Young Sherlock – අලුත් Detective Series එකක් ආවා!
ඔන්න ඉතින් Cinesubz යාලුවනේ, අද අපි කතා කරන්න යන්නේ අද (මාර්තු 04) Amazon Prime Video එකෙන් අලුතින්ම ආපු සුපිරි series එකක් ගැන. ලෝක ප්‍රකට රහස් පරීක්ෂක Sherlock Holmes ගේ තරුණ කාලය ගැන කියවෙන මේ කතාව Action, Adventure සහ Mystery කියන genres තුනම එකතු කරලා හදපු Young Sherlock කතා මාලාවයි.

මේ කතාව පටන් ගන්නේ Sherlock වයස අවුරුදු 19ක තරුණයෙක් විදියට Oxford University එකේ ඉන්න කාලෙදියි. අහම්බෙන් වගේ එයාට අද්භූත මිනීමරුමක් ගැන හොයන්න සිද්ධ වෙනවා. මේකේ තියෙන භයානකම දේ තමයි, මේ මිනීමරුමේ චෝදනාව එල්ල වෙන්නේ Sherlock ටමයි! තමන්ගේම නිදහස වෙනුවෙන් මේ රහස විසඳන්න එයාට සිද්ධ වෙනවා.

මේ කතාවේ තියෙන ලොකුම twist එක තමයි, Sherlock මේ පරීක්ෂණයට තමන්ගේ සහායකයා විදියට එකතු කරගන්නේ එයාගේ අනාගත ප්‍රධානම හතුරා වෙන James Moriarty ව වීම. මේ දෙන්නා එකතු වෙලා මේ අභිරහස හොයාගෙන යද්දී තමයි තේරෙන්නේ, මේක නිකම්ම මිනීමරුමක් නෙමෙයි, ලෝක මට්ටමේ දැවැන්ත කුමන්ත්‍රණයක් (Conspiracy) කියලා.

Director: ලෝක ප්‍රකට අධ්‍යක්ෂක Guy Ritchie තමයි මේකේ මුල් කොටස් අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය කරන්නේ. එයාටම ආවේණික වුණු ක්‍රියාදාම සහ වේගවත් style එක මේ series එකෙත් බලාගන්න පුළුවන්.

Sherlock: තරුණ Sherlock ගේ චරිතයට පණ පොවන්නේ ජනප්‍රිය නළු Hero Fiennes Tiffin විසිනි.

Moriarty: James Moriarty ගේ චරිතය නිරූපණය කරන්නේ Dónal Finn.

මේක release වෙද්දීම මුල්කාලීන reviews වලට අනුව Rotten Tomatoes දර්ශකයේ 100% ක perfect score එකක් ගන්න සමත් වෙලා තියෙනවා. ඒ නිසා Mystery සහ Action වලට කැමති අයට මේක perfect තේරීමක්. ඒ වගේම Sherlock Holmes චරිතයේ ආරම්භය කොහොමද වුණේ කියලා දැනගන්න ආස අයටත් මේක අනිවාර්යයෙන්ම බලන්න වටින (Must-watch) series එකක්.

අලුත් Movies සහ TV series updates ඉක්මනටම දැනගන්න අපේ Cinesubz Facebook page එකට එකතු වෙන්න අමතක කරන්න එපා. එතකොට හැම update එකක්ම එන විදියටම ඔයාලට දැනගන්න පුළුවන්!

සිංහල උපසිරැසි ගැන්වීම CineSubz.lk උපසිරැසි අංශයේ ධනංජ​ය විසින්.

Comments

March 5, 2026

Supiriyak