EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

As Good As It Gets (1997) | ජීවිත තුනක් හරි මගට…..

As Good as It Gets (1997) Sinhala Sub
As Good as It Gets (1997) Sinhala Subtitle
As Good as It Gets (1997) Sinhala Subtitles

 


තමන් ජීවත්වන flat එකේ තමන්ගේ අසල්වැසියත්, ඔහුගේ බල්ලත් සහ අවන්හලක සේවිකාවකුත් එක්ක හුදෙකලා නවකතාකරුවෙක් කොහොම ගනුදෙනු කරයිද?… කොහොම කරත් මෙහෙම නම් කරන එකක් නෑ. මොකද මේ ලේඛකයා තරමක් අමුතු හැසිරීම් ඇති පුද්ගලයෙක් නිසා. ඒ තරමටම අමුතුයි.

සමාජය අඩු වැඩි වශයෙන් ආශ්‍රය කරන අපිට වඩා කාලාන්තරයක් සමාජයෙන් දුරස්ථව ජීවත් වුන පුද්ගලයෙකුගෙ හැඟීම්, කතාබහ, හැසිරීම් රටා ටිකක් වෙනස් සමහරවිට, ඒ ඇතිවෙලා තියෙන හිඩැස නැති කරගන්න ඔහුම මානසිකව හදාගත් යම් ඇබ්බැහීන් තමයි ඒ. ඒ වගේ දේවල් සමහරවිට ලෝකයෙ හැමදෙනාටම පේන්නෙ නෑ.

මේ කියන දේවල් අඩුවැඩි වශයෙන් අපිටත් තියෙන්න පුළුවන්ද? වැඩපලේ ඉන්න අය එක්ක කතා කරන්න වෙන්නෙත් සමහර වෙලාවට රාජකාරි දෙයකට විතරයි. නැත්තං social media පිහිටෙන් තමයි. මේ සමාජ දුරස්තභාවය අපිට නැද්ද?. ගෙදර හැමදෙනාම හිටියත් phone එක, කම්පියුටර් එකත් එක්ක අපි ඒ අයගෙන් දුරස් වෙන්නේ නැද්ද?. ඒත් එක්ක ඇතිවන කාන්සිය, මානසික විඩාව, අවපීඩනය දුරු කරගන්න social media 100%ක් ම උපකාර වෙන්නෙ නෑ. ඒක නියම සමාජානුයෝජනයක් නෙමේ. ඉතින් ලොකුවට නැතත් අර වගේ අබ්ලික් සීන් අපේ life එකෙත් තියෙන්න පුළුවන්… නේද.

ඔය විදිහෙ යම් මානාසික වියවුලක් (ව්‍යාධියක්/රෝගයක්) සහිත පුද්ගලයෙක් වටා සිදුවන සිදුවීම් දැක්වෙන film එකක් තමයි මේක. ආදරය, කාමය, තරහව, වැනි චිත්තවේග හමුවේ ගෙවන, ගෙවෙන ජීවිත තුනක්… comedy, drama, romance වර්ගයට අයත් අපේ ජීවිතෙත් යම් හරස්කඩක් විදහා දක්වන වාණිජ අතිනුත් සාර්ථක වුනු මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ James L. Brooks. IMDb 7.7කුත්, කුණු තක්කාලි එකේ 85% වෙද්දි සුපිරි නළු Jack Nicholson එක්ක Helen Hunt ප්‍රධාන නිලි චරිතෙට රඟපාල දෙන්නම academy award ගන්නව. ඉතින් කතාව වැඩිය විස්තර නොකරෙ නිදහස් මනසින් බලන්න කියල. සමහර විට ඔයාගෙ අප්සට් කෑල්ලකුත් බලද්දී මතක් වෙයි. අවුලක් නැත්තං comment පාරක් දාගෙන යන්න…

Comments