EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageAaryan (2025) | “ දාර්ශනික ධාම ඝාතකයා”
2025 වසරේ තිරගත වූ “Aaryan” යනු දමිළ සිනමාවට එක්වූ අපරාධ සහ මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක (Crime/Psychological Thriller) ගණයේ චිත්‍රපටයක්. විෂ්ණු විශාල්, ශ්‍රද්ධා ශ්‍රීනාත් සහ සෙල්වරාඝවන්ගේ සුවිශේෂී රංගනයෙන් දායක වෙනවා. මෙය ප්‍රවීන් කේ. ගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණයයි. මෙම චිත්‍රපටය එහි නැවුම් කතා සංකල්පය හේතුවෙන් බොහෝ දෙනාගේ අවධානයට ලක් වුනා කියන්න පුලුවන්.
කතාව බලමු
චිත්‍රපටය ආරම්භවෙන්නේ රූපවාහිනී සජිවි වැඩසටහකින්. වැඩසටහනට අතරමගින් ප්රෙක්ෂකයෙක්ගෙන් ආරාධිතයාට දැඩි වාග් ප්‍රහාරයක් එල්ලවෙනවා. එ “අළගර්” (Azhagar) නම් (සෙල්වරාඝවන් ) අසාර්ථක, මැදිවියේ ලේඛකයෙකුයි. ඔහු සජීවී රූපවාහිනී වැඩසටහනක් අතරතුර චිත්‍රාගාරය තම පාලනයට අරගන්නවා .
ඇයි මෙහෙම කරන්නේ ? තමන්ගේ අති විශිෂ්ට පොතක් වෙනුවෙන් “පරිපූර්ණ ඝාතන” (perfect crimes) මාලාවක් සිදු කිරීමට යන බවත් එයට මුළු රටේම අවධානය ලබාගැනීමටත්. අලගර් තමන්ගේ පලවෙනි ගොදුර නොහොත් වින්දිතයා නැත්නම් පර්ෆෙක්ට් ක්‍රයිම් එකේ පළවෙනි මිනිමැරුම සිදුකරනවා. ඒ නාරායනන්ව. කවුද මේ නාරායනන්…. ?
මිනිමරුවෙක් නැති මිනිමැරුම විමර්ශනය බාරවෙන්නේ නියෝජ්‍ය පොලිස් කොමසාරිස් (DCP) “නම්බි” (විෂ්ණු විශාල්) ප්රමුඛ පොලිස් කණ්ඩායට. ඝාතකයා හා පොලිසිය අතර සිදුවෙන තරගය හරියට කැට් හැන්ඩ් මවුස් ( බළල්-මී සෙල්ලම )
කතාව වගේ.
නළු නිළියන් , නිෂ්පාදන කණ්ඩායම
විෂ්ණු විශාල්: නියෝජ්‍ය පොලිස් කොමසාරිස් නම්බි ලෙස (මීට පෙර “Ratsasan” වැනි ත්‍රාසජනක චිත්‍රපට හරහා ජනාදරයට පත්)
සෙල්වරාඝවන්: ප්‍රධාන දුෂ්ට චරිතය වන අළගර් ලෙස (ඔහුගේ රංගනය විචාරක පැසසුමට ලක්විය)
ශ්‍රද්ධා ශ්‍රීනාත්: රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක වන නයනා ලෙස
අධ්‍යක්ෂණය: ප්‍රවීන් කේ. ( පළමු චිත්‍රපටය )
නිෂ්පාදනය: විෂ්ණු විශාල් (Vishnu Vishal Studioz)
සංගීතය: ගිබ්රාන් (Ghibran)
සිනමාකරණය: හරීෂ් කන්නන්
සංස්කරණය: සාන් ලෝකේෂ්
ප්‍රතිචාර සහ විචාර
“Aaryan” චිත්‍රපටය 2025 ඔක්තෝබර් 31 වන දින තිරගත වුනා. එයට ලැබුණේ මිශ්‍ර ප්‍රතිචාරයක්. බොහෝ විචාරකයින් චිත්‍රපටයේ මුල් මිනිත්තු 30, එහි ප්‍රධාන කතා සංකල්පය සහ විශේෂයෙන්ම සෙල්වරාඝවන්ගේ රංගන කුසලතාව අගය කරල තිබුනා.
චිත්‍රපටයේ කතාව නව ආරක එකක් වුනා. තිර රචනය (screenplay) පොඩ්ඩක් මදිවගේ, ඒක හරියට වුනානම් සුපිරිම එකක් වෙන්න තුබුනා. මේක විෂ්ණු විශාල්ගේ “Ratsasan” චිත්‍රපටය සමග සසඳල තිබ්බත් ඒකට ලගාවීමටනම් බෑ කියලයි හිතෙන්නෙ .
කෙසේ වෙතත්, “Aaryan” සාම්ප්‍රදායික දමිළ ත්‍රාසජනක චිත්‍රපටවලින් මඳක් ඔබ්බට ගිහින්, සිතීමට යමක් ඉතිරිකරන ලද සිනමා නිර්මාණයක් වෙනවා





