CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1304 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 02 [With Ads]
A Boy Named Charlie Brown (1969) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

A Boy Named Charlie Brown (1969) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 04, 1969United States86 Min.
Your rating: 0
6.7 3 votes
A Boy Named Charlie Brown (1969) | චාලි බ්‍රවුන් නම් කොලුගැටයා

ෆොහ් හොහ් හෝ… යාලුවනේ… ඔන්න එහෙනම් මම ආයෙත් ආවා මගෙ 5 වැනි සිංහල උපසිරැසි පරිවර්තනයත් අරගෙන. මේ වතාවේ ඔයාලට අරගෙන ආවේ ටිකක් පරණ ඇනිමේෂන් චිත්‍රපටයක්. මේක Animation, Comedy, Drama යන ශානර වලට අයත් සහ IMDB මීටරේ 7.3 ක අගයක් හා කුණුතක්කලි මීටරේ 95% ක් සමග 86% ක Audience score එකකුත් අරගන්න සමත් වුණ පවුලේ සැමට නැරඹිය හැකි ලස්සන සලරුවක්.

මේකෙ කතාව ගෙතෙන්නේ චාලි බ්‍රවුන් කියන කොලු ගැටයා වටා. මෙයාට කිසි වැඩක් හරියට කරගන්න බෑ. හරි පරාජිත හැගීමක් තියන කෙනෙක්. හැබැයි මෙයාට ඕනෙ මෙයාටත් දෙයක් කරන්න පුළුවන් කියලා අනිත් අයට පෙන්නන්න. ඒ නිසා එයා ඉස්කෝලෙ තියන Spelling Bee තරගෙට ඇතුවත් වෙනවා. මේ Spelling bee තරගයක් කියන්නෙ මෙහෙමයි.. අමැරු සංකීර්ණ වචනයක් අපිට දෙනවා. අපි ඒකෙ spelling හරියටම කියන්න ඕනේ. (අපි ඉස්කෝලේ ඩික්ටේෂන් පාඩම් කරලා ලිව්වා වගේ නේද) මේකෙදි තරග කරන කෙනා අකුරු හරියටම කිව්වොත් ගොඩ. නැත්තං කැපෙන්න වෙනවා තරගයෙන්. ඉතින් චාලි බ්‍රවුන් කොලුවට මේ තරගේ දිනන්න පුළුවන් වෙයිද? තමන්ටත් දෙයක් කරන්න පුළුවන් කියලා ඔප්පු කරනගන්න පුලුවන් වෙයිද? චිත්‍රපටය බලන්න කියලා ආරාධනා කරනවා..

ඒක නෙවෙයි මේ චාලි බ්‍රවුන් කියන හාදයා කවුද. මේ යෝධයා කොහෙන් ද ආවේ. මොකක්ද මේ ඇතුලේ අභ්‍යාන්තරයේ තියෙන්නෙ කියලා අපි පොඩ්ඩක් අවුස්සමු. ඒ යෝ කම් විත් මී…

මුලින්ම එහෙනම් මම මේකේ විස්තර, වත ගොත, සුල මුල ටිකක් හාරාවුස්සලා පොටක් පාදලා දෙන්නම් මේක ගැන අදහසක් නැති අයට මේක මොකද්ද කියලා.

ඔයාලා මේ චාලි බ්‍රවුන් කියන කාටුන් චරිතය මීට කලින් අහලා දැකලා තියනවද? නැත්තම් Snoopy (ස්නූපි) කියන කාටුන් බලු පැටියාගේ චරිතය හමුවෙලා තියනවද? ඔයාගේ පිලිතුර “නැත” යන්න නම් මම දැන් පොඩ්ඩක් වටපිටාව අවුස්සලා දෙන්නම් දැනගන්න කැමති අය උදෙසා.

“Peanuts” . මේක තමයි මෙම චිත්‍රපටයට පාදක වන චරිත ඇතුලත් කතාවේ නම. කොටින්ම කිව්වොත් Peanuts කියන්නේ Comic Strip එකක්. බොහොමයක් පරණ ඇනිමේෂන් කතා වලට පාදක වෙන්නේ ඒ නමින් ම නිකුත් වී ඇති Comic Strip හෝ Comic Books තමයි. උදාහරණයක් ලෙස අපි ඉස්සර සිරස ටී වී එකේ බලපු “දඟයා” (Dennis the menace) කියන්නෙත් ඒ වගේ comic strip එකක් පාදක කරගෙන හදපු Animation කතාවක්. අද මේ ගෙනාපු චිත්‍රපටයත් එහෙමම තමයි.

මුලින්ම කියන්නම්කෝ Comic strip එකක් කියන්නේ මොකද්ද කියලා. සරලවම කිව්වොත් Comic strip එකක් කියන්නේ දිනපතා හෝ සතිපතා එන පුවත්පතක පලවන කාටුන් තීරයකටයි. උදාහරණයක් ගත්තොත් ශ්‍රී ලංකාවේ “කැමිලස් මහතාගේ ගජමෑන්” කියන්නෙත් මේ වගේ කාටුන් එකක්.

ඉතින් මේ Peanuts කියන්නේ 1950 දී Charles M. Schulz මහතා විසින් නිර්මාණය කරන ලද Comic Strip එකක්. ඔහු අමෙරිකානු ජාතික කාටුන් ශිල්පියෙක්. 1950 සිට 2000 වර්ෂයේ ඔහුගේ වියෝවීම දක්වා ම ඔහු මෙම Comic Strip එක පලකරලා තියනවා. ඇත්තම කිව්වොත් මේක වර්තමානයෙත් වෙලද භාණ්ඩ රාශියක වපසරියක විහිදී ඇති දැවැන්ත cult classic එකක් වී හමාරයි. ස්නූපි සහ චාලි බ්‍රවුන් චරිත අඩංගු බොහොමයක් merchandise ලෙස (වෙළඳ භාණ්ඩ) ලොව පුරා ප්‍රකටයි. ඔයාටත් අනිවාර්යයෙන්ම මේ චරිත ඇසගටිලා ඇති. Hollywood Walk of Fame හි තරුවක්ද Charles M. Schulz මහතාගේ නමින් වෙන් කරලා තියනවා.

ඉන්නකො මම මේ comic strip එකේ චරිත ටික ගැන පොඩි හදුන්වාදීමක් කරන්නම්. ප්‍රධාන චරිත ටික තමයි Charlie Brown, Sally Brown, Marcie, Peppermint Patty, Schroeder, Snoopy, Spike, Linus van Pelt, Lucy van Pelt, and Woodstock කියන්නේ.

ඉතින් මේ Peanuts gang එකේ ප්‍රධාන චරිතය Charlie Brown කියන කොලු ගැටයා. මෙයාට කිසි වැඩක් හරියට කරගන්න බෑ. මොන වැඩේට අතගැහුවත් ඒක දෙල් වෙනවා. මෙයා හරිම පරාජිත හැගීමක් තියන කෙනෙක් විදිහට තමයි කතාවෙ යන්නෙ. හැබැයි මෙයා මරු චරිතේ. මෙයා අවංකයි, නිහතමානීයි, හිත හොඳයි. චාලිගේ සුරතලා තමයි ස්නූපි කියන බීගල් වර්ගයේ බලු පැටියා. මේ බල්ලා එසේ මෙසේ එකෙක් නෙවෙයි. මේකා පට්ට ආතල් දෙන ඩයල් එකක්. චාලිට පණ ඇරලා ආදරෙයි. චාලිට බොක්කෙන්ම සපෝට්. ස්නූපි ගේ හොදම යාලුවෙක් තමයි වුඩ් ස්ටොක් (woodstock) කියන කැනේරි වර්ගයේ කහ කුරුල්ලා. (හැබැයි මේ චිත්‍රපටයේදී අපිට woodstock ව දැකගන්න ලැබෙන්නෑ) . චාලි බ්‍රවුන්ගේ හොදම යාලුවා තමයි ලයිනස්. ලයිනස් යන යන තැන එයාගේ බ්ලැන්කට් එකත් අරන් යනවා. ලුසී කියන්නෙ ලයිනස්ගේ අක්කා. ශ්‍රව්ඩර් කියන්නෙ බීතෝවන්ගේ සංගීතයට පිස්සු වැටිච්ච කොලුවෙක්. ලුසී මෙයාට පොඩි ක්‍රෂ් එකක් තියේ. සැලී කියන්නේ චාලි බ්‍රවුන් ගේ නංගි. සැලීගෙ හිතේ ලයිනස් ගැනත් ක්‍රෂ් එකක් තියේ. Pig-pen කියලා කොලුවෙකුත් ඉන්නවා. ඒ යකා හැමවචලාවෙම ඉන්නේ දූවිලි ගොඩක් නාගෙන. හරිම අපිරිසිදු ඩයල් එකක්. තව පෙපර්මින්ට් පැටී කියලත් චරිතයක් ඉන්නවා.

ප්‍රධාන චරිත වලට අමතරව සහය චරිත ලෙස Eudora, Franklin, Frieda, Violet, Lydia, Patty, Rerun, PigPen, Shermy ඇතුලු තව බොහෝ චරිත ඉන්නවා. විෂේශ දේ තමයි මේකෙ වැඩිහිටි චරිත කිසිවක් නෑ. චිත්‍රපට වලදී වැඩිහිටි චරිත වල දෙබස් පවා ඇහෙන්නේ පසුබිම් හඩක් ලෙසයි. ඒකත් “බ්ලා බ්ලා බ්ලා” කියලා විතරයි ඇහෙන්නේ.

ඇත්තම කිව්වොත් මේ comic strip එක ගැන සහ ඒ චරිත ගැන මීට වඩා පත ලොට් විස්තර ගොඩක් තියනවා. කැමති කට්ටියට ඒවා හොයලා දැනගන්න පුලුවන්.

ඉතින් මේ Peanuts comic strip එක පාදක කරගෙන ඇනිමේෂන් සීරිස් රැසක් එලිදක්වලා විකාශය කරලා තියනවා. animated specials ලෙස ඇනිමේෂන් කතාද විකාශය කරලා තියනවා. A Boy Named Charlie Brown (1963) දී TV Documentary කතාවක් නිපදවූ නමුත් එය විකාශය කිරීමට නාලිකාවක් නොමැති වීම නිසා එය විකාශය කල් දමා තියනවා. පසුව A Charlie Brown Christmas (1965) ඇනිමේෂන් ස්පෙෂල් කතාංගය CBS නාලිකාව හරහා විකාශය කිරීමෙන් පසු මේ දක්වා විවිධ අයුරින් animated specials 50 කට අධික සංඛ්‍යාවක් නිපදවලා තියනවා. තවද Animation Television Series ලෙස The Charlie Brown and Snoopy Show (1983-1985) යන නමින් සීසන් දෙකක් සහිත කොටස් 18 කින් යුත් කතාමාලාවක් CBS නාලිකාව විකාශය කරලා තියනවා. තවද This Is America, Charlie Brown (1988-1989)ලෙස කොටස් 8 කින් යුත් අමෙරිකානු ඉතිහාසය අඩංගු සිදුවීම් ඇතුලත් කතාමාලාවක් CBS නාලිකාව විකාශය කරලා තියනවා. තවද Peanuts Motion Comics නම් animated mini series එකක් 2008 දී නිර්මාණය කරලා තියෙනවා. තවද Peanuts නමින් animated series එකක් ප්‍රංශයේ 2014 දී ද පසුව එය ඇමරිකාවේ cartoon network හා Boomerang නාලිකා ඔස්සේ 2016 දී ද විකාශය කරලා තියනවා. තවද Snoopy in Space (2019 – 2021) නමින් කොටස් 24 ක් සහිත කතාමාලාවක් Apple TV+ හරහා විකාශය කරනවා. තවද The Snoopy Show නමින් කතා මාලාවක් Apple TV+ ඔස්සේ 2021 දී විකාශය ආරම්භ කර 2023 දීත් එහි තෙවන කතා සමය විකාශය කලා. එහි holyday special කතාංග දෙකක්ද මේ ලිපිය ලියන දින තෙක් පැමිණ තියනවා. 2023 දෙසැම්බර් මස 01 වන දින තමයි මෙහි දෙනව holyday special එක ආවේ.

A Boy Named Charlie Brown (1969)

ඉතින් මේ Peanuts comic strip එක පාදක කරගෙන ඇනිමේෂන් චිත්‍රපට පහක් (මේ ලිපිය ලියන දින ට) නිපදවා තියනවා.

• A Boy Named Charlie Brown (1969)
• Snoopy Come Home (1972)
• Race for Your Life, Charlie Brown (1977)
• Bon Voyage, Charlie Brown (and Don’t Come Back!!) (1980)
• The Peanuts Movie (2015)

මේ එම චිත්‍රපට පහයි.

ඉතින් මේ ඔයාලට අද මම අරගෙන ආවේ Peanuts Comic strip එක පාදක කරගෙන හදපු පලවෙනි ඇනිමේෂන් චිත්‍රපටය යි.

ගොඩක් අය The Peanuts Movie (2015) චිත්‍රපටය බලලා ඇති කියලා හිතනවා. මම ගැන කියනවනම් මම ඒක බැලුවේ 2016 අවුරුද්දේ මට මතක හැටියට. මේ ලගදිත් ආපහු සැරයක් ඒක බැලුවා. ඒ තරම් ආසයි මම ඒකට. පෞද්ගලිකව මම මෙතෙක් නරඹා ඇති මගේ ප්‍රියතම ඇනිමේෂන් චිත්‍රපට ලැයිස්තුවේ ඇති තවත් එක චිත්‍රපටයක් තමයි මේ The Peanuts Movie (2015) චිත්‍රපටය. හරි සරල නමුත් සම්මාන රාශියක් දිනාගැනීමට සමත් උන ලස්සන චිත්‍රපටයක් ඒක. බලලා නැති අය අනිවා බලන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මේ ලගදී ඕක ආයෙ බලන්න ආස හිතිලා බැලුවා. ඊට පස්සේ තමයි මට හිතුනේ මේ කතාව ගැන හොයලා බලන්න. එතකොට තමයි මේ ගැන එකී නොකී විස්තර පත ලොට් එකක් හොයාගත්තේ. ඒ ඇසුරින් හදපු තව චිත්‍රපට පවා තියනවා කියලා දැනගත්තේ එතකොටයි. ඉතින් මම තීරණය කලා ඔයාලටත් බලන්න ඒවා සිංහලට පරිවර්තනය කරලා උපසිරැසි දාන්න ඕන කියලා. ඔන්න ඉතින් ඒකෙ ප්‍රතිඵලයක් විදිහට මම A Boy Named Charlie Brown (1969) චිත්‍රපටය ඔයාලට ගෙනාවා. ඉතින් ඔයත් Peanuts රසිකයෙක් නම් අනිවා මේක බලන්න කියලා ආරාධනා කරනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සුදර්ශන (king suu) (Baiscopelk)
IMDb 7.3 /10 5,591 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Peter Robbins isCharlie Brown
Charlie Brown
Pamelyn Ferdin isLucy Van Pelt
Lucy Van Pelt
Glenn Gilger isLinus Van Pelt
Linus Van Pelt
Andy Pforsich isSchroeder
Schroeder
Erin Sullivan isSally Brown
Sally Brown
Linda Mendelson isFrieda / Different Girl
Frieda / Different Girl

Similar titles

Luck (2022) Sinhala Subtitles | “වාසනාව” | සිංහල උපසිරැසි සමඟ
Writer Padmabhushan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Death Race: Inferno (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rambo III (1988) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Twilight Saga: Eclipse (2010)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Welcome Wedding (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
1492: Conquest of Paradise (1992) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Officer Black Belt (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Midnight in the Switchgrass (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Django Unchained (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Deliver Us (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Incredible Hulk (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published