EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Amadeus (1984) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Anne Gyory, Michael Hausman, Miloš Forman
Cast
Go Full Cast PageAmadeus (1984) | මරණයේ සංධ්වනිය
1756 ඔස්ට්‍රියාවේ සල්ස්බර්ග් උපත ලබන වුල්ෆ්ගැන්ග් අමඩියස් මොසාර්ට් කුඩා කල සිට ම දුර්ලභ සංගීත කුසලතාවයන්ගෙන් යුක්ත විය. ඔහු අවු. 6 දී ප්‍රසිද්ධ සංගීත ප්‍රසංගයක් පැවැත්වුවේය. දක්ෂ වයලීන් වාදකයෙකු වූ ඔහුගේ පියා වන ලියෝපෝල්ඩ් මොසාර්ට් තම පුතාගේ මෙම දක්ෂතා පිලිබඳ අසීමිතව සතුටු විය. මොසාර්ට් අවුරුදු අටේ දි සිය පළමු සංධ්වනිය ලියා නිමකළ අතර එහි නාද මාලාව ආශ්‍රයෙන් බේඩ්න් පවල් සාමිවරයා ලියා බාලදක්ෂ කඳවුරු වලදී ගායනා කරන ‘ගින් ගැන් ගුලි ගුලි ‘ ගීතය අදත් අතිශය ජනප්‍රිය ය. මොසාර්ට්ට විවිධ සංගීත භාණ්ඩ වාදනය කිරීමේ හැකියාව පැවතුණි. ඔහු අවුරුදු 12 දී තම ප්‍රථම ඔපෙරාව නිර්මාණය කරයි.
වයස අවුරුදු 21 වන විට මොසාර්ට් තම දෙමාපියන්ගෙන් මිදී තනිව ජීවත්වීමට උවමනා විය. ඔහු හා ඔහුගේ පියා වෙහෙසුනේ මොසාර්ට්ට රැකියාවක් සොයා ගැනීමටයි. ප්‍රථමයෙන් ඔවුන් මියුනික්වලට ගිය අතර එහිදී ඔහුට රැකියාවක් සොයා ගැනීමට නොහැකි විය. 1779දි සැල්ස්බර්ග් බලා පැමිණි මෝසාර්ට් පල්ලිය සඳහා වාදන මාලාවක් සකස් කරන ලදී. Coronation පූජාවද මේ අතර විය. මුල් කාලයේ සැල්ස්බර්ග් හී බිෂොප්වරයෙක් යටතේ ඉතා සුළු වැටුපක් ලබමින් සිටි මොසාර්ට් 1781 මාර්තු මාසයේදී ප්‍රධාන බිෂොප් Colloredo විසින් වියානාවට කැඳවන ලදී. මෙහිදී මොවුන් දෙදෙනා අතර බහින්බස් වීමක් ඇති වුවද මෝසාර්ට් වියානාවේ පදිංචි වීමට තීරණය කරන ලදී.
1782 දි මෝසාට්ගේ විවාහය සිදු විය. ඒ Constanze නමැති තරුණිය සමඟයි. ‘Die Entfuhrung’ නම් ඔපෙරාව නිසා මෝසාර්ට්ගේ නම හා දක්ෂතාවය යුරෝපය පුරා පැතිරුණි. මේ හේතුවෙන් බොහෝ ප්‍රසංග සඳහා මෝසාර්ට්ට ආරාධනා ලැබුණි. මෙම ප්‍රසංග වලින් ලැබුණ ආදායමින් මෝසාර්ට් හා ඔහුගේ භාර්යාව සැපවත් දිවියක් ගත කළ අතර වියානාවේ වූ සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක වාසය කළහ. නමුත් විවාහයෙන් වැඩි කළක් නොගොස් මොසාර්ට්ගේ වාසනාව කෙමින් අඩු වෙමින් පැවතුණි. වියානා නුවර වංශාධීපතීන් හා ඔස්ට්‍රියානු රජය අනියම් වශයෙන් අනුග්‍රහ දැක්වුද 35 වියේදී මිය යනතුරු ම ආර්ථික වශයෙන් ඉතා දුක්ඛිත ජීවිතයක් ගත කළේය.
මොසාර්ට් වියානාවට එනවිට එහි රාජ්‍ය අනුග්‍රහය ලබමින් වැජබෙමින් සිටි සංගීත නිර්මාපකයා වූයේ සලියාරේ ය. මොසාර්ට්ගේ සාර්ථකත්වය සලියරේ කෙරෙහි දැඩි ඊර්ෂ්‍යයාවක් ඇති කළේය. එය මොසාර්ට්ගේ මරණයට ඔහුගේ දායකත්වයටද මග පෙන්වූ බව කියැවේ. මොසාර්ට්ට සලියාරේ විසින් වස පොවා මරා දැමූ බවට ආරංචියක් පැතිරුණේ අවසන් කාලයේ සලියාරේ උමතු ව තමා විසින් මොසාර්ට් මරා දැමූ බව කියමින් කෑ ගසන්නට වූ නිසා බව කියැවේ. ඔහුත් 1825 දී උන්මන්තකයෙකු ලෙස මිය යන්නේ මොසාර්ට්ගේ මරණය සදාතනික රහසක් කරමින්.
අමඩියස් චිත්‍රපටිය ආරම්භ වන්නේ ඔස්ට්‍රියාවේ මානසික රෝහලක දර්ශනයකිනි. එහි නේවාසිකව ප්‍රතිකාර ලබන වයස්ගත සංගීත නිර්මාපකයෙකු වන ඇන්ටෝනියෝ සලියාරේ නිරන්තරයෙන් ම කෑ ගසා කියන්නේ මොසාර්ට් තමා විසින් මරා දැමූ බවයි. මොසාර්ට් ගේ මරණ සලියාරේ උමතු ගන්වා ඇත. ඔහු දිවි නසා ගැනීමට උත්සාහ කරයි. කතෝලික පියතුමෙක් ඔහු හමුවට පැමිණේ. සලියාරේගේ පාපොච්චාරණය සමඟ අමඩියස් මොසාර්ට්ගේ ජීවිත කථාව දිග හැරේ. මයිලෝස් ෆෝර්මන් විසින් අධ්‍යක්ෂණය කරන ලද විශිෂ්ට අමඩියස් චිත්‍රපටය 1984 වර්ෂයේ හොඳම චිත්‍රපටය ලෙස ඇකඩමි සම්මානය ඇතුලු සම්මාන රැසකට හිමිකම් කියයි. පිටපත Peter Shaffer ගෙනි. සලියාරේ ලෙස F.Murray හා මොසාර්ට් ලෙස Tom Hulce රඟපාන අතර සෙසු චරිත Elzabeth Berridge, Roy Dotrice, Jeffrey Jones, Cristine Ebersole යන නලුනිලියන් විසින් සජීවී කරයි.
චිත්‍රපටයේ “දොන් ජියොවානි” හි රංගනය රූගත කරන ලද්දේ එම ඔපෙරාව පළමු වරට දර්ශනය වූ වේදිකාවේම ය. මොසාර්ට් හා සලියාරේ විසින් නිර්මාණය කළ මුල් සංගීත නිර්මාණයන්ගෙන් චිත්‍රපටය ද ඔපවත් වී ඇත. IMDB අගය 8.3 කි. කාලය පැය 03 කි.











