EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Avatar: The Way of Water (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Billie Ruck, Garrett Warren, James Cameron, Maria Battle Campbell, Richard Baneham, Simeon Jones
Country:United States of America
Year:2022
Subtitle By: ශාන් විමුක්ති [විමා] (Baiscopelk)
Country: United States
Cast
Go Full Cast Pageපුතෙක් වෙනුවට පුතෙක්!
හැමෝම දන්න විධියට මුල් සිනමාපටයේ වගේම දෙවැන්නත් අධ්‍යක්ෂණය කරන්නේ ඒ වගේම කතාව නිර්මාණය කරන්නේ සිනමා ලෝකයේ විස්මිත නිමැවුම්කරුවෙකු වන ජේම්ස් කැමරන් විසින්, අර්ධ විද්‍යාඥයෙක්- අර්ධ සිනමාකරුවෙක් විධියට තමයි ඔහුව ලෝකයා විසින් හඳුන්වන්නේ. මොකද එයා සිනමාපටයක් කරන්න කලින් නොසෑහෙන ප්‍රායෝගික සහ විද්‍යාත්මක ගවේෂණයන් තමන් විසින්ම කරලා බලන නිසා. ඉතිං මේකේ මුල් සිනමපයට එන්නේ 2009 වසරේ, හැබැයි එහි දෙවැන්න වෙන The Way of Water එන්නේ අවුරුදු 13කට පස්සෙ. ඇත්තටම මේක නිකුත් වෙන්න තීරණය කරලා තිබ්බෙ 2015දී, ඊට පස්සෙ 2016 දෙසැම්බර් දක්වා කල් දැම්මා, ඊට පස්සෙ 2017 උනා ඊටත් පස්සෙ 2018දී නිකුත් කරනවා කිව්වා, ඊට පස්සෙ ආයේ 2019 නිකුත් කරනවා කිව්වා ආයේ 2020 වසරේදී නිකුත් කරනවා කිව්වා, ඔන්න යාන්තම් අන්තිමේදී කෙලින්ම 2022 දෙසැම්බර් නිකුත් කරනවා කියල ස්ථිර කරලා ඒ කියපු දවසටම නිකුත් කළා කොහොමින්හරි.
ආබාධිත මැරීන් භටයෙක් වෙලා හිටිය ජේක් සුලිවන් අන්තිමේදී පැනඩෝරාවෙ ස්ථිර වැසියෙක් වෙච්ච විධිය ඔයාලට මතක ඇතිනේ ? ඒ සිනමාපටය තවමත් නරඹලා නැත්නම් අනිවාර්යෙන්ම මේක බලන්න කලින් ඒක බලලා ඉන්න. නැත්නම් කතාව තේරෙන්නේ නැහැ. කැමරන් කියන්නේ නම් මේක එයා නිර්මාණය කරනකොට සෑහෙන්න උනන්දු වුනේ ආදරය සහ පවුලක බැඳීම් ඉස්මතු කෙරෙන අන්දමේ කතාවක් නිර්මාණය කරන්න කියල. කොහොම වුණත් ඉතිං අද මම මේ සිනමාපටයේ කතාව ගැන වචනයක්වත් කියන්නේ නැහැ. කිසිම විස්තරයක් නැතුව ඔයාලව පැන්ඩෝරාවෙ අතරමං කරවන්නයි මට ඕනා.
- Avatar (2009)
- Avatar: The Way of Water (2022)
- Avatar: Fire and Ash (2025)











