EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

After Ever Happy (2022) Sinhala Subtitle | සත්‍ය හෙලිවීමෙන් පසු? [සිංහල උපසිරැසි] [18+]

මේ පාර උපසිරැසි අරන් ආවේ After චිත්‍රපට මාලාවේ හතර වැන්න. කලින් ඒව බලලා නැත්තම් මුලින් ඒව බලල ඉන්න මේක බලන්න කළින් ඔබ රොමෑන්ටික් චිත්‍රපට රසිකයෙක් නම්. මේක තිරගත වෙන්න පටන් ගන්නේ 2022 සැප්තැම්බර් 07 වෙනිදා. පිටපත් අන්තර්ජාලයට නිකුත් වුණේ 23 වෙනිදා. චිත්‍රපටයෙ ආදායම වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 18 පමන උපයලා තියෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ After We Fell චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු Castille Landon විසින්. මෙයට රංගනයෙන් දායක වෙනවා Hero Fiennes Tiffin / Josephine Langford / Carter Jenkins / Arielle Kebbel / Kiana Madeira / Stephen Moyer වැනි අය.

කතාව ගැන නම් අමුතුවෙන් මතක් කරන්න ඕන්නෑ කියල හිතනවා මොකද ඔයාලට අමතක වෙන්න විදිහක් නෑ කලින් ෆිල්ම් තුන ගැන, ඒකම රෝලනෙ යන්නේ. ඒවගේ වුණ ටික මේකෙත් එහෙම්මම තියෙනවා: දෙන්න තරහ වෙනව, යාළු වෙනව, තව පොඩ්ඩක් ආදරෙත් කරනවා. ඒත් කතාව ගැන කෙටියෙන් මතක් කරන්නම්, කළින් ෆිල්ම් එකේදි හාඩින් දැනගන්නවා කේන් කියන්නේ ඔහුගෙ ඇත්තම තාත්ත නෙවේ ක්‍රිස්ටියන් කියලා. ඒක ඔහුට තදින්ම බලපානවා මොකද ඔහුගෙ ජීවිතේම බොරුවක් වුණ නිසා. ඔහුගේ ජීවිතේ වුණ ගොඩක් දේවල් වලට ක්‍රිස්ටියන්ට ඔහු දොස් පවරනවා. ඔහුගෙ පැත්තෙන් ඒක සාධාරණයි. ඉතින් මේ ප්‍රශ්නෙ හාඩින්ගෙයි ටෙසාගෙයි ජීවිතේට කෙසේ බලපායිද? ඔව්, හොඳින් බලපාන්නෑ. හාඩින්ගෙ මුරන්ඩිකම් තවත් වැඩි වෙන නිසා ටෙසාටත් මේ සම්බන්දෙ ගැන කලකිරෙනවා. ඒ නිසා දෙන්න තර ගොඩක් ප්‍රශ්න ඇතිවෙනවා. ඒව බලලාම දැනගන්න. ඊට අමතරව හාඩින් කේන්ට කෙසේ මුහුන දෙයිද මොකද කේන් තාමත් ඇත්ත දන්නෙ නෑ. හාඩින් තමන්ගෙ අම්මට කොහොම මුහුන දෙයිද, ඒවාද මේකෙන් ඔයාලට බලාගන්න හැකිවෙයි.

ඉතින් ඔය ඇතිනෙ කිව්වා. හාඩින් සහ ටෙසාගේ ආදර කතාවට තාමත් කැමති අය ඉන්නව නම් මේකත් නරඹන්න කියලා ආරාධනා කරනවා. ඒවගේම මේකෙ තව චිත්‍රපටයක් නිකුත් වෙන්න ඉඩ තියෙනවා එහෙම එකක් ආවොත් ඒකටත් උපසිරැසි ගේන්නම්. තවද අන්තර්ජාලයේ මේ චිත්‍රපටයෙ වෙබ් පිටපත් කීපයක්ම තියෙනවා. ඉතින් බාගද්දි PSA හරි YTS එකෙන් හරි ගන්න කියලා මතක් කරනවා. අවසාන වශයෙන් ෆිල්ම් එකේ වෙබ් පිටපත් නිකුත් වුණාම ඒ ගැන දැනුවත් කරපු චාමර අයියටත් ස්තූති කරන ගමන් මං සමුගන්නවා. ජයවේවා!

 

 

Comments

September 16, 2023

After 5 awilla ne eka dennadda

September 26, 2023

Aiye after 5(after everything) released una ekath ikmanata oni💖

November 18, 2023

The other zoey movie ekat dennko

September 19, 2025

❤️