CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2126 Views

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [No Ads ]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Abrahaminte Santhathikal (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Abrahaminte Santhathikal (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 15, 2018India131 Min.
Your rating: 0
10 4 votes
Abrahaminte Santhathikal (2018) | ඒබ්‍රහම්ගෙන් පැවත එන්නන්

 

තවත් අලුත්ම මලයාලම් සලරුවකට උපසිරැසි අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ. මේ චිත්‍රපටය අයිති වෙන්නේ Action, Crime, Thriller කියන කාණ්ඩ වලට. ප්‍රධාන රංගණයෙන් දායක වෙන්නේ මලයාලම් සිනමාවේ සුපිරි තරුවක් වන Mammootty(ඩෙරික් ලෙස) සමගින් Anson Paul(පිලිප් ලෙස). 2018 ජූනි 16 තිරගත කිරීම් ආරම්භ කළ මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Shaji Padoor විසින්. ඒ වගේම තිර පිටපත රචනා කරලා තියෙන්නේ ආදායම් වාර්තා බිඳ හෙලූ චිත්‍රපටයක් වන The Great Father (2017) චිත්‍රපටය අධ්‍යක්ෂණය හා රචනා කළ Haneef Adeni විසින්. සංගීතය Gopi Sundar සහ Serin Francis ගෙන්. මේ වන විට IMDb දර්ශකයේ තුන් දහසකට අධික ප්‍රේක්ෂක ප්‍රතිචාර වලින් 8.3 ක් වැනි ඉහළ අගයක් මේ චිත්‍රපටයට ලැබී තිබෙනවා. ඒ වගේම 2018 වසරේ මේ වන විට මලයාලම් චිත්‍රපට වලින් වැඩිම බොක්ස් ඔෆිස් ආදායමක් ලබා ඇති චිත්‍රපටය වන්නේද මේ චිත්‍රපටයයි. ඒ දැනට තිබෙන වාර්තා අනුව ඉන්දියානු රුපියල් කෝටි 35.8 ක ආදායමක් ලබමින්.

කතාව ගැන කිව්වොත් ඩෙරික් සහ පිලිප් කියන්නේ සහෝදරයෝ. ඩෙරික් තමයි අයියා. මේ දෙන්නගේ දෙමව්පියෝ හදිසි අනතුරකින් මරණයට පත් වෙනවා. ඉන් පස්සේ ඩෙරික් තමයි පිලිප්වත් බලාගෙන ජීවිතය ගොඩනගා ගන්නේ. තරුණ වයසට ආවට පස්සේ ඩෙරික් පොලිසියට එකතු වෙනවා. කවුරුත් ඩෙරික්ව හඳුනන්නේ අවංකවම රාජකාරිය කරන, ඕනම අභියෝගයක් ජය ගන්න පුලුවන්, තිතටම වෙඩි තැබීමේ සූක්ෂම හැකියාවක් තියෙන පොලිස් නිළධාරියෙක් විදිහටයි. මල්ලිත් තමන්ගේ අයියගේ අඩි පාරෙම යමින් වෙඩි තැබීම පුහුණු කරනවා. නමුත් එයාගේ ආශාව තියෙන්නේ රට ගිහින් තවත් වෙඩි තැබීම පුහුණු වෙන්න. ඔය ටික නම් දැනගන්න වෙන්නේ කතාව මැදකදි. කතාව පටන්ගන්නේ බිහිසුණු මිනී මැරීම් මාලාවකින්. වෙස් වලාගත් පුද්ගලයෙක් විසින් සාහසික ලෙස පවුල් පිටින් මරා දමමින් ලේ වලින් සටහනක් වගේම ලිපියක් තබා යනවා. මැරූ ගණනත් මරන්න සිටින ගණනත් සටහනෙන් තබා යනවා. ලිපියෙන් සඳහන් කරන්නේ දෙවියන් ඔහුට අණ කරන බවත්, ඒ අනුව ඔහු මේ දේවල් කරන බවයි. ඔය සිදුවීම් දාමයේ සුල මුල හොයාගෙන යන අතරතුරේ කතාව නොසිතූ ලෙස වෙනස්ම පැත්තකට යොමු වෙනවා. එතනදී තමයි පිලිප් මේ කතාවට සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒ සඳහන් කළ නොසිතූ පැත්ත මොකක්ද? පිලිප් මේකට මොන විදිහට සම්බන්ධ වෙයිද? ඒවා ඉතින් බලලම තමයි හොයා ගන්න වෙන්නේ. කතාව ඉවර වෙන්න ඔන්න මෙන්න තියලා කතාව උඩු යටිකුරු වෙනවා. අනිවාර්යයෙන්ම මැදකදි මොකක්ද වුනේ, කතාව මොකක්ද කියලා කල්පනා කර කර ඉන්න මට්ටමට පත් වෙන බව නම් නොඅනුමානයි.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ශසිත් සඳරුවන් (සඳේ) (Baiscopelk)
IMDb 6.7 /10 5,717 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Shaji Padoor
Director

Cast

Mammootty isDerick Abraham
Derick Abraham
Anson Paul isPhilip Abraham
Philip Abraham
Yog Jappie isNarayana Sethupathi
Narayana Sethupathi
Siddique isDinesh
Dinesh
Renji Panicker isShahul Muhammed IPS
Shahul Muhammed IPS
Kaniha isDiana Joseph
Diana Joseph
Sijoy Varghese isJoseph Esthappan
Joseph Esthappan

Similar titles

The Sacrifice Game (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Oru Jaathi Jaathakam (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Meri Awas Suno (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Vidaamuyarchi (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | Original Quality Update
Texas Chainsaw 3D (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rifle Club (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Unleashed (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ong-Bak: The Thai Warrior (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Jack Reacher (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Anbanavan Asaradhavan Adangadhavan (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ghajini (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Reptile (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published