EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageAattam (2024) | දුෂ්ඨයාටත් ඇන්දා, වීරයාටත් ඇන්දා
ආයුබෝවන් මෙන්න මේ වසරේ තවත් සුපිරි මලයාලමක්. සුපිරි තරු දකින්න නැති උනත් අධ්‍යක්ෂක (ආනන්ද් එකාර්ශි) වරයෙක්ගේ කුළුඳුල් නිර්මාණයක්. මේ වසරේ දිගින් දිගටම නිකුත් වෙන සුපිරි මලයාලම් සිනමා පට සමග හැප්පෙන්න පුළුවන් සුවිශේෂී චිත්‍ර පටියක්.
නාට්‍ය කණ්ඩායමක සිදු වීමක් වටා ගෙතුනු ලස්සන කතාවක් මේක.කණ්ඩායමේ ඉන්න එකම නිළිය පිරිමින් අතර සිය ගරුත්වය ආරක්ෂා කර ගෙන කාලයක් රැඳී සිටියත් එක දිනයක කණ්ඩායමට වීරයෙක් ලෙස එකතු වූ ජනප්‍රිය දුෂ්ඨ චරිත රඟපාන සිනමා නළුවෙකු අතින් හිරි හැරයකට පාත්‍ර වූ බවට චෝදනාවක් ගෙන එනවා.නාට්‍ය කණ්ඩායමේ ඉදිරි ගමනට නළුවාගේ ජනප්‍රීය බව විශාල රුකුළක් උනත් මේ චෝදනාව ඔවුන් ඔහු රහිතව සාකච්ඡා කරනවා. එක් එක් පුද්ගලයාගේ ආකල්ප බලාපොරොත්තු හා මත ගැටුම් මත උණුසුම් සාකච්ඡාවකින් පසු ඒකමතිකව සිය නිළියගේ පැත්ත ගන්න කණ්ඩායම වෙත හිටි හැටියේම අපූරු වාසනාවක් කඩා වැටෙනවා. ඒ අර නළුවාගෙන්.
ඔවුන්ගේ මුල් තීරණයට කුමක් වේද? දංගෙඩියට හසු වන්නේ නළුවාද නිළියද? ඔවුන්ට ඇදුන අමුතු ලොතරැයිය කුමක්ද? අනිවාර්‍යයයෙන්ම බලන්න ඕනෙ මලයාලම්ක් මේක
විනේ ෆෝර්ට් සමග සරින් සුහායිබ් සහ දුෂ්ඨයා ලෙස අපිට හුරු පුරුදු කලාභවන් ශාජෝන් ඇතුළු නළු නිළියන් මෙහි රඟ පානවා



