EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

මරණෙන් බේරෙන සටන..

ආයුබෝවන් යාලුවනේ…

ඔන්න මම අද ගෙනාවේ As Good As Dead කියන 2022 රිලීස් උන Action, Thriller ෆිල්ම් එකක්. පැය 1යි විනාඩි 29ක් දිග ඇරෙන මේ ෆිල්ම් එකේ නම් වැඩිපුරම තියෙන්නෙ වෙඩි සද්ද තමයි. Action Thriller ෆිල්ම්ස් වල කෝමත් ඒමයිනේ. ඉතින් ඒ ෆිල්ම් වල විදිය වගේමයි ඒ ෆිල්ම් වල රඟපාන අයත්. මේ කතාවේ ප්‍රධාන නලු නිලියන් අතරට, Michael Jai White ඉන්නවා. Spawn, Blood and bone හෝ Never Back Down 2: The Beatdown කියන ෆිල්ම් වලින් එකක් හරි ඔයාල බැලුවානම්, ඔයාලා දන්නවා ඒ කවුද කියලා. එයා තමා මේ කතාවේ ප්‍රධාන චරිතේ. ඊටපස්සේ ඉන්නවා Luca Oriel, Guillermo Iván, Gabriela Quezada යන නලු නිලියන්. 5.5/10ක IMDB අගයකුත් මේකට තියෙනවා.

හරි දැන් අපි යමු කතාවට.

මේ කතාව ගෙවෙන්නේ Bryant කියන මනුස්සයෙක් වටා. හිටපු පොලිස් නිලධාරියෙක් උන එයා, කලින් ජීවිතෙන් අයින්වෙලා සාමාන්‍ය ජීවිතයක් ගතකරමින් ඉන්නවා. ඒ ඉද්දි Oscar කියලා තරුණයෙක්ව එයාට හම්බෙනවා. Bryant එයාගේ ආරක්ශාවට සටන් ක්‍රමයක් කියලා දෙන්න පටන් ගන්නවා. ඒත් Bryant අත ඇරලා දාපු එයාගේ පරණ ජීවිතේ අය ආයෙත් Bryantව හොයාගෙන එනවා.

ඒකෙන් පස්සේ,, සටන්, වෙඩි, අපරාධ වලින් වටවෙලා තිබ්බ එයාගෙ අතීත ජිවිතේට ආයේම අඩිය තියන්න එයාට සිද්ධ වෙනවා. ඔස්කාර් සහ එයාගේ අයියා වන හෙක්ටර්ටත්, ඔස්කාර්ගේ යාලුවා වන මරිසෝල්ටත්, Bryant නිසා වෙන වෙන කල්ලි වලින් කරදර ඇති වෙනවා. ඒවාගෙන් එයාලාව බේරන්න බ්‍රයන්ට් වෙර දරනවා.

මම තව මෙතනින් එහාට කියන්න යන්නේ නෑ. බ්‍රයන්ට්ට ඔස්කාර්වයි අනිත් අයවයි බේරගන්න පුලුවන් වේවිද? බ්‍රයන්ට්ගේ අතීත ජීවිතෙන් එයාට ආයේ ගැලවෙන්න පුලුවන් වේවිද? සතුරු තර්ජන නැතිවේවිද? හැමෝම කරදරයක් නැතුව බේරේවිද?

කතාවේ ඉතුරු ටික බලලා ඔයාලාම ඒවා දැනගන්න කියලා මම ආරාධනා කරනවා.

ස්තූතියි කියෙව්වාට.

Comments