EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
A Widow’s Game (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Carlos Sedes, Ester García-Muñoz, Estíbaliz García, Laura Vazquez
Cast
Go Full Cast PageA Widow’s Game (2025) | “වැන්දඹුවකගේ සෙල්ලම”
මේ අරන් ඇවිල්ලා තියෙන්නේ 2025 ආපු අළුත්ම සලරුවක්.. “A Widow’s Game” කියන්නේ Netflix හරහා නිකුත් වුණ Thriller, Mystery, Crime සහ Drama ශානරයන්ට අයත් පැය දෙකයි විනාඩි දෙකක් පුරා දිවෙන, IMDb 6.2 ක් සහ කුණු තක්කාලි 42% ක් ලබාගත්ත සිනමාපටයක්.. සම්පූර්ණයෙන්ම Spanish චිත්‍රපටයක් තමයි මේ..
විශේෂයෙන්ම කියන්න ඕන මේ චිත්‍රපටයට පාදක කරගෙන තියෙන්නේ සත්‍ය ඉතිහාස කතාවක් කියන දේ.
කතාව වෙන්නේ මෙහෙමයි, නමේ විදිහට Widow කියන්නේ “වැන්දඹුවට” මම මේ චිත්‍රපටයට නම දාන්නේ “වැන්දඹුවකගේ සෙල්ලම” කියලයි.. මොකක්ද මේ සෙල්ලම? මාජ් එහෙමත් නැත්තම් මරියා ජෙසීස් කියන්නේ අවුරුදු 26 ක විවාහක ගෑණු කෙනෙක්.. මෙයා කසාද බඳින්නේ ආටුරෝ කියලා කෙනෙක්ව.. මාජ් කියන්නේ සෙල්ලක්කාර ජීවිතයක් ගතකරන කෙනෙක්.. මෙයාට අනියම් සම්බන්ධ ගොඩක් තිබිලා තියෙනවා කසාදෙට කලින් වගේම පස්සෙත්.. ආටුරෝ කියන්නේ හොඳ චරිතයක් තියෙන කෙනෙක්.. කතාවේ ප්ලොට් එකේ ප්‍රධානම දේ තමයි මේ ආටුරෝ ඝාතනයට ලක්වෙනවා.. කවුද මේ දේ කරේ කියලා අපරාධ අංශය විමර්ශනය කරනවා.. මාජ් සම්බන්ධතා පවත්වගෙන ගිහින් තියෙනවා මේ කාලේ වෙනකොට තව පිරිමි තුන්දෙනෙක් එක්ක.. මේ තමයි.. ඩැනියෙල්, ඇන්ඩ්‍රියාස් සහ සැල්වා හෙවත් සැල්වදෝර්.. මේ වගේ තත්වෙක ඊවා නම් ඉන්ස්පෙක්ටර් ප්‍රමුඛ අපරාධ අංශය මේ මිනීමැරුමේ සුලමුල හොයාගෙන යනවා..
Ivana Baquero මාජ් චරිතයටත්, Carmen Machi ඊවා චරිතයටත්, Tristan Ulloa සැල්වා චරිතයටත් රංගනයෙන් දායක වෙනවා..
ඉතින් ආරාධනා කරනවා බලලා රසවිඳින්න “A Widow’s Game”











