CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2032 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Attention Please (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Attention Please (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 12, 2021India114 Min.
Your rating: 0
10 1 vote
ATTENSION PLEASE (2021) | කරුණාකර සවන් දෙන්න

IMDB 6.8 ක් තියෙනව කියන්නෙ සැලකියයුතු රේටිං එකක්. මේක එක්තරා විදිහක Experimental වැඩක් කිව්වොත් නිවැරදියි.කොහොමත් මලයාලි ප්‍රේක්ෂකයො මේ වගේ ෆිල්ම් අසා‍ර්ථක වෙන්න දෙන්නෙ නෑ.කොහොම හරි ගොඩ දානවා.ඒ නිසා ඔවුන්ට බය නැතිව අත් හදා බැලීම් කරන්න නිදහස තියෙනවා.මලයාලින්ගෙ රසාස්වාදය විවිධාකාරයි.එහෙම නොවෙන්නLJPල වගේ සිනමා කරුවො කේරලයෙන් බිහි වෙන එකක් නෑ. කොරෝනා කාලෙ නිශ්පාදනය කරපු Joyful Mystery කියන single shot movie එක ගැන අහල තියෙනවද? තනි කැමරාවක එකම ශොට් එකෙන් විනාඩි 85ක් පටිගත කරපු අපූරු මලයාලම් සිත්තමක්. ඒ වගේ විවිධාකාර අමුතුම ඝනයෙ චිත්‍රපටි මලයාලියො බිහි කරනවා.මේකත් එහෙමයි.කලිනුත් මේ වගේ චිත්‍ර පටි කිහිපයක් මම ගෙන ආවා. Aavasavyuham, Nanpaakal Nerathu Mayakkam ඒවත් හිතුවටත් වඩා මලයාලි රසිකයො අතරට ගියා. මේකත් සෙට් වෙන ටික දෙනෙක් හරි ඉඳියි. සිනමාව හදාරන කෙනෙකුට හරි වැදගත් වෙයි.ඒ නිසා බලන්න උත්සාහ කරන්න. මේකෙ විචාරයක තිබුනා’ ටිකක් ඉවසුවොත් මේ චිත්‍රපටිය රසවිඳින්න පුළුවන්’ කියල.

ATTENSION PLEASE (2021) Sinhala Subtitles
මේ චිත්‍රපටියේ දර්ශන තල තියෙන්නෙ දෙකයි.නළුවො හය දෙනයි.ඉතා සීමිත කැමරා ශොට්ස් කීපයක් යටතේ කැමරා ගත වෙන චිත්‍රපටය පුරාවටම වෙන්නේ බෝඩිමක මිතුරන් පස් දෙනෙක් පොඩි මත්පැන් සාදයක් දාන එක. ඉන් එකෙක් සිනමා පිටපත් රචකයෙක් වෙන්න දැඩි උත්සහයක් දරණ තරුණයෙක්. ඒත් ඔහු තවමත් අසාර්ථකයි.ඔහු ඔහුගෙ කතාන්දර සිය මිතුරන් ඉදිරියේ පවසන එක තමයි මුළු කාල සීමාව තුලම වගේ වෙන්නෙ.ඉතිං බෝරිං නොවෙයිද? මාත් එහෙම හිතුවා ඒත් මිතුරන්ගේ විවේචන එකඟ නොවීම් මැද්දෙ සිදුවන එක්තරා ට්විස්ට් එකක් නිසා තමායි මම මේක දිගටම බැලුවෙ

ATTENSION PLEASE (2021) Sinhala Subtitles
ඉතිං මේ කතා කියවිල්ල කම්මැලි නැතිව දිගටම අහ ගෙන මම පෙළඹුනේ මේකෙ තරුණයින්ගෙ ස්වාභාවික රඟපෑම් නිසා කිව්වොත් නිවැරදියි.විශේෂයෙන්ම මෙහි ප්‍රධාන චරිතය රඟපාන විෂ්ණු ගෝවින්දන්ගෙන් නම් මම දකින්නෙ මලයාලි නළුවෙකුගෙන් දැකපු විශිෂ්ඨතම රඟපෑමක්.(මට කුමාර තිරිමාදුරව මතක් උනා). ක්ශේත්‍රය ප්‍රතිශේප වීම මත ඇති වන අපේක්ෂා භංගත්වය හමුවේ සිය මිතුරන්ගේ අවධානය බලාපොරොත්තු වුවත් ඔවුන් ගෙන්ද ලැබෙන ප්‍රතිචාර මත අනපේක්ෂිතව සිය හැසිරීම වෙනත් අතකට හැරවෙන ඔහුටම ආවේණික කතා ශෛලිය තුලින් සමාජයේ වැඩිදුර කතා බහට ලක් නොවෙන ප්‍රශ්ණ ගැන කතා කරතරුණයෙකුගේ චරිතයක් ඔහු රගපාන අතර අනෙකුත් තරුණයින්ගේ රඟපෑමුත් ඊට නොදෙවෙනියි. මෙයට පස්සෙ රේඛා නැමැති චිත්‍රපටය අධ්‍යක්ශණය කල ජිතින් අයිසැක් තෝමස්ගෙක් දෙවන චිත්‍රපටය මේක.

ATTENSION PLEASE (2021) Sinhala Subtitles
ඉතිං මේක නරඹපු කෙනෙක් ඒ තමන්ගෙ ප්‍රතිචාරය දක්වනව් නම් හොඳයි.

Attention Please (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Attention Please (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Attention Please (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Attention Please (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Attention Please (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම BANDULA K (Baiscopelk)
IMDb 6.8 /10 1,586 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Fitoor (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ronth (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Monkey Man (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batti Gul Meter Chalu (2018) Subtitles
Madame Web (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Paayum Puli (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kaalidhar Laapata (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Apostle (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kushi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
I Saw the TV Glow (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Fabelmans (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Achcham Madam Naanam Payirppu (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published