CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
3875 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
12th Fail (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

12th Fail (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 27, 2023India146 Min.
Your rating: 0
9.7 152 votes
12th Fail (2023) | දිනපන් බන්… දිනපන්!!

2024 අලුත් අවුරුද්දට ආවේ, 2023 හොඳම හින්දි චිත්‍රපටය බලලද?
නෑ නේද?

2024න් දවස් 03ක්ම ගෙවිලා ගියේ ඇහැටයි මනසටයි කිසිම සංග්‍රහයක් නැතුවමද?

ඊයේ පෙරේදා මුහුණු පොත ඇතුළු සමාජ මාධ්‍ය පුරා
ලෝකේ ගොඩ දෙනෙක් කතාබහ වුණු ඒ “මාර” හින්දි චිත්‍රපටය
තාමත් බලන්න බැරි වුණාද?

කිසිම සුපිරි තරුවක් නැතුව, ඉන්දියාව පුරාම තිරගත කිරීම් 600ක් විතරක් තියාගෙන
වැඩි සද්ද බද්දයක් නැතුවම ඇවිල්ලා, තිර සංඛ්‍යා 2500ක් තියෙන චිත්‍රපට පවා පැත්තකට විසික් කරලා
වියදම වගේ තුන් හතර ගුණයක ආදායම හොයලා Super Hit වෙච්ච ඒ චිත්‍රපටය මොකක්ද?

ජාත්‍යන්තර සිනමා දර්ශකයේ (IMDb) 9.2ක දැවැන්ත අගයක් අරන්
මේ වෙද්දි ලෝකේ හොඳම චිත්‍රපට 250 අතරට එකතු වෙන්න තරම්
වාසනාවන්ත වෙච්ච ඒ ඉන්දියානු නිර්මාණය මොකක්ද?

Tiger 3 එනකම් සිනමාශාලා අල්ලාගෙන හිටපු,
ඒ ආවට පස්සෙත් කිසි විදිහකින් නොසැලී හිටිය
සමහර වෙලාවකට Tiger 3 එකටත් අභියෝග කරපු ඒ පුංචි චිත්‍රපටය මොකක්ද?

2023 වසරේ සිනමාශාලා ප්‍රේක්ෂකයන්ට සට සට ගාලා කඳුළු වක්කරන්න සලස්වපු
ඒත් එක්කම සතුටින් හිනා වෙන්න සලස්වපු, විසිල්ඒ එකක් ගහන්න සලස්වපු
ඒ අසහාය නිර්මාණය මොකක් වෙන්න ඇතිද?

සිනමා විචාරකයන්ගෙන් අත දිග ඇරලා
බලෙන් වගේ තරු 4,5 දිනාගත්තු ඒ චිත්‍රපටය
ඇත්තටම මොකක්ද?

3 Idiots, Munna Bhai, Sanju, PK වගේ සුප්‍රසිද්ධ නිර්මාණ වලට දායක වෙච්ච
Vidhu Vinod Chopra විසින් අධ්‍යක්ෂණය කරපු
මුළු ලෝකයක්ම ආදරය කරපු/කරන ඒ හින්දි නිර්මාණය මොකක්ද?

මේ හැම ප්‍රශ්නයකට උත්තරේ එකක්මයි.

ඒ මේකමයි.

12th Fail

හැබැයි,
තවමත් බලන්න හිතෙන්නැත්තම්
චිත්‍රපටියේ නමින්, නළු නිළියන්ගේ පිට පොත්තෙන් සිනමාවක් මැනලා
මෙවන් සිනමාවක් මගහැරගන්නවා නම්,

ඒ ඔබේ කරුමයක්මයි..!!

2023 වසරේ ඔක්තෝම්බර් 12වන දින තිරගත ඇරඹුණු 12th Fail චිත්‍රපටය IPS Manoj Kumar Sharma මහතාගේ ජීවිත කතාව අලලා Anurag Pathak විසින් රචිත කෘතියක් වෙන 12th Fail ඇසුරින් නිර්මාණය කරන ලද්දක්. අති දක්ෂ නළුවෙක් වෙන Vickrant Massey සමඟ Medha Shankar ප්‍රධාන චරිත රඟ දැක්වූ මේ චිත්‍රපටය කෙරෙහි මුලදී කවුරුත් වැඩි අවධානයක් පෙන්වූයෙත් නෑ. ඊට ප්‍රධාන හේතුව වුණේ මෙම චිත්‍රපටය Kangana Ranaut රඟන Tejas (2023) සමඟ එකට ගැටෙන්නට නියමිතව තිබූ නිසා. ඒත් චිත්‍රපට ද්විත්වය තිරගත වීමත් සමඟම වාතාවරණය උඩු යටිකුරු වුණේ ජයග්‍රහණය 12th Fail සිනමාපටය සතු කරමින්. Tejas පමණක් නොවේ 2023 වසරේ තිරගත වූ සෑම හින්දි නිර්මාණයක්ම වගේ පරදවමින් මුළු ලෝකයේම වැඩිම ආදරයක් දිනාගන්නට මේ පුංචි සිනමාපටයට හැකි වෙනවා. ඉතින් මේ සිනමාපටයේ අධ්‍යක්ෂකවරයා වගේම රචකයා වුණේත් Raj Kumar Hirani සමඟින් ගහට පොත්ත සේ හිටිය Vidhu Vinod Chopra මහතා. හිරානිගේ නම ගිය චිත්‍රපට කිහිපයකම රචකයා වුණෙත් ඔහු. ඉතින් මෙවර හිරානි මොහු නොමැතිව සිදු කළ Dunki සිනමාපටය ලද තරමක් ඇල් මැරුණු ප්‍රතිචාර හා 12th Fail ලද අසමසම ධනාත්මක ප්‍රතිචාර හමුවේ විවිධ කට කතා පවා පැතිරෙන්නට පටන් ගත්තා, හිරානිගේ පෙර සිනමාපට වල සාර්ථකත්වයේ සැබෑම හිමිකරු මේ Vidhu බවටත්. මේවයේ ඇත්ත නැත්ත අපි දන්නෑ ඉතින්, අපේ කතාවට අපි හැරෙමුකෝ නේද?

12th Fail… මේ ඔබ ඔබේ ජීවිත කාලය තුළ අනිවාර්යෙන්ම නැරඹිය යුතු චිත්‍රපටයක්. සැකයක් නැහැ මේ වසරේ බොක්ස් ඔෆිස් කප් ගත්තු චිත්‍රපට ඇත්තටම ඔබ අපි නැරඹුවාට පස්සේ ඔලුවට එන්න ඇත්තේ අපේක්ෂා භංගත්වයක්. ඇත්තටම කියපු තරම් දෙයක් ඒවායේ තිබ්බේ නැහැ. එච්චරටම ආදායම් පවා හෙව්වේ කොහොමද කියන එක ගැටළුවක්. එහෙමත් වෙලාවක, හින්දි සිනමාපට එපා වෙලා තිබ්බ වෙලාවක ආපු මේ චිත්‍රපටය ගැන නම් ඇත්තටම කියන්න වචන නැහැ. ඒ නිසා ආයෙත් කියන්නේ අනිවාර්යෙන්ම බලන්න. කොළ බොක්කටම වදින නියම කතාවක් තියෙන්නේ. බයෝපික්ය, ඛාන් කෙනෙක් නෑය, පට්ට කෑල්ලක් නෑය කියලා මේක මගාරින්න හිතන්නෙපා. උඩ කියපු පට්ට කෑලි ටික අමතක වෙනවා මේ Medha කෙල්ලගේ රංගනය දැක්කම. ඒ වගේම මේක බැලුවම හිතට දැනෙන ගැම්ම ගැන කියන්න වචන නෑ. අවසානයේ හරිම ලස්සන පණිවිඩයක් අපේ ඔලුවට හලාගෙනත් යනවා හරිම නිරායාසයෙන්ම. ඒ තමා ඉගෙන ගන්න එක තරම් වටින සම්පතක් තවත් නෑ කියන එක. එක එක්කෙනා කියයි අනේ ඉගෙන ගත්තට වැඩක් නෑ, උපාධියකින් පලක් නෑ, උපාධි ගත්තු අය අද අතන ඔය මුකුත් නැති මම අද එයාලට වඩා ගොඩක් ඉදිරියෙන් කියලා. කිසිම කනකට ගන්නෙපා. කිසිම විදිහකින් අධ්‍යාපනය කියන දේ නවත්තන්නත් එපා. කවදාහරි කොතැනක හරි ඒ දේ වැදගත්කම අපිට දැනෙනවා දැනෙනවාමයි. තවමත් නොවුණු නොලැබුණු දේවල් වෙනුවෙන් දිගටම වැඩ කරගෙන යමු. අතාරින්නෙ නැතුව අල්ලගෙනම යමු. චේතනාව යහපත් නම්, කාටවත් කරදරයක් නැත්තම් දවසක අනිවාර්යෙන් කවුරුත් දිනනවාමයි.

අතාරින්නැතුව ගේම ගහගෙන යන සුබ නව වසරක්ම වේවා!!

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම PHOENIX | Bimsara Yashan (ඔලිව) (Baiscopelk)
IMDb 9.2 /10 31,897 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Vikrant Massey isManoj Kumar Sharma
Manoj Kumar Sharma
Medha Shankar isShraddha Joshi
Shraddha Joshi
Anant Joshi isPritam Pandey
Pritam Pandey
Priyanshu Chatterjee isDushyant Singh
Dushyant Singh
Vikas Divyakirti isVikas Divyakirti
Vikas Divyakirti
Harish Khanna isRamveer Sharma
Ramveer Sharma
Sam Mohan isDeep Mohan
Deep Mohan

Similar titles

Sufiyum Sujatayum (2020) Sinhala Subtitles
Bro Daddy (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Trial of the Chicago 7 (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Charlie (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Logan (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Life in a Metro (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
අ සයිලන්ට් වොයිස් (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aarkkariyam (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maggie (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dawn of the Planet of the Apes (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Jazzman’s Blues (2022) Sinhala Subtitles |18+
Iravin Nizhal (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(2) comments

  • sl jani January 18, 2024 Reply

    thanks cinesubz great work for us

  • Dinusha January 21, 2024 Reply

    😁❤️

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published