EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Abhiyum Anuvum (2021) | ඔබයි මගේ ජීවිතය

ඉතිං මේක මලයාලම් , දමිල සිනමාලෝලී හැමෝම බලයි කියලා හිතනවා. මොකද මේකෙ ඉන්නෙ අපි හැමෝම දන්න කියන, Tovino Thomas සමඟින් සුරූපී නිළි Piaa Bajpai යි. ඒ වගේම මේක තමයි ටොවීනෝගෙ පළමුවන දමිල සිනමා සිත්තම වෙන්නෙත්. පැය දෙකයි විනාඩි 2කක කාලයක් පුරා දිවෙන මෙය Romance, Drama කාණ්ඩයට අයත් වෙනවා. IMDb 7.3ක අගයකුත් හිමි කරන් තියෙනවා.

කථාව දිහාට හැරුනම, අභී කියන්නේ හොද ජොබ් එකක් කරන කෙනෙක්. ඉතිං මෙයාට ෆේස්බුක් හරහා තමයි, අනූව මුණගැහෙන්නේ. ඒකත් අනූගේ යම් යම් වීඩියෝ වගයක් නිසාවෙන්. ඉතිං මේ දෙන්නා මැසේජ් මගින් දැන හදුනාගනිමින් ආදරයක් ඇතිවෙලා කසාදත් බදිනවා.. ආදරෙන් ජීවිතේ ගත කරනවා.. මෙහෙම කාලෙ යද්දි යම් සිදුවීමක් නිසා කථාව උඩු යටිකුරු වෙන්නේ හැමෝගෙම කටවල් ඇරවමින්.. මේක මං කියනවට වැඩිය ඔයාලම බලන්නකො.

රිමෝට් කොන්ට්‍රෝල් එකට වගේ,ජීවිතේටත් ආපස්සට ගමන් කරන්න බටන් එකක් තිබුන නම්,කොච්චර හොදයිද? එයාගේ ජීවිතේ, මම නැතිවුනානම්.. මගේ ජීවිතේ, එයා නැතිවුනානම්…..

එලෙසින් ශෝක ජනකව ඇරඹෙන මේ අභීගෙයි අනූගෙයි අපූරු කතාව බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා

Comments