EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageAdiyae (2023) | කාලය හරහා ඇය වෙනුවෙන්
මේ අවුරුද්දේ මාසේ නිකුත් වුණ මේ Tamil ෆිලුම අයත් වෙන්නෙ scientific / romance / Thriller කියන Category එකට..IMDB අගයත් මේ වෙද්දී 6.4/10 ක් අරගෙන තියෙනවා..ඒවගේම ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වෙන්නෙ අපි කවුරුත් ආදරේ කරන G.V. ප්‍රකාශ් කුමාර්.. මෙයාගේ Pencil 2016, Jail 2021 වගේ ෆිල්ම්ස් බලපු කට්ටිය නම් දන්නවා කොල්ල ගැන..
ෆිල්ම්ස් බලලා නැති කට්ටියත් කොහෙන් හරි මෙයාගේ නම අහල ඇති.. ඔව් ඒ වෙන කොහෙන්වත් නෙවෙයි ඉන්දියන් සුපර් ස්ටාර්ලාගේ ෆිල්ම්ස් වල Music Director කියන නමින්.. විජේගේ බ්ලොක් බාස්ටර් ෆිලුමක් වෙච්ච Theri…එතකොට මේ ඊයේ පෙරේදා ආපු ධනුෂ්ගේ Vaathi..එතකොට ධනුෂ්ගෙ එන්න තියෙන Captain Miller 2023 වගේ ෆිල්ම්ස් ගොඩකට මියුසික් කරේ මෙයා තමයි..
ඒවගේම ගොඩක් දෙනා දන්න කියන වගේ චිත්‍රපටි අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂකවරයෙක් වෙන Venkat Prabhu ද මේකෙ ප්‍රධාන චරිතයක් කරනවා.. පොරගේ ආතල් කොමඩි ටිකකුත් තියෙනවා හැබැයි.. බලන්න data පොඩ්ඩක් කපා ගත්ත කියලා පාඩු නෑ.
ෆිලුම ගැන පොඩ්ඩක්…
කෙටියෙන් සරලවම කියනවා නම් මේක කාල තරණය සම්බන්ද ෆිලුමක්…අපි හැමෝම මේ ජාතියේ ෆිල්ම් බලලා තියෙනවානේ අප්පා නෑ නෑ මේක කෙලින්ම අතීතේට අනාගතේට යන එක විතරක්ම Focus කරපු කලින් බලලා තියෙන ජාතියේ ෆිල්ම් එකක් නෙවෙයි.. සාමන්‍යයෙන් ෆිල්ම්ස් වල කතා නොකරන Alternative Reality කියන පැත්ත මේකෙ කතා කරල තියෙනවා…
ඈ… මොකක්ද මේ Alternative Reality කියන්නේ… ඉන්න මං පැහැදිලි කරන්නම්!
අපි ඉස්කෝලේ යන කාලේ මැත්ස් වලට සම්භාවිතාව කියලා පාඩමක් ඉගෙනගෙන තියෙනවා නේ.. එකේදී කියලා දෙන්නේ සිද්දියක් විය හැකි හා නොහැකියාව නේ.. මේකත් අන්න ඒවගේ.. සරල උදාහරණයකින් පැහැදිලි කරන්නම්…
අයිසෙක් නිව්ටන් කියන Scientist ගුරුත්වාකර්ෂණය හොයාගත්ත ඇපල් ගෙඩියේ කතාව අපි හැමෝම වගේ දන්නවනේ… නිව්ටන් ගහයට ඉදගෙන ඉන්නකොට ඒ ඇපල් ගෙඩිය වැටෙනවා නේ.. බැරි වෙලාවත් නිව්ටන් ඒ ඇපල් ගෙඩිය ඇයි බිමට වැටුනේ කියලා නොහිතා, ඒක කෑවා නම් අද ගුරුත්වාකර්ෂණය කියලා විද්‍යාවක් තියෙයිද, අපි ඉගෙනගනීද මේ ලෝකේ..?හැබැයි Alternative Reality ලෝකේ නිව්ටන් එහෙම කරා වෙන්න පුළුවන්, කියලයි මේ ෆිලුමෙ නම් පෙන්නන්නෙ!
හැමදේකම විය හැකි පැත්තක් සහ විය නොහැකි පැත්තක් තියෙනවා නේ..
අපි මේ ඉන්න විශ්වයට තමයි Reality කියන්නෙ…
එතකොට අනික් විශ්වය තමයි Alternative Reality කියන්නේ..
හැබැයි Alternative Reality එකේදී සිද්ද වෙන්නෙ, Reality ලෝකේ සිද්ද වෙන දේවල් වලට හාත්පසින්ම වෙනස් දේවල්..
මේ චිත්‍රපටියට අනුව, Reality ලෝකේ…
ඒ කියන්නේ මේ අපි ජීවත් වෙන ඇත්ත ලෝකේ, ඔයා තනිකඩව ඉන්නවා කියලා හිතන්නකෝ..
හැබැයි Alternative Reality ලෝකේ, ඔයා කසාද බැදලා ළමයි දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්….
කාලයන්ත්‍රයක් හරහා ඔයාට ඒ Alternative ලෝකෙට ගිහින් එන්න පුළුවන් උනොත් කොහොමට තියෙයිද..
සරලවම ඔන්න ඕක තමයි මේ කතාවේ තේමාව…
ජීවාගෙයි සෙන්තානිනීගෙයි ආදර කතාවට මේ ටයිම් ට්‍රැවලින් කියන දේ කොහොම බලපායිද කියලා දැනගන්න මේ ලස්සන ෆිලුම බලන්නකෝ…
පොඩ්ඩක් Science සම්බන්ද ෆිලුමක් නිසා පටලගන්නේ නැතුව මුල ඉදන් බලන්න කියලා ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා…











