CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1893 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [No Ads]
12 Angry Men (1957) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

12 Angry Men (1957) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 10, 1957United States97 Min.
Your rating: 10
10 3 votes
12 Angry Men (1957) | දොලහකගේ මතය

1954 දී Reginald Rose ගේ පිටපතකින් කළ එළි බැස්ස Twelve Angry Men කියන රූපවාහිනී නාට්‍යය ඇසුරින් නිර්මාණය කල අපූරු ගණයේ සිනමා සිත්තමක් තමයි 12 Angry Men කියන්නේ. මෙය චිත්‍රපටියක් ලෙස එළිදකින්න කලින් 1955 දී වේදිකා නාට්‍යයක් බවටත් පත්වෙනවා. එය 328 වාරයක් වේදිකාගත වෙලා තියනවා. භාෂා විශාල ගණනකට පරිවර්ථනය සහ අනුවර්ථනය වී ඇති මෙය මේවන විට ලාංකීය වේදිකාවටත් ගොඩවී තිබෙනවා අනුවර්ථනයක් විදියට “දොලහක්” යන නමින්. තවමත් මටනම් එය නරඹන්න උනේ නෑ. ඒත් ලොකු ආසාවක් තියනවා එයත් නැරඹීමට.

මේවන විට මෙම චිත්‍රපටය ලක්ෂ දෙකකට ආසාන්න ප්‍රේක්ශක සංඛ්‍යාවකගේ ඇගයීම මත IMDb හි 8.9ක අගයක් අරන් තියනවා. ඒ වගේම එහි හොඳම 250 අතරින් 6 වන තැන මේ වනවිට රැඳී තිබෙනවා. හිතාගන්න පුළුවන්නේ කොහොමද කියලා..

තමන්ගේ තාත්තා පිහියකින් ඇන මැරුවේ යැයි සැක කරන පුතෙකුට විරුද්ධව අසමින් පවතින නඩුවක ඉන්නා ජූරී සභිකයින් 12 දෙනෙක් වටා තමා කතාව ගලා යන්නේ. නඩුවේ සාක්ෂි විමසීමෙන් අනතුරුව විනිසිරු විසින් ජූරියට බාරදෙනවා සාකච්ඡා කරලා ඒ අයගේ තීරණය දැනුම් දෙන්න කියල. හැබැයි ඒ තීරණය ඒකමතික තීරණයක් විය යුතු බවත් කියා සිටිනවා. ඉතින් කවුරුත් කාමරයක තියන මේසයක් වටා රැස්වෙලා මේ මිනී මැරුම සහ ඒ හා සම්බන්ධ සාක්ෂි පිළිබඳව කතාබහ ආරම්භ කරනවා. මුලින්ම කරන්නේ වැරදිකරුද නිවැරදිකරුද කියලා කට්ටියගේ ඡන්දය විමසන එක. එහිදී 12 දෙනාගෙන් 11 දෙනෙක්ම පුතා වැරදිකරු බව කියා සිටිනවා. නමුත් එක් ජූරි සභිකයෙක් පමණක් නිවැරදිකරු බව කියනව. විනිසුරු වෙත ගෙන යා යුත්තේ ඒකමතික තිරණයක් නිසා මේ සාකඡාව ඉක්මනින් ඉවර කරන්න හිතාගෙන හිටියත් මේ ඇති උන තත්වය උඩ නිවැරදිකරු බව කී ජූරි සභිකයාගෙන් එහෙම තීරණය කරන්නට හේතු වූ කරුණු අනෙක් අය විමසනවා. ඔන්න ඔතන ඉඳන් තමා කතාව පටන් ගන්නේ හරියටම. මෙතනින් එහාට කියන්න යන්නෙත් නෑ මුකුත්ම කතාව ගැන.. ඔබම බැලිය යුතුයි මොකද වෙන්නේ කියල.

මේ චිත්‍රපටයේ තියන තවත් විශේෂ දෙයක් තමයි චිත්‍රපටියේ කාලයෙන් 95% පමණ තියෙන්නේ එකම පසුතලයක. එහෙම කියපුවාම හිතෙන්නෙ නම් මේක මහ බෝරින් එකක්නේ කියලා නේද.. මටත් එහෙම හිතුනා. නමුත් බලාගෙන යනකොට ඔබටම තේරෙන්නේ නෑ චිත්‍රපටය ඉවරයි නේද කියන එක. 😀 අනෙක් කරුණ චිත්‍රපටය පුරාවටම මේ එකදු චරිතයකවත් නමක් සඳහන් වෙන්නේ නෑ. චිත්‍රපටය අවසානයේ දී පමණයි දෙදෙනෙක් තම තමන්ව හඳුනාගන්නේ.

12 Angry Men (1957) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
12 Angry Men (1957) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
12 Angry Men (1957) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
12 Angry Men (1957) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
12 Angry Men (1957) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
12 Angry Men (1957) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
12 Angry Men (1957) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
12 Angry Men (1957) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
12 Angry Men (1957) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
12 Angry Men (1957) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම චමි.දේ.වා (Baiscopelk)
IMDb 9 /10 861,824 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Sidney Lumet
Director

Cast

Similar titles

Scooby-Doo! Meets Courage the Cowardly Dog (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Border (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Casper (1995) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Interceptor (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Gorge (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Philip’s (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Girl on the Mountain (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Spider-Man: No Way Home (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nerve (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Beyond The 7 Seas (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Assassin’s Creed: Embers (2011)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Argylle (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published