EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

An Action Hero (2022) | ක්‍රියාදාම නළුවෙක්

මේ An Action Hero කියන හින්දි ෆිල්ම් එක නිකුත් උනේ 2022 දෙසැම්බර් 02 වෙනිදා.. මේක අයත් වෙන්නෙ Black Comedy / Action / Thriller කියන Category එකට..මෙහි අධ්‍යක්ෂණය Anirudh Lyer විසින් කරලා තියෙනවා වගේම කතාව Neeraj Yadav ගේ..😋IMDB අගයත් 7.7ක් වගේ ඉහල අගයකුත් ලබාගෙන තියෙනවා..ලස්සන සින්දු 6ක්ම තියෙනවා..එවත් අහන්න බලන්න!

ප්‍රධාන චරිත සදහා ඉන්දීය නළු Ayushmann Khurrana, Jaideep Ahlawat දායක වෙලා තියෙනවා..😋♥️
Ayushmann Khurrana ගේ Andhadhun 2018, Article 2019 ෆිල්ම්ස් බලපු අය නම් දන්නවා මෙයාගේ ෆිල්ම් කොහොමද කියලා.. ඒ නිසා මිස් කරගන්න එපා.. මරු අවසානයක් තියෙනවා, කවුරුත් බලාපොරොත්තු නොවෙන 🥺❤️

Cast

Ayushmann Khurrana as Maanav Khuranna
Jaideep Ahlawat as Bhoora Solanki
Jitender Hooda as Roop Kumar, a police inspector
Neeraj Madhav as Sai
Gautam Joglekar as Masood Abraham Katkar
Malaika Arora as Maanav’s heroine in the song “Aap Jaisa Koi”
Nora Fatehi as Maanav’s heroine in the song “Jehda Nasha”

විස්තරේ පොඩ්ඩක් කියන්නම් 🤘

කතාවෙ ප්‍රධාන චරිතය තමයි මානව් කියන්නේ.. මොහු ක්‍රියාදාම නළුවෙක්..මෙයා චිත්‍රපට රූගත කිරීමකට හර්යානා වලට ගිහින් ඉන්නේ.. එහෙ ඉන්නවා විකී සෝලංකි කියලා දේශපාලනයට එන්න හදන පුද්ගලයෙක්.. මේ පුද්ගලයාගේ අයිය නාගරික මන්ත්‍රී කෙනෙක් වගේම මැරයෙක්.. විකී සෝලංකිට ඕන වෙනව සුපිරි තරුව මානව් එක්ක ෆොටෝ එකක් ගන්න එයාගේ දේශපාලන ගමනට වැදගත් වෙයි කියලා..විකී මානව් වෙනුවෙන් කොච්චර බලන් හිටියත් මානව් ගේ රූගත කිරීම් වැඩ නිසා එයාට ඒක අතපසු වෙනවා..විකී මේකට මානව් එක්ක තරහින් ඉන්නේ..හැබැයි විකී කොහොම හරි පස්සෙන් පන්නල මානව් තනියම ඉන්නකොට අල්ලගන්නව..මේ වෙලාවේ දෙන්නා අතර පොඩි බහින් බස් වීමක් වෙලා, මානව් විකීව තල්ලු කරනවා..තල්ලුකරාම ඔළුව වැදිලා විකී එතනම මැරෙනවා.. 😳💔 මං මේ කිව්වේ මුල් පැය බාගේ 🤧

මෙතනින් එහාට මොකක් වෙයිද..කියලා දැනගන්න ෆිලුම බලන්න කියලා හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා..😍❤️

Comments

February 5, 2023

thanks

March 16, 2023

Bhediya movie ekath ikmanata danna plz..