගේම පාර්ක් හේ-සූ, වගේ අති දක්ෂ රංගන ශිල්පීන් වගේම ශිල්පිනියන් දායක වෙනවා,

ඉතින් මේ ඝාතන නඩුවේ ඇත්ත වගේම අපරාධයේ සත්‍ය එළි වෙනවද බලන්න කතාවේ අවසානේ වෙනකම් රැදී ඉන්න.

සිංහල උපසිරැසි ගැන්වීම CineSubz.lk උපසිරැසි අංශයේ ලොශා​නි විසින්.

Comments

December 26, 2025

Dynamite kiss drama ekat denko🥹

December 31, 2025

Cashero dennakooo

January 4, 2026

2nd episode eke Subtitle weda nahane