EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
අ සයිලන්ට් වොයිස් (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageA Silent Voice (2016) | නිහඬ හඬක්…
A Silent Voice 2016
මේක ගොඩක් ලස්සන ඒ වගේම සංවේදී ෆිල්ම් එකක්. මේක මේ නම්න්ම තියෙන චිත්‍ර කතාවක් මුල් කරගෙන තමයි හදලා තියෙන්නේ. ඔයාලටත් වෙලාව තිබ්බොත් කියවන්න, ඒකේ මීට වඩා සිද්ධි ඇතුළත් වෙලා තියෙනවා. චිත්‍ර කතාවට අසාධාරණයක් නොවෙන විදිහට නඕකෝ යමාදා තමයි මේ ජපන් ඇනිම් ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. 2016 දී තිරගත උන මේ ෆිල්ම් එක ඇමරිකානු ඩොලර් මිලියන 20ක ආදායමක් සමගින් බොක්ස් ඔෆිස් වාර්තාවක් තියලා තියෙනවා. ඒ වගේම IMDb 8.2 ක රේටින්ග් තියෙනවා.
මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත දෙක තමයි නිෂිමියා සහ ඉෂිදා. පටන් ගන්නේ ඉෂිදා දිවිනහගන්න තැනින්. ඉෂිදා කියන්නේ අවු.18ක පිරිමි ළමයෙක්. ඉතින් ඇයි ඉෂිදා මැරෙන්න හදන්නේ? ඒක පිටිපස්සේ ලොකු කතාවක් තියෙනවා. එතකොට කවුද නිෂිමියා කියන්නේ. එයාගේ පොඩි විශේෂත්වයක් තියෙනවා. හරි එහෙනම් මේ ඔක්කෝම ප්‍රශ්න වලට හේතු දැනගන්න ඔයාලම මේ ෆිල්ම් එක බලන්නකෝ. මං හිතනවා මේක රසවිඳියි කියලා.











