මේ සැරේ අරගෙන ආවේ 2025 අවුරුද්දෙදි tvN නාළිකාවෙන් විකාශය වෙන, හැමෝම වගේ ආසවෙන් බලන් හිටිය “Would You Marry Me?” කියන කතා මාලාව.
කතාව පැත්තට හැරුණොත්, මේක ගෙතිලා තියෙන්නේ දකුණු කොරියාවේ පැරණිම බේකරියක් වන “මයොන්ග්සුන්ඩං” හි උරුමක්කාරයා වෙන කිම් වූ-ජු (Choi Woo Shik) වටායි. කිම් වූ-ජු කියන්නේ තමන් ගැනම හිතන, හැමදේම පරිපූර්ණව තියෙන්න ඕන කියලා හිතන දක්ෂ තරුණයෙක්. එයාගේ එකම හීනය තමයි පවුලේ ව්‍යාපාරය තමන් යටතට ගන්න එක.
ඔහොම ඉන්නකොට තමයි එයාට යූ මී-රිව (Jung So Min) මුණගැහෙන්නේ. මී-රි කියන්නේ හරිම දක්ෂ, ඒ වගේම ඉක්මනට කේන්ති යන නිර්මාණ ශිල්පිනියක්. මෑතකදී තමන්ගේ පෙම්වතාගේ වංචාවක් නිසා විවාහ ගිවිස ගැනීමත් කඩාකප්පල් කරගත්තු මී-රි, තමන්ට දිනාගන්න ලැබුණු සුපිරි ගණයේ නිවසක් රැකගන්න හිතාගෙන කිම් වූ-ජුට හිතාගන්නවත් බැරි යෝජනාවක් කරනවා. ඒ තමයි “ව්යාජ විවාහයක්” සඳහා එකඟ වෙන්න කියන එක!

ඉතින්, තමන්ගෙ පාඩුවේ හිටපු කිම් වූ-ජුයි, ප්‍රශ්න ගොඩක පැටලිලා ඉන්න යූ මී-රියි මේ ව්‍යාජ විවාහය නිසා එකට පැටලෙන්නේ කොහොමද?
මේ බොරුවට පටන්ගන්න කසාදෙ ඇත්ත ආදර කතාවක් වෙයිද?
දෙන්නගෙම පවුල් මේකට මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද?

මේ හැමදේම දැනගන්න නම් ඉතින් කතාව බලලම ඉන්න වෙනවා. එහෙනම් හැමෝටම මේ ලස්සන කතාව බලන්න කියලා ආරාධනා කරනවා!

Comments

Leave a Reply to nimantha dilini Cancel

October 27, 2025

Ithuru epi tika thama awe nadda

October 31, 2025

Kooo ithru tikaaa

November 2, 2025

Typhoon family 2025 korean tv series eka oni 😊👍

    November 6, 2025

    ow ow ekath oni

November 5, 2025

Ane ithuru kotas ai danne natte 😢

November 5, 2025

Save my

November 19, 2025

The first frost dennako

November 24, 2025

Spirit fingers drama ekth dennko

November 24, 2025

Ituru tika pisssss