EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageAlappuzha Gymkhana (2025) | “ආලප්පුලා ක්‍රීඩා සමාජය”
අදත් මම අරගෙන එන්නෙ මේ සතියෙ කේරලයේ සිනමාශාලා වලට නිකුත් උන අලුත්ම මලයාලම් ෆිල්ම් එකක් , කේරලා නව වසර , එහෙමත් නැත්නම් විශූ උත්සවයට සමගාමීව මෙවර ප්‍රධාන පෙලේ චිත්‍රපටි 3 ක් නිකුත් කෙරුනා , ඒ මේ ALAPPUZHA GYMKHANA කතාව සමග මම්මූට්ටි රංගනයෙන් දායක වෙන BAZOOKA සහ බැසිල් ජෝසප් රංගනයෙන් දායක වෙන MARANA MASS ෆිල්ම් 3 , ඒ අතරින් ප්‍රේක්ශකයන්ගෙ ඉහලම ආකර්ෂණය දිනාගන්න සමත් උනේ මේ NASLEN K GAFOOR , LUKMAN AVARAN , ANAGHA RAVI , NOILA FRANCY , FRANCO FRANCIS , SHIVA HARIHARAN , වගේ තරුණ නලු නිලියන් රැසක් රංගනයෙන් දායක උන මේ බොක්සිං ක්‍රීඩාව පාදක කරගනිපු ෆිල්ම් එක , ලිපිය ලියන මොහොත වන විට IMDb අගය 7.4/10 වන අතර SPORT DRAMA ශාණරයට තමයි ෆිල්ම් එක අයත් වෙන්නෙ
කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් ජෝජෝ , ශානු , ලොකු ශිෆාස් , පොඩි ශිෆාස් , DJ කියන්නෙ එකට ඉගෙනගන්න යාලුවො ටිකක් , මෙයාලගෙ ප්ලස් 2 රිසාල් ආවම ශානු ඇරෙන්න අනිත් හැමෝම ෆේල් , ඉතින් කොලේජ් එකකට යන්න විදිහක් කල්පනා කරද්දි ක්‍රීඩා කෝටාවෙන් අමතර ලකුණු ටිකක් අරන් කොලේජ් එකකට යන්න පුලුවන් කියලා මෙයාලා දැනගන්නවා , ඉතින් මේ කට්ටිය බොක්සිං ඉගෙනගන්න කතාකරගන්නවා , මෙයාලා ඒකට යන්නෙ ALAPPUZHA GYMKHANA එකට , ඒ කියන්නෙ ආලප්පුලා ක්‍රීඩා සමාජයට , එතැන ඉදන් කතාව ඔයාලට බාරයි
දින 6 ක් ගත වෙද්දි කෝටි 35 ක පමණ ආදායමක් හොයාගන්න ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා වගේම දවසින් දවස මිනිස්සුන්ගෙ කැමැත්ත වැඩිවෙනවා , හොඳට හිනාවෙන්න පුලුවන් කොමඩි සීන් ගොඩක් තියෙනවා , නස්ලෙන් ඉන්න ෆිල්ම් සාමාන්‍යයෙන් එහෙමයිනෙ , මේකෙ එක නලුවෙක්ව හයිප් නොකර හැම නලුවෙක්ටම සමාන අවස්ථා දීලා තියෙනවා ,












