EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
A Working Man (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageA Working Man (2025) | “නිම නොවෙන වැඩ මුරය”
හායි කොහොමද කට්ටිය? ආයෙත් අලුත් ෆිල්ම් එකක් අරගෙන ආවා. මේ පාර ගෙනාවේ “A Working Man” කියන ෆිල්ම් එක.
“A Working Man” කියන්නේ මේ අවුරුද්දේ (2025) රිලීස් වෙච්ච Action thriller ෆිල්ම් එකක්. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ David Ayer. මේ ෆිල්ම් එකට පාදක කරගන්නේ 2014 අවුරුද්දේ චක් ඩික්සන් රචනා කරපු “Levon’s Trade” කියන නව කතාව. මේ ෆිල්ම් එකේ ෆිල්ම් තරු විදිහට ගත්තොත් Jason Statham, Levon cade විදිහට රගපානව. එයා කලින් හිටපු Royal Marines commando කෙනෙක්. පස්සේ ඉතින් මේ හමුදා ජිවිතේ අත අරිනවා සාමකාමී ජීවිතයක් ගත කරන්න හිතාගෙන, ඒ වගේම එයාගේ දුව Merry ට හොද තාත්තා කෙනෙක් වෙන්න. හමුදාවෙන් අයින් වෙලා එයා වැඩ කරන්න පටන් ගන්නේ චිකාගෝ වල ඉදිකිරීම් සම්බන්ද ආයතනයක.
හැබැයි ආයේ පාරක් Levon ගේ ජිවිතේ වෙනස් වෙන්න පටන් ගන්නේ එයා වැඩකරන ආයතනයේ ලොක්කා Joe Garcia ගේ දුව Jenny Garcia ව, රුසියානු මාෆියා කල්ලියකට සම්බන්ද මිනිස් ජාවාරම් කාරයෝ පිරිසක් පැහැරගන්න එකත් එක්ක.මේ විදිහට අතීතේ අමතක කරලා දාලා ජිවත් වෙන්න හිතපු Levon ට, ආයෙත් එයාගේ විශේෂ හැකියාවන් ටික එලියට ගන්න සිද්ද වෙනවා Jenny ව බේරගන්න වැඩේ වෙනුවෙන්.මේ ගමනෙදි එයාට මූණ දෙන්න සිද්ද වෙනවා Symon Kharchenko නායකත්වය දෙන අපරාධ සංවිධානයකට. එයාට Wolo Kolisnyk, Dimi Kolisnyk කියන අයට විරුද්ධව සටන් කරන්න වෙනවා.
ඉතින් Levon ට එයා ආදරේ කරන අයගේ ජීවිතත් පරිස්සම් කරගෙන මේ මිනිස්සුත් එක්ක හැප්පෙන්න පුළුවන් වෙයිද? ඒ ටික එහෙනම් ඔයාටම බලන්න ඉතුරු කරන්නම්.












