CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1351 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
The Enforcer (1995) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Enforcer (1995) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 02, 1995Hong Kong104 Min.
Your rating: 0
10 1 vote
The Enforcer (1995) | මගේ තාත්තා වීරයෙක්

1995 මාර් තු 02 දින හාපුරා කියා හොංකොං රිදී තිරයෙන් ප්‍රදර්ශනය ඇරැඹූ MY FATHER IS A HERO හෙවත් THE ENFORCER ( ඇමෙරිකාවේ සහ එක්සත් රාජධානියේ පිටපත නිකුත්වුනේ මේ නමින් ). ධාවන කාලය විනාඩි 104 යි. භාෂාව චීන. Action, Crime, Drama, Thriller යන වර්ගවලට අයත් වෙනවා. හොංකොං ඩොලර් මිලියන 15.5 ක බොක්ස් ඔෆීස් ආදායමකුත් උපයාගන්නට සමත්වුනා. Jet Li’s The Enforcer නමින් 2004 දී එක්සත් රාජධානියේ නිකුත් වූ අතර මිලියනයක ජනතාවක් එය රූපවාහිනියෙන් නරඹා තිබුනා. ඒ අනුව එම වසරේ වැඩිම ප්‍රේක්ෂක පිරිසක් රූපවාහිනියෙන් නැරඹූ විදේශීය චිත්‍රපට අතරේ අට වෙනි තැනට පත්වෙන්නට ‘මයි ෆාදර් ඊස් අ හීරෝ’ සමත්වුනා. අති ජනප්‍රිය හොංකොං නිර්මාණ රාශියක් සිනමා ලොවට එක් කල Corey Yuen ගේ තවත් අධ්‍යක්ෂනයක්. Jet Li (කුං වෙයි) ට අමතරව රංගනයෙන් එකතුවෙනවා Anita Mui (ඈන් ෆොන්ග්), Xie Miao (කුං කූ) සහ Yu Rongguang (පෝ ක්වොන්ග්). 1994 වසරේ නිකුත් වූ The New Legend of Shaolin චිත්‍රපටයෙත් ජෙට් සහ Xie Miao තාත්තා සහ පුතා විදිහටම රඟපාලා තියෙනවා. Anita Mui ගැනත් යමක් කියනවා නම් දක්ෂ, ඒ වගේම අතිශය ජනප්‍රිය නිළියක් වගේම ගායිකාවක්. ගායනය පැත්තෙන් කොච්චර සාර්ථක වුනාද කියනවා නම් ඇයව හැඳින්වූයේ ‘නැගෙනහිර මැඩෝනා’ කියලා. ජාත්‍යන්තරව ඇයට වැඩිම අවධානයක් ලැබුනු චිත්‍රපට අතර ජැකී චෑන්ගේ Legend of Drunken Master [1994]සහ Rumble in the Bronx [1995], Michelle Yeoh සහ Maggie Cheung සමග රඟපෑ Heroic Trio [1993] සහ ජෙට් ලි සමග රඟපෑ My Father is a Hero ප්‍රධාන තැනක් ගත්තා. 2003 දී ඇය මිය යනවිට, අවුරුදු 20 ක කාලයක් තුල චිත්‍රපට 50 කට ආසන්න ප්‍රමාණයක රඟපා තිබුනා. ඒ වගේම රංගනයෙන් සහ ගායනයෙන් සම්මාන රාශියකට හිමිකම් කියා තිබුන
කුං වෙයි චීනයේ පොලිස් නිලධාරියෙක්. බිරිඳ අසනීප තත්ත්වයෙන් ඉන්නෙ. අවුරුදු 8 ක පුතා වන කුං කූ සටන් කලා ශිෂ්‍යයෙක්. ඒ දෙන්නාත් ඇතුලුව කිසි කෙනෙක් දන්නෑ වෙයි පොලිස් නිලධාරියෙක් කියලා. ඔහු රහසිගත සේවයක තමයි ඉන්නෙ. හොංකොං මිනීමරු ජාවාරම්කාරයෙක් වන පෝ ක්වොන්ග් ගැන හොයන්න වෙයිව හොංකොං යවනවා. ඔහු ගිහින් ඒ කල්ලියට එකතු වෙනවා. ඔවුන් සමග මංකොල්ලයකට සම්බන්ධවීම නිසා, ඈන් ෆොන්ග් නමැති පොලිස් පරීක්ෂකවරියකුත් වෙයි පස්සෙ පන්නනවා. ඒ අතර වාරේ කුං වෙයිගෙ පුතත් තාත්තා හොයාගෙන හොංකොං එනවා. එහිදී ඔහුව පෝ ක්වොන්ග්ට අහුවෙනවා. ඊට පස්සෙ මොකක් වෙයිද? වෙයිව හෙලිවේවිද?

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම Rasika Samanjith (Baiscopelk)
IMDb 6.5 /10 5,282 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Corey Yuen
Director

Cast

Jet Li isKung Wei
Kung Wei
Anita Mui isInspector Fong
Inspector Fong
Tse Miu isKu Kung / Johnny Kung
Ku Kung / Johnny Kung
Yu Rongguang isPo Kwong
Po Kwong
Damian Lau isYat-Wah's Boss
Yat-Wah's Boss
Ken Lo isThug
Thug
Corey Yuen isBartender
Bartender

Similar titles

Rashomon (1950) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ugram (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The A-Team (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Godse (2022) Sinhala Subtitles | “සිහින වියැකුනු ජීවිත” | සිංහල උපසිරැසි සමඟ
The Three Musketeers: D’Artagnan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pada (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Speedunnodu (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ajagajantharam (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Iron Man (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
High Quality – Valimai (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Limbo (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vendhu Thanindhathu Kaadu (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published