EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Bade Miyan Chote Miyan (2024) | “මාතෘභූමිය වෙනුවෙන්..”

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

Bade Miyan Chote Miyan 2024 එහෙමත් නැත්තම් BMCM කියන්නේ මේ වසරේ අප්‍රේල් 11 වෙනිදා ලොවපුරා තිරගතවීම ආරම්භ කරපු ගොඩක් අය බලාපොරොත්තු තියාගෙන හිටපු හින්දි ෆිලුමක්.. මේක හින්දි භාෂාව ප්‍රධාන කරගෙන Tamil, Telugu, Malayalam සහ Kannada කියන භාෂා වලින් හඩ කැවීම් කරල තිරගත වුනා.. මේක අයත් වෙන්නෙ science fiction action-thriller කියන කැටගරි එකට.. ඒවගේම මේක අධ්‍යක්ෂණය කරන්නෙ Gunday (2014), Sultan (2016), Tiger Zinda Hai (2017), Bharat (2019) වගේ ජනප්‍රිය චිත්‍රපට ගොඩක් අධ්‍යක්ෂණය හා තිර රචනය කරපු Ali Abbas Zafar කියන අධ්‍යක්ෂකවරයා විසින්..

 

විස්තරේ පොඩ්ඩක් කියන්නම්..

මාරාන්තියක් ආයුධයක් අරගෙන යන ඉන්දියානු හමුදා රථ පෙළකට වෙස්මූණු දාගත්තු පිරිසක් එකපාරටම පහර දෙනව.. පහරදීල ඒ සේරම සොල්දාදුවො මරල දාල, ඒ මාරාන්තික ආයුධය අරගෙන යනව.. ඒ ගමන් තමයි ඉන්දියන් හමුදා මූලස්ථානයට කතා කරල මේ වෙස් මූණු කාරයන්ගෙ ප්‍රධානිය ගේමක් ඉල්ලන්නෙ.. මේ මෙහෙයුමට යවන්න හොද දක්ෂයො දෙන්නෙක් හොයනකොට, සේවයෙන් අයින් කරල ඉන්න කැප්ටන් රොකී සහ ෆ්‍රෙඩී ව , කර්නල් ආසාද්ගෙ කීමට ආපහු මේ මෙහෙයුම වෙනුවෙන් බදව ගන්න වෙනව.. මෙයාලට හැමෝම කියන්නෙ බඩේ මියාන් සහ චෝටේ මියාන් කියල.. මුලදි වැඩේට අකමැති වෙන රොකී පස්සෙ වැඩේට කැමති වෙලා ගේමට බහිනව..හැබැයි ෆ්‍රෙඩී නම් මේ මෙහෙයුමට එකතු වෙන්න කැමති වෙන්නෙ නෑ.. රොකී මෙහෙයුම කරගෙන යද්දි වෙන ප්‍රශ්නයක් අතර නොහිතූ වෙලාවක මේ මිෂන් එකට ෆ්‍රෙඩී සම්බන්ධ වෙනව.. ඒ සම්බන්ධ වෙන්නෙ කොහොමද කියල ඔයාලම බලන්නකො.. හැබැයි මෙහෙයුමමේ ඉද්දි ෆ්‍රෙඩීට තේරෙනව මේ සේරම ඉන්දියන් හමුදාවයි, එයාලව කොටු කරගන්නයි දාපු උගුලක් කියල.. එතකොටත් පරක්කු වැඩියි.. වෙස්මූණු කාරයෙක් ඇවිල්ල මේ මෙහෙයුමේ ඉන්න හැමෝම අල්ලගන්නව.

කව්ද මේ වෙස්මූණුකාරයො.?
මොකටද මේ ෆ්‍රෙඩී රොකීවයි කොටුකරගන්නෙ.?
මේක හමුදාව එක්ක තියෙන පරණ කෝන්තරක් වෙන්න බැරිද.?

මේ වෙස්මූණු කාරයට සම්බන්ධ අයගෙ කටේ නිතරම තියෙන වාක්‍යයක් තමයි “අලුත් හතුරෙක් ගොඩක් වෙලාවට පරණ මිතුරෙක් වෙනව” කියන එක… ඔන්න ඔතනින් තමයි මේ සුපිරි ෆිලුම පටන් ගන්නෙ.. විස්තරේ කියෙව්වම නිකන් හොල්මන් වෙලා වගේ ඇති..

දැන් අනිවා ෆිල්ම් එක බලන්න එහෙනම්..

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

Comments