EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Arlington Road (1999) | “මයිකල් ෆැඩ්රේ”

Thriller /Mystery / Crime  පිස්සන්ටයි තමයි මේක මේ විදිහට අද ⁣අරන් එන්නේ..

ඒ අතරම IMDB අගය 7.2 කුත් / Rotten Tomatoes 63% කුත් ගූගල් පරිශිලක අගය 84% කුත් ලබාගත්ත මේ 1999දි තිරගත වුන මේ Arlington Road කියන  ෆිල්ම් එක අන්තිම වෙනකම් හිතන්න වත් බැරි විදිහට කරලා තියනවා කිව්වොත් හරි.. අන්තිම විනාඩි 5 වගේ ගොඩක් හොදට අවධානේන බලන්න..  නැත්තං කතාවේ හරියටම වුන දේ ගැන අදහසක් එන එකක් නෑ….ඇත්තටම මේ කතාවට එක පදනමක් කරගෙන තියෙනවා 1995දි  ඇමරිකාවේ ශාන්ත ලුවී වල සිද්ද වුන සත්‍ය  සිද්ධියක්.. මම සිද්දිය මොකද්ද කියන්නෑ.. ඒක කිව්වොත් වැඩක් නෑ නේ.. කතාව බලලම ⁣ඉන්න.. අනික තමයි හිතන්න ඔයා කෙනෙක් ගැන විස්තර හොයනවා කියලා.. ඔයාට ලැබෙන විස්තර එක්ක ඒ මනුස්සයා මැරිලා.. හැබැයි ඒ මනුස්සයා ඔයාගේ ගේ ඉස්සරහා ඉන්නවා නම්……

කතාව පැත්තට ගියොත් අපේ කතාවේ ප්‍රධාන චරිතේ තමයි මයිකල් ෆැඩ්රේ. ඉතින් මෙයා ගෙදර යද්දි මෙයාට පාරේදි හම්බවෙනවා පාර මැද වැනි වැනි යන ලමයෙක් අත් තුවාල වෙලා ලේ පෙරාගත්ත.. මේ සිද්ධිය මෙයාගේ ජීවිතේම කනපිට පෙරලනවා කිව්වොත් මම හරි.. ඒ වගේම මෙයා ඇමරිකානු ත්‍රස්තවාදීන්ගේ ඉතිහාසය ගැන උගවන්වන් මහචාර්ය වරයෙක්..ඉතින් මේ ලමයා මෙයා හොස්පිටල් එකට එක්කන් යනවා.. එතනදි ලමයගේ දෙමව්පියෝ මෙයාට හම්බවෙනවා.. එතකොට බලද්දි මෙයාලා අසල්වැසියෝ..මයිකල්ගේ ගෙට ඉස්සරහා ගෙදර… හැබැයි මයිකල් ඒක දන්නෑ.. අමුතුයි නේ.. මුල් විනාඩි 2 -3 තමයි මම ඔය කිව්වේ.. අපි බලමු කවුද මේ අසල්වැසියා , මෙයා මොනවද කරන්නේ , කවුද පාරේ හිටපු ලමයා , කවුද මැරැන මිනිහා…. කතාව බලලම ඉමු..

Comments