When the Phone Rings (2024) TV Series | Season 01 Complete
Year:2024
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-12 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast Page
චිගම් කොසින් චොන්හ්වානන් කියන කොරියානු නම් ලත් When the Phone Rings කතාමාලාවට සම්පූර්ණ කතාංග 12ක් අන්තර්ගත වෙනවා. නොවැම්බර් විසි දෙවෙනිදා ඉදන් තමා ඩ්‍රාමා එක විකාශය වෙන්න පටන් ගත්තෙ. ඒ සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හිඳි. ඩ්‍රාමා එකෙ දිගහැරෙන්නෙ MBC නාලිකාව ඔස්සේ. Thriller, Mystery, Romance වර්ගීකරණයටන්ට අයිති මේ ඩ්‍රාමා එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Park Sang Woo. 2022 වර්ශයේ ජනාදරයට පත් The Forbidden Marriage කතාමාලාව අධ්‍යක්ෂණය කලේ මෙන්න මේ අධ්‍යක්ෂකවරයා. Melancholia, Doctor John වගේ කතා මාලාවල තිර පිටපත් රචනා කරපු Kim Ji Woon මේ ඩ්‍රාමා එකේ තිර පිටපත් රචනයෙන් දායක වෙලා තියෙනවා. Doctor John කියන්නෙ මං ආසම ඩ්‍රාමා වලින් එකක්. දැනට 8.1ක IMDb අගයක් වගේම 99% ක ගූගල් පරිශීලක මනාපයත් සමඟින් When the Phone Rings කතාමාලාව ප්‍රෙක්ෂකයන් ආදරයෙන් වැළදගෙන තියෙන එකත් නොරහසක්.
Yoo Yeon Seok පෙක් සා-ඔන්ගෙ චරිතය වර්ණවත් කරනවා.. පෞද්ගලිකව ලොකූ ආසාවක් තියෙන නලුවෙක් නෙවෙයි.. කොටින්ම එයාගෙ ඩ්‍රාමා එකක් හෝ දෙකයි මාත් බලලා ඇත්තෙ. When the Phone Rings කතාමාලාවෙ එයාගෙ රංගනයනම් අති විශිෂ්ටයි කියන්න පුලුවන්. පැහැදිලිවම රසිකයො එයගෙ පැත්තට නම්මගන්න පුලුවන් විදිහෙ රංගනයක්. අපි කොයි කවුරුත් හොඳට අදුනන ආජි-3 Chae Soo Bin හොං හී-ජු ගෙ චරිතය නිරූපනය කරනවා. ඒ වගේම නා හී-ජුගෙ චරිතයත්. මේ දෙන්නා නිවුන් සහෝදරයොද? ඇයි එයාලගෙ වාසගම වෙනස්? කොහොමද එක වගේ දෙන්නෙක් ඉන්නෙ කියන එකත් තාමත් අභිරහසක්. Heo Nam Jun ජි සං-උ ගෙ චරිතයෙනුත්, Jang Gyu Ri නා යු-රීගෙ චරිතයෙනුත් ප්‍රධාන චරිත වර්ණවත් කරනවා.
එහෙනම් කතාව කොයි වගේද කියලත් සැකෙවින් දැනගමු.
පෙක් සා-ඔන් කීර්තිමත් දේශපාලන පවුලකින් පැවත එන අතර, ඔහු කොරියාවේ ලාබාලතම ජනාධිපති ප්‍රකාශකයා බවට පත්ව තිබෙනවා. එයාගෙ පසුබිමට යුද වාර්තාකාරයෙක්, ප්‍රාණ ඇපකාරයෙක් වගේම ප්‍රධාන නිවේදකයෙක් විදිහට ගත කල කාලයත් ඇතුළත්. සා-ඔන් අවුරුදු තුනකට කලින් හොං හී-ජු එක්ක විවාහ වෙනවා. හී-ජු කියන්නෙ චොං-උන් ඉල්බෝ පුවත්පත් සමාගමේ හිමිකරුගේ දෙවන දියණිය. එයාට පොඩි කාලෙ වුන අනතුරක් හින්දා විකෘතිතාවයකට පත් වී තිබෙනවා. හී-ජු අධිකරණයේ වගේම රූපවාහිනියේ සංඥා භාෂා පරිවර්තිකාවක් විදිහට වැඩ කරනවා. සා-ඔන්, හී-ජු එක්ක විවාහ වෙන්නෙ ගිවිසුමක් මත. විවාහයෙන් අවුරුදු තුනක් ගතවෙලත් ඒ දෙන්නා ජීවත් වෙන්නෙ ආගන්තුකයො විදිහට. මොකද ඒ දෙන්නා අතර වුන විවාහය ප්‍රසිද්ධ කලේ නෑ වගේම හී-ජූව, සා-ඔන් කාටවත් අදුන්වා දෙන්නෙත් නෑ.. කෙටියෙන්ම කිව්වොත් එයාගෙ බිරිඳගේ පැවැත්ම රහසක්. මෙන්න මෙහෙම ඉන්නකොට එක දවසක හී-ජුව කෙනෙක් පැහැරගන්නවා. කප්පම් ඉල්ලන මුවාවෙන් ඒ පැහැරගන්න කෙනා කතා කලත් සා-ඔන් නම් එයාගෙ වචනෙට අවනත වෙන්නෙ නෑ.
වැල්වටාරම් මොකටද? එහෙනම් කතාව රසවිඳින්න කියලා හැමෝටම ආරාධනා කරනවා.
- 1
Episode 1 Nov. 22, 2024 - 2
Episode 2 Nov. 23, 2024 - 3
Episode 3 Nov. 29, 2024 - 4
Episode 4 Nov. 30, 2024 - 5
Episode 5 Dec. 13, 2024 - 6
Episode 6 Dec. 14, 2024 - 7
Episode 7 Dec. 20, 2024 - 8
Episode 8 Dec. 21, 2024 - 9
Episode 9 Dec. 27, 2024 - 10
Episode 10 Dec. 28, 2024 - 11
Episode 11 Jan. 03, 2025 - 12
Episode 12 [S01 Last Episode] Jan. 04, 2025















