EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Page800 (2023) | “අපේ වීරයා”
(800 Sinhala Subtitle) (800 Sinhala Sub) (800 (2023) Sinhala Subtitle)
මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.
800 කියපු ගමන්ම දන්නවා නේ ෆිල්ම් එක ගැන. අපේම එකෙක්ගැන කියන කතාවක් ඉන්දියාවෙන් කියන්නේ. අපට කරන්න බැරිවුන දේ ඉන්දියාවෙන් කරල. කමක් නෑ කියමුකෝ. වෙන ෆිල්ම්ස් ගැන FB එකේ හෑලි ලියන අය මේ ගැන කිසිම හාවක් හූවක් නෑ. මට තේරෙන්නේ නැති එකම ප්‍රශ්නය ඕකයි.
හරි මමවත් ඕක ගැන කියන්නම්. මේ ෆිල්ම් එක කරන්න හැදුවේ වෙන්කට් ප්‍රභූ අපේ විජේ සේතුපතිව යොදාගෙන. නමුත් මේකට තමිල්නාඩුවෙන් විශාල විරෝධයක් ආවා. ඒකෙන් ඒ වැඩේ නතරවුනා. නමුත් ඊට පස්සේ M.S. Sripathy වැඩේ භාර අරගෙන Madhur Mittal දාල ගොඩා දාල දීල. වෙන්කට්ට විරෝධය පාපු අය මේකට විරෝධයක් නොපෑවේ අයි කියලනම දන්නේ නෑ .
කතාව ලියල තියෙන්නේ M.S. Sripathy හා Shehan Karunatilaka විසින් . සංගීතය Ghibran ගෙන්. ඒකනම් මරුවට තිබුනා. කැමරාකරණය R. D. Rajasekhar විසින්ද සංස්කරණය Praveen K. L. විසින්ද මෙහෙයවල තියෙනවා.
Madhur Mittal මුරලිදරන්ගේ චරිතයට පන පොවල තියෙනවා වගේම මුරලිගේ බිරිදගේ චරිතයට Mahima Nambiar දායකවෙලා තියෙන්නේ. King Ratnam තමයි අර්ජුන රණතුංගගේ චරිතයට පනපොවන්නේ. ආයේ දෙකක් නෑ ඒ චරිතයනම් ලාංකීය ක්‍රිකට් ක්‍රීඩා රජුලෙස සලකන්න පුලුවන් අර්ජුනගේ චරිතය එහේම්පිටින්ම තිරයට ගෙනල්ලා තියෙනවා . ෆිල්ම් එකේම මගේ සිත්ගත් චරිතය . ඒ වගේම Narain ප්‍රභාකරන් Nassar, Vadivukkarasi, Riythvika, Vela Ramamoorthy (මුරලිගෙ තාත්තා ) Sharath Lohithaswa (මුරලිගේ කෝච් ) ලෙස රංගනයේ දායක වෙනවා.
අපේ අය ගොඩාක් ට්‍රේලරය බලලා වෙනස් විදියට හිතන් ඉන්නේ. හමුදවට හා ප්‍රභා එක්ක කතාව ගැන. ඒක සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක් අපට සිනමාව තුලින් බලාගන්න පුලුවන්. මේක වෙනස්වෙන්න ඕන කියන එකයි තමිල්නාඩුවේ ප්‍රශ්නය වුනේ.
අවසාන වශයෙන් කියන්න පුලුවන් මේකට අනවශ්‍ය වර්ණවත් කරන්න කියල එක එක දේවල් ඇතුලත් කරලනම් නෑ. නිම චරිතාපදානයක් කියලනම් කියන්න පුලුවන් සිනමාවක් .
ඉතින් කට්ටියත් බලලා කොමන්ට් මොනව හරි කියන්නකෝ.






