EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Atithi Bhooto Bhava (2022) | සිංහල උපසිරැසි සමඟ

අද ආවේ ටික දවසකට කලින් ආපු හින්දි ෆිල්ම් එකක් අරන්.. පවුලේ සැමටම කිසිම අවුලක් නැතුව බලන්න පුලුවන් චිත්‍රපටියක් තමයි මේක. මෙහි ප්‍රධාන චරිත ලෙස Pratik Gandhi Jackie Shroff හා Sharmin Segal රංඟනයෙන් දායක වෙනවා..

කෙලින්ම කතාව පැත්තට යන්නම් කෝ.. ශ්‍රිකාන්ත් හා නේත්‍රා කියන්නේ එකට ජිවත් වෙන කපල් එකක්.. ශ්‍රිකාන්ත් සම්බන්ධකම් ගැන බරපතල ලෙස හිතන කෙනෙක් නෙමෙයි නේත්‍රා උනත් නිතරම කසාද බදිමු කිව්වාත් ශ්‍රිකාන්ත් නෙමෙයි ගණන් ගන්නේ.. කොහොම හරි දවසක් නේත්‍රායි ශ්‍රිකාන්ත් අතරේ ලොකු රණ්ඩුවක් වෙනවා. ඒ ශ්‍රිකාන්ත්ට නේත්‍රාගේ උපන්දිනේ අමතක විම හේතුවෙන්. කොහොම හරි මෙහෙම රණ්ඩුවෙච්ච රෑ ශ්‍රිකාන්ත් ගිහින් තරහාට හොදටම බොනවා. බිලා ගෙදර එද්දි අරුම පුදුම සිදුවිමක් වෙනවා. මොහුට පාරේදි පුද්ගලයෙක් හම්බවෙනවා. වෙරි මරගාතේ මේ පුද්ගලයාව ශ්‍රිකාන්ත් ගෙදරට අරන් එනවා.. හැබැයි අරන් ආවාට පස්සේ තමයි දන්නේ මේ හොල්මනක් කියලා. මේ හොල්මන පෙන්නේ ශ්‍රිකාන්තට විතරයි. දැන් මේ හොල්මන කවුද? ඇයි එයාව ශ්‍රිකාන්ත්ට විතරක් පෙන්නේ.. මේ හොල්මන ආවාට පස්සේ මේ අයගේ ජිවිත වලට මොනා වේවිද කියලා චිත්‍රපටිය අරන්ම බලන්නකෝ..

Comments

November 26, 2022

Cant download

    Cinesubz November 27, 2022

    Download ගැටලුව විසදා ඇත. නැවත උත්සහ කරන්න..