EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Athiran (2019) | අභිරහසේ සුල මුල

 

Mystery, Thriller කියන කාණ්ඩයට අයිති වන මේ චිත්‍රපටය නිකුත් වුනේ 2019 අප්‍රේල් 12 වෙනිදා. චරිතාංග රංගණයට උපන් හපන් Fahadh Faasil සමඟින් සුරූපී නිළි Sai Pallavi රංගණයෙන් දායක වන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Vivek විසින්. ඉන්දියානු රුපියල් කෝටි 5ක වියදමකින් නිෂ්පාදනය කෙරුණු මේ චිත්‍රපටය කෝටි 13ක ආදායමක් ලබන්නත් සමත්කම් දක්වනවා. IMDb දර්ශකයේ මේ වන විට 7.1ක අගයක් ලැබී තිබෙනවා. ඒ වගේම මේ චිත්‍රපටය නිෂ්පාදනයට “The System of Doctor Tarr and Professor Fether“, සහ Shutter Island කියන නව කතා යම්තාක් දුරට පාදක කරගෙන තිබෙන බවත් සඳහන්.

කතාව ගැන නම් වැඩිය කියන්න යන්නේ නෑ මොකද මේක අයිති වෙන්නේ Mystery කාණ්ඩයටනේ. ඉතින් කතාව කලින් දැනගත්තොත් වැඩක් නෑ. මෙහෙම කෙටියෙන් කියන්නම්.

නිත්‍යා කියන්නේ මානසික ආබාධයක් තිබෙන දරුවෙක්. හැබැයි ඉතාමත් වංශවත් පවුලකින් පැවත එන විශාල දේපළකට උරුමකම් කියන කෙනෙක්. දවසක් නිත්‍යාව බලාගත්ත එයාගේ නැන්දා, ලක්ෂ්මි ගෙදරින් පිට වෙලා ආපහු එනකොට ගෙදර හිටිය හතර දෙනෙක්ව මරලා දාලා. මළ සිරුරු ලඟට වෙලා නිත්‍යා බලාගෙන ඉන්නවා. මේ තත්වය මත නිත්‍යාව බලාගන්න බැරි නිසා මානසික වෛද්‍ය වරයෙක්ට බාර දීලා ඇයව බලාගන්න කියලා දේපලත් ඔහුට ලබා දෙනවා. අවුරුදු පහකට පස්සේ මේ මානසික රෝහල ගැන පරික්ෂා කරන්න ඩොක්ටර් නායර් කියලා කෙනෙක් එනවා. එතනදී ඔහුට යම් යම් සැක සහිත දේවල් දැක ගන්න ලැබෙනවා. ඒවත් එක්ක තමයි කතාව ගලාගෙන යන්නේ. එහෙනම් වට පිටාව ඇවිස්සුවා ඇති. හරි හැටි දැනගන්න ෆිලුම බලලම ඉන්නකෝ.

Comments