EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

28 Weeks Later (2007) | ඔබත් සුරක්ෂිතද?

 

ලන්ඩනයේ භයානක වෛරසයක් පැතිර යනවා එය ආසාදනය වෙන මිනිසුන් උන්මත්තකයන් ලෙස අනික් අයව සපා කෑමට පෙලඹෙනවා. මෙයින් තවමත් බේරි සිටින ඩොන් හා ඔහුගේ බිරිඳ ඇතුලු ටික දෙනෙක් ගම්බද පලාතක සැගවී සිටින විට වෛරසය ආසදනය වූවන් එම ගෙදරට පහර දෙනව,මේ සිද්දියෙන් ඩොන් කලබල වී කාමරයකට කොටු වී සිටින තම බිරිඳ අතහැර දමා පලා යනවා.
ඉන් සති 28 කට පසු බොහෝ දෙනා මියගොස් ඇති නිසා වෛරසය පැතිරීම නතර වී ඇතත් එයට තවමත් බෙහෙතක් සොයාගෙන නැහැ. ලන්ඩනය පාලුවට ගොස් ඇති අතර,  ආසදනය නොවී ඉතුරු වී සිටින ටික පිරිස නගරයේ එක්තරා අධිආරක්ෂිත පෙදෙසක වෙසෙනවා. එම පෙදෙස ආරක්ෂා කීරීමේ වගකීම පැවරී තිබෙන්නේ ඇමෙරිකානු හමුදාව ප්‍රමුඛ නේටෝ හමුදාවටයි.
මේ අතර විදේශයක ජීවත් වූ ඩොන් ගේ දරුවන් දෙදෙනා තම පියා සමග විසිමට නැවත ලන්ඩනය බලා පැමිනෙන අතර ඩොන් දැන් මෙම ප්‍රදේශයේ නැවත පදිංචි කිරීමේ වැඩකටයුතුවල ඉහල තනතුරක් දරනවා.
ඔවුන්ට තම මව නැති අඩුව තදින් දැනෙන අතර නොදැනුවත්වම ඔවුන් දෙදෙනා විශාල වැරැද්දක් කිරීමට පෙළඹෙනවා. එය කුමක්ද? එයින් ඇතිවෙන ප්‍රතිඵල කෙසේ වෙයිද? මේ ලොකු රහස දැනගන්න නම් ඉතින් ෆිල්ම් එක බලන්නම වෙනව..

Comments