EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

All Quiet on the Western Front (2022) | බටහිර පෙරමුණේ සියල්ල නිහඬයි

All Quiet on the Western Front (German: Im Westen nichts Neues) කියන්නේ 1929 දී එරික් මාරියා රෙමාර්ක් විසින් රචිත එම නමින්ම ඇති නවකතාව මත පදනම් වූ 2022 ජර්මානු යුධ චිත්‍රපටියක්….Edward Berger විසින් තමයි මේ නවකතාව සිනමා පටයක් විදියට එකතු කරන්නේ..

ඉතින් කතාව පැත්තට හැරුනොත් යුද්ධය සදහා හමුදාවට එකතු වෙන යාහලුවන් පිරිසක් ඔවුන්ට මුහුන දීමට සිදුවන කටුක අත්දැකීම් එක්ක තමයි මේක ගලාගෙන යන්නේ.. යුද්ධය ඇත්තටම මොන වගේද ජර්මන් හමුදාවට ප්‍රංශ හමුදාවෙන් මොන වගේ ප්‍රහාරයක් එල්ලවුනාද කියලා වගේම මේ සටන් වලට ගිය සොල්දාදුවන්ගේ ඇත්තටම සටන් බිමේදි ජිවිතේ ගෙවුනේ කොහොමද කියලාත් මේකේ පෙන්වලා දෙනවා.

War/Drama ගනයට වැටෙන සිනමා පටය කම්මැලිකම්ක් නැතුව පැය 2යි මිනිත්තු 22 පුරා බලන්න පුලුවන් .ඉතින් IMDB 7.9 වගේ ඉහල වටිනාකමක් සිනමා පටයට ලැබිලා තියෙනවා. ලේ සහිත තුවාල දර්ශන නම් චිත්‍රපටිය පුරාවටම බහුලයි. ඒ හැරෙන්න වෙන පවුලේ සැමටම නැරබිය නොහැකි කිසිවක් මේකේ අන්තර්ගත වෙන්නේ නැහැ. ඉතින් වැඩිය කියවන්නෙ නැත්ව මම හැමෝටම ආරාධනා කරනවා සිනමා පටය නරඹන්න කියලා. වැරදි අඩුපාඩු ඇති ඒවට සමාවෙන්න.ඉතින් තවත් නිර්මානයකින් ඉක්මනට හමුවෙන්නම් සුභ දවසක් හැමෝටම.

Comments

January 23, 2023

ගොඩක් හොද Movie එකක්. Thanks CineSubz

January 26, 2023

super

September 8, 2023

ඔයාලා නිසා තමා අපි ඔන්ලයින් චිත්‍ර පටියක් හරි බලන්නෙ චිත්‍ර පටිය ගැන විස්තරෙ කියවද්දි තාමා ආස හිතෙන්නෙ එල💝👍