It Was Just an Accident (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Jafar Panahi
Cast
Go Full Cast Pageනොසිතූ හමුවීම
ඔන්න අද මම අරන් ආවේ Cannes චිත්‍රපට උළෙලේ ඉහළම සම්මානය වෙන Palme d’Or දිනාගත්තු, ඒ වගේම ඔස්කාර් සහ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලවල පවා ඇගයීමට ලක්වුණු It Was Just an Accident කියන පට්ටම Political Thriller ෆිල්ම් එකට සිංහල උපසිරැසියයි!
කතාව පැත්තට ගියොත්, මේක ගෙතෙන්නේ ඉරානයේ හිරගෙවල්වල ඉඳලා නිදහස් වුණු හිටපු දේශපාලන සිරකරුවන් පිරිසක් වටායි. හිරගෙදර ඉන්න කාලේ තමන්ට අමානුෂික ලෙස වධ හිංසා කරපු නිලධාරියා කියලා සැක හිතෙන කෙනෙක් මේ අයට හදිසියේම මුණගැහෙනවා. ඉතින් ඒ කෙනාගෙන් පලිගන්නවද නැද්ද කියන බරපතල තීරණයත්, ඒ වටා ඇතිවෙන කුතුහලය පිරුණු සිදුවීම් ටිකත් තමයි කතාව පුරාම දිගහැරෙන්නේ.
ලෝකප්‍රකට ඉරාන අධ්‍යක්ෂ Jafar Panahi විසින් ඉරාන රජයේ කිසිම අවසරයක් නැතුව, හඟවමින් රූගත කරපු මේ චිත්‍රපටය ලෝක පුරා විචාරකයින්ගේ ඉහළම පැසසුම් දිනාගත්තු වෙනස්ම විදියේ නිර්මාණයක්.
Political Thriller සහ Drama කතාවලට ආස, සැබෑ සිනමා රසයක් විඳින්න කැමති සෙට් එක නම් මේක අනිවාර්යයෙන්ම බලන්න ඕන එකක්!
ඔයාලාගෙ අදහස පහලින් කමෙන්ට් එකක් දාන්න, ඒක අපිට ගොඩක් වටිනවා. එහෙනම් තවත් සුපිරි උපසිරැසියකින් ඉක්මනටම හමුවෙමු. හැමෝටම ජය වේවා!











