EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

ධනය කියන්නේ මුදල් පමණක්ම නොවේ..

ඔන්න එහෙනම් කාලයක් බලාගෙන හිටපු චිත්‍රපටය අපි උපසිරැසි එක්කම අරගෙන ආවා. මම හිතන්නේ මේකේ කතාව දැන් හැමෝම වගේ දන්නවා ඇති. ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නැති වුනත් කතාවෙ මුල ගැන පොඩ්ඩක් කියන්නම්. පැන්ඩෝරා නැමැති ග්‍රහලෝකයේ තිබෙන ඉතා වටිනා ඛණිජ ද්‍රව්‍යයක් ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින මිනිසුන් කණ්ඩායමක් වටා තමයි කතාව ගෙතිලා තියෙන්නෙ. එම ග්‍රහලෝකයේ සිටින ස්වදේශික නාවි වරුන් වනාන්තරයටම බද්ධ වුණු දිවිපෙවතක් ගත කරන මහා වෘක්ෂයක් වාසස්ථානයක් කර ගත් පිරිසක්. මේ පිරිස සිටින වෘක්ෂයට යටින් වටිනා ඛණිජ ද්‍රවයේ ඉතා විශාල නිධියක් පවතිනවා. වනාන්තරය හා ස්වදේශිකයින් තිබෙන ගැඹුරු බැඳීම තේරුම් නොගන්නා මනුෂ්‍යයන් ඔවුන් එම වෘක්ෂයෙන් ඉවත් වීමට එකඟ කරවා ගැනීමට මිනිසුන් ඔවුන්ට නිවාස පාරවල් සංවර්ධනය යැයි කියාගන්නා දේවල් දෙන්න හැදුවත් ඔවුන් එවා ප්‍රතික්ෂේප කර තිබෙනවා. මේ අතර ග්‍රේස් නම් විද්‍යාඥයා මුල්වී විද්‍යාගාරයේ සිට පාලනය කළ හැකි, මිනිස් ජාන හා නාවී ජාන මුසුකොට නාවී වරුන්ව තනා තිබෙනවා. නාවීන්ට මුසු වෙමින් ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට උත්සහ කර තිබුනත් මේ වන විට ග්‍රේස් ගේ එම උත්සහයද අසාර්ථක වී තිබෙනවා.

මෙතැන් පටන් කතාව ඔබට තේරේවි.

Comments